රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරු විසිනි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.










