යාළුවනේ, මේක අපේ රටේ ඉතිහාසයේ සැඟවුණු, ඒ වගේම ඕනෑම ලාංකිකයෙක්ගේ ඇස්වලට කඳුළු එන ඇත්ත කතාවක්. ලංකාවේ ඇපල් හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න අයට, මේ කතාව ලොකු පාඩමක් වේවි. පිටරටින් ගේන ඇපල් ගෙඩියට රුපියල් දහස් ගණන් යටකරද්දී, අපිටම කියලා සරුසාර ඇපල් වත්තක් තිබුණු ඒ අතීතයට අපි පොඩ්ඩක් ගිහින් එමු.Sri Lanka Latest News
කතාව පටන් ගන්නේ 1960-1977 කාලසීමාවේදී. ඒ කාලේ අපේ රටේ දේශීයත්වයට ලොකු තැනක් ලැබුණු කාලයක්. හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය මාර්ටින් නම් ඒ අභිමානවත් මිනිසාට ඕනෙ වුණා ලංකාවේ ඇපල් වවන්න. බොහෝ දෙනෙක් ඔහුට හිනාවුණා. ‘ලංකාවේ කොහේද බං ඇපල් හැදෙන්නේ?’ කියලා අහපු මිනිස්සු ඉස්සරහා මාර්ටින් නිහඬවම තමන්ගේ සටන පටන් ගත්තා.
ඔහු තෝරාගත්තේ නානුඔය, ග්‍රේට්‌වෙස්‌ටන් කන්ද කෙළවරේ තියෙන මහඌව වතුයාය ආසන්න ප්‍රදේශය. කෘෂිකර්මය ගැන පොතේ දැනුමට වඩා සොබාදහම ගැන ඔහුට තිබුණේ පුදුමාකාර ඉවක්.
අඩි 3000-5000ක් උස මේ කඳුකර ප්‍රදේශයේ පිහිටීම ඇපල් වගාවට දිව්‍ය ලෝකයක් වගේ වුණා. මාර්ටින් මේ තැන තෝරාගත්තේ අහම්බෙන් නෙවෙයි. එක පැත්තකින් වියළි මහියංගනයත්, අනෙක් පැත්තෙන් සීතල ග්‍රේට්‌වෙස්‌ටර්න් කඳු පන්තියත් අතරින් හමා ආපු ඒ සුවිශේෂ සුළඟ ඇපල් වගාවට අවශ්‍ය කරන ‘මයික්‍රෝ ක්ලයිමේට්’ එක නිර්මාණය කළා.
පූජකවරයෙක් මාර්ගයෙන් ගෙන්වා ගත්තු ඇපල් පැළ කිහිපයක්, වියළි ගොම සහ ලුණු ස්වල්පයක් විතරක් පාවිච්චි කරලා මාර්ටින් අවුරුදු 5ක් ඇතුළත ලංකාවම පුදුම කරවපු ‘ඇපල් පාරාදීසයක්’ හැදුවා.
මාර්ටින්ගේ ඇපල් වත්ත ගැන ආරංචිය ලෝකය පුරාම ගියා. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, මහාචාර්යවරු වගේම විදේශීය සඟරා පවා මේ ගැන ලිපි පළකළා. මෙන්න මේ අතරේ තමයි ඔස්ටේ්‍රලියාවෙන් විශේෂ අධ්‍යයන කණ්ඩායමක් ලංකාවට එන්නේ.
මාර්ටින්ගේ වත්තේ හැදුණු, ඔස්ටේ්‍රලියාවේ ඇපල්වලටත් වඩා විශාල, රතු පාට සරුසාර ඇපල් දැකලා ඔවුන් තැතිගත්තා. මොකද, ලංකාව ඇපල් වගාවෙන් ස්වයංපෝෂිත වුණොත්, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙන ඇපල් අපනයනයට ලොකු පහරක් වදින බව ඔවුන් දැන සිටියා.
කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ මෙහෙමයි. මාර්ටින්ට ඉතාමත් සුහදශීලීව සංග්‍රහ කරපු මේ කණ්ඩායම, ඔහුට අමුතු උපදේශයක් දුන්නා. ‘මාර්ටින්, මේකට වඩා හොඳ ඔස්ටේ්‍රලියානු වර්ගයේ පැළ අපි දෙන්නම්, ඒවා මේ ගස් අතරම හිටවන්න’ කියලා ඔවුන් පොරොන්දු වුණා. මාර්ටින් ඒ මිනිස්සුන්ව අවංකවම විශ්වාස කළා.
නමුත් ඒ පැළ සිටුවලා මාස කිහිපයක් යද්දී, මාර්ටින්ගේ දෑස් කඳුළින් තෙත් කරමින්, අවුරුදු ගානක් ඔහු දරුවෝ වගේ හදාගත්ත සරුසාර ඇපල් වත්ත මැළවෙන්න පටන් ගත්තා.
එවක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජෝකින් ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලින් හෙළි වුණේ අතිශය භයානක කරුණක්. ඔස්ටේ්‍රලියාවෙන් එව්වේ ‘හොඳ පැළ’නෙවෙයි. මුළු වත්තම විනාශ කරන්න පුළුවන් ප්‍රබල රෝගකාරකයක් රැගත් ‘වසංගත පැළ’.
ඔස්ටේ්‍රලියාව තමන්ගේ වෙළෙඳාම රැකගන්න, අපේ රටේ ගොවියෙක්ගේ දහඩියෙන් හදපු ඒ ලස්සන වත්ත විනාශ කළා. ඒ වෙද්දී අපේ රටට ඒ වගේ ජාත්‍යන්තර අපරාධයකට විරුද්ධ වෙන්න තරම් හයියක් තිබුණේ නැහැ. අවසානයේ මාර්ටින්ගේ ඇපල් හීනය මහපොළොවටම පස්වෙලා ගියා.
මාර්ටින්ගේ මේ කටුක අත්දැකීම නිසා තමයි 1999දී ලංකාවට ‘ශාක ආරක්ෂණ පනත’ හඳුන්වා දුන්නේ. අදටත් අපේ විදේශගත සහෘදයන් ලංකාවට එද්දී ගුවන් තොටුපළ නිලධාරීන්ගේ ඇස් වහලා රෙදි අස්සේ හංගගෙන ඇපල්, මිදි, දොඩම් ගේන්න උත්සාහ කරනවා.
හිතන්න… ඔබ ගේන ඒ එක පලතුරු ගෙඩියක් ඇතුළේ, එදා මාර්ටින්ගේ ඇපල් වත්ත වනසපු වගේම, මුළු රටේම කෘෂිකර්මාන්තය විනාශ කරන්න පුළුවන් ආගන්තුක පලිබෝධකයෙක් ඉන්න පුළුවන්. ඔබ ඔබේ දරුවන්ට දෙන ඒ පොඩි සතුට, මතු පරම්පරාවටම වන්දි ගෙවන්න සිද්ධ වෙන ලොකු විනාශයක ආරම්භය වෙන්න පුළුවන්.
දේශප්‍රේමියෙක් කියන්නේ වචනවලින් විතරක් නෙවෙයි, රටේ ජෛව විවිධත්වය රැකගන්න නීතියට අනුගත වෙන කෙනාටයි. එදා ‘ඇපල් මාර්ටින්’ට වුණු ඒ අපරාධය නැවත කිසිදාක අපේ රටේ වෙනත් වගාවකට වෙන්න ඉඩ තියන්න එපා.
්පමඑයම










