• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝඩයා මාර්ටින් වික්‍රමසිංහද? ටියුෂන් ගුරු තමීරද? Sri Lanka Latest News

January 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මෝඩයා මාර්ටින් වික්‍රමසිංහද? ටියුෂන් ගුරු තමීරද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕනෑම සමාජයක, ඕනෑම යුගයක ‘වැඩ බැරි දාසලා’ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නේ ක්‍රම දෙකකිනි. පළමුවැන්න, තමන්ට වඩා වැඩකළ හැකි මිනිසුන්ව විවේචනය කිරීමය. දෙවැන්න, තමන් නොදන්නා දේවල් ගැන මහා දාර්ශනිකයන් සේ මත පළකිරීමය.Sri Lanka Latest News

අතීතයේ ගම්වල කඩපිලවල් සහ මළගෙවල් අයිති වී තිබුණේ මෙවැනි චරිතවලටය. ‘සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියේ යශෝධරාව එක්ක ප්‍රශ්නයක් තිබුණු නිසා’ යැයි කියමින් බුද්ධ චරිතය පවා තමන්ගේ පහත් මානසික මට්ටමට ඇද දමා විකෘති වින්දනයක් ලැබූ ගැමියෝ එදා සිටියහ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යුගයේද මෙවැනිම චරිතයක් සිටි බව කියැවේ. කෝච්චියේ ඉංග්‍රීසි පත්තරයක් බලමින් යන වික්‍රමසිංහ දෙස බලා, ‘ඔය යකාට ඉංග්‍රීසි බෑ, බොරුවට පත්තරේ දිහා බලන් ඉන්නවා’ යැයි කීම එදා ඒ පුද්ගලයාගේ එකම විනෝදාංශය විය.

එදා සමාජ මාධ්‍ය නොතිබූ නිසා ඒ මෝඩකම්වලට ලැබුණේ සීමිත ප්‍රසිද්ධියකි. නමුත් අවාසනාවකට අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අද ඇත්තේ ස්මාර්ට් ෆෝන් එකක් අතට ගත් සැණින් ඕනෑම මෝඩයකුට ‘ජාතික මත සම්පාදකයෙක්’ විය හැකි ඛේදජනක යුගයකි.

මෑතකදී ටියුෂන් ගුරුවරයෙක් යැයි කියාගන්නා අයෙක් මාර්ටින් වික්‍රමසිංහයන් ‘මෝඩයෙක්’ ලෙස හඳුන්වමින් වීඩියෝවක් නිකුත් කර තිබිණි. ඛේදවාචකය ඇත්තේ ඔහුගේ ප්‍රකාශය තුළ නොව, එය වටා ගොඩනැගෙන ව්‍යාජ රැල්ල තුළය. මෙවැනි ප්‍රකාශයක් දුටු වහාම ඊනියා ‘රැඩිකල්’ යැයි කියාගන්නා රංචුව ඔහු වටා රොක්වී, ‘පැත්ත ගියත් ඇත්ත කියන කොන්දක් ඇති මිනිහෙක්’ යැයි කියමින් ඔහුව කරේ තබාගෙන යාම නූතන විලාසිතාව වී ඇත. මෙය හුදෙක් ප්‍රකාශන නිදහස නොව, අවධානය හිඟාකෑමේ රෝගී තත්ත්වයකි.

ඇත්තටම මාර්ටින් වික්‍රමසිංහ යනු කවුද?
ඔහු අද ඉන්නා බොහෝ ‘උගතුන්’ මෙන් විභාග සමත්වී සහතික එකතු කළ අයෙක් නොවේ. සාප්පුවක ලියන්නෙක් ලෙස ජීවිතය අරඹා, ස්වයං අධ්‍යයනයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ ඔහු, සිංහල සාහිත්‍යය පමණක් නොව විද්‍යාව, දර්ශනය, මානව විද්‍යාව වැනි පුළුල් විෂය පථයන් ජය ගත්තේය. අද වැනි ගූගල් හෝ ඒ.අයි. තාක්ෂණය නොතිබූ යුගයක, ‘සත්ත්ව සන්තතිය’ වැනි විද්‍යාත්මක කෘතියක් ලිවීමම පමණක් වුව ප්‍රාතිහාර්යයකි. 1914දී ‘ලීලා’ නවකතාවෙන් ඇරැඹී වසර 86ක් පුරා විහිදුණු ඔහුගේ ලේඛන දිවිය තුළ ඔහු ලියූ පොත් ගණන 86කි. කෙටිකතා 108කි.

එදා වික්‍රමසිංහට ඉංග්‍රීසි බැරි බව කී ගැමියා අද ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇතත්, වික්‍රමසිංහයන්ට විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි පිරිනැමුණේ නිකම්ම නොවේ. රුසියාව, චීනය වැනි රටවල් ඔහුට ගෞරව කළේ නිකම්ම නොවේ.

වැඩක් කරලා සමාජයේ කැපීපෙනෙන්න බැරිවූ විට, වැඩක් කළ මිනිසකුට මඩ ගසා හෝ ප්‍රසිද්ධ වීමට උත්සාහ කිරීම හීනමානයේ ලක්ෂණයකි. අද වික්‍රමසිංහට මෝඩයා යැයි කියන ටියුෂන් ගුරුවරයාත්, එදා වික්‍රමසිංහට ඉංග්‍රීසි බැහැයි කී ගැමියාත් අතර ඇත්තේ තාක්ෂණික වෙනසක් පමණි. මානසිකව ඔවුන් දෙදෙනාම එකම කාසියක දෙපැත්තකි.
ඉතිහාසය සැමවිටම සාධාරණය. හිමාලයට ගල් ගැසූ පමණින් හිමාලය පාත් වන්නේ නැත. නමුත් කාලයත් සමග ගල් ගැසූ පුද්ගලයා විහිළුකාරයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත. තමන්ගේ ජීවිතය වැය කරන්නේ යමක් ගොඩනැගීමටද, නැතහොත් ගොඩනැගූ දෙයකට බුරමින් අවධානය දිනාගැනීමටද යන්න තීරණය කිරීම නූතන පරම්පරාව සතුය.

