මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) මහත්මිය අද බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුව තිබේ.Sri Lanka Latest News
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක් වී සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson), විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්තා (Ankuran Dutta), “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුභ පැතුම් පළ කළ අතර එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන්නැයි ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට සහ අමාත්‍යවරයාට එම පිරිස විසින් ආරාධනයක් ද කර තිබේ.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.