මෝඩයා සමාව ගනී

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හට අගෞරව වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. ‘චේගුරා’ යන අන්වර්ථ නාමයෙන් තමන්ව හඳුන්වා ගන්නා රසායන විද්‍යාව උගන්වන තමීර හේරත් ජයසිංහ නමැති මෙම ගුරුවරයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති පන්තියක් අතරතුර මෙම ප්‍රකාශය සිදුකර ඇති බව අනාවරණ වේ. අදාළ වීඩියෝව තුළ මෙම ගුරුවරයා විසින් මාර්ටින් වික්‍රමසිංහයන් ‘මෝඩයෙකු’ ලෙස හැඳින්වීමට කටයුතු කර ඇති අතර, ගම්පෙරළිය වැනි කෘති කියවීමට සිසුන් ප්‍රිය නොකරන බවත්, වික්‍රමසිංහ ‘මහා ගත්කරු’ ලෙස හඳුන්වන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බවත් සිසුන් හමුවේ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ සමාව අයැදිමින් තමීර හේරත් ජයසිංහ නමැති මෙම ගුරුවරයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර තිබේ. එහි අන්තර්ගතය පහත දැක්වේ.

ආයුබෝවන්, සුබ දවසක්. ඉස්සෙල්ලාම කියන්න ඕනෑ සමාවෙන්න කියලා. මම වීඩියෝ එක පටන් ගන්නම්. මම වැරදියි, ඇත්තටම ඕගොල්ලෝ නිවැරදියි. එහෙම කියන්නේ ඊයේ දවසේ මා සම්බන්ධයෙන් යම්කිසි වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. මෙන්න මෙහෙමයි. මම ඒක සංවෘත අවකාශයක් තුළ පන්තියක් ඇතුළේ කරන ලද කොටසකින් උපුටා ගත්ත කොටසක් තමයි වීඩියෝ එකක් විදිහට ටික්ටොක් කරලා එළියට දාලා තියෙන්නේ. ඒක ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඕක වෙන්නේ ඔන්ලයින් මුදල් ගෙවා පන්තියට සහභාගි වන සිසුන්ට අපි වීඩියෝ එකක් දෙනවානේ. ඒ ඇසුරෙන් කරන ලද වීඩියෝ එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් කොහොම වුණත් එතැන ඒ කතාව කියන්නේ මමනේ, ඉතින් ඒ කියන දේවල් හැමදේටම මම වග කියන්න ඕනෑ. ඒ කතාව කියන්නේ මම. එතකොට එතැනදී විෂය කරුණක් පැහැදිලි කිරීම සඳහා ඒ මොහොතේ මට එන උදාහරණයක් විදිහට මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා සහ එතුමාගේ ගම්පෙරළිය කියන පොත කතාවට අරගෙන එතැනදී මම ඒ වචන භාවිත කරන ස්වරය සහ ඉතාම වැඩකට නැති, වැදගත් නොවන, අනවශ්‍ය වචනයක් මම එතැන කියනවා. ඒක මෙතැන නැවත වතාවක් කියන්න බැරි හේතුව ඒකෙන් නැවත වතාවක් අගතියට ලක්වන නිසා. ඉතින් ඒ වචනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මට මා පිළිබඳ තියෙන්නෙත් එක්තරා නුරුස්සනසුලු හැඟීමක්. ඒත් එක්කම ඕගොල්ලන්ට එහෙම හැඟීමක් ඇතිවීම ඉතාම සාමාන්‍යයි. ඉතින් ඒ වචනය හේතුවෙන් අගතියට පත්වෙච්ච, සිත් තැවුලට පත්වෙච්ච සියලු පාර්ශ්වයන්ගෙන් මා සමාව ඉල්ලා සිටිනවා. මට මේ මොහොතේ කරන්න තියෙන එකම දේ ඒක. නමුත් මම දන්නවා සමා ඉල්ලුවා කියලා ඒ වෙච්ච දේ යථා තත්ත්වයට පත්වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු අතින් වැරදි වෙනවා. වැරදි වෙනවා කියන්නේ වැරදි කරන්න අවකාශයක් තියෙනවා කියන එකත් නෙමෙයි කියන එක මම දන්නවා. මට කියන්න තියෙන්නේ මින් ඉදිරියට එවැනි දේවල් නොවන විදියේ වගවීමක්, වගකීමක් මා සතු වෙනවා. කොහොම වුණත් ඉතින් වෙච්ච දේ වුණා. ඒක වැරදියි. ඒ වැරැද්දට සමාව ගන්න එක තමයි මට ඕගොල්ලන්ගෙන් කරන්න තියෙන්නේ. සමාවෙන්න..

SendShareShare
Previous Post

කොටු පනින්න ආසයි…! මං පොලිසියට යන්න හිටියේ… ! දැන් ලව් එකට අවුරුදු හතයි…! හිරුෂාන් හෙට්ටිආරච්චි I Sri Lanka Latest News

Next Post

මුළු කෝවිලම පොළොවට යටවෙද්දී, ඒ පස් කන්ද යටින් එකපාරටම මතුවූ මේ නිල් එළිය මොකක්ද? Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.