දිට්වා සුළි කුණාටුව තුළින් අපේ රටේ නිර්මාණය වූ මහා ව්‍යවසනය තුළ අති විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත් රජයේ පාර්ශ්වයේ බොහෝ දෙනා කුමන කාරණයක් කිව්වත් මේ පාඩුව මගහරවා ගෙන ඉන් ඔබ්බට ශීඝ්‍රගාමීව ධනාත්මක ඉදිරියට යාමට ජාත්‍යන්තර ආධාරක සමුළුවක වැදගත්කම ඇති බවත් මේ ගැන කතා කරන විට ආණ්ඩු පාර්ශ්වය මේ ගැන තැකීමක් නැති බවක් දක්නට ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලෝක බැංකුව කළ Global Rapid post Disaster Damage Estimation එක අනුව යටිතල පහසුකම් පමණක් ඇ. ඩොලර් බිලියන 4.1ක් බවත් අප රටට දැනට ලැබුණු ආධාර ගණන වන්නේ ඇ. ඩොලර් බිලියනකට ආසන්න මුදලක් බවත් ජීවනෝපාය කඩා වැටුණු කර්මාන්ත වෘත්තීය ආදී ක්ෂේත්‍ර රැසක් විනාශ වී ඇති නිසා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පොරොන්දු වට්ටටෝරුව අකුරුටම ඉටු කරන ලෙසට ඉල්ලා සිටින බවත් කියපු දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අමතරව ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කරා යන ලෙසත් කල් නොදමා ලෝකයේ අවධානය ලබා ගන්නා ලෙසත් ඊට අමතරව IMF එක සමග සාකච්ඡා කර IMF කොන්දේසි වෙනස් කර ගන්නා ලෙස නැවත වරක් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොරෝනා සමයේ බැංකු පද්ධතිය ලැබූ අසීමිත ලාභයෙන් කොටසක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දෙන්න
පසුගිය කාලයේ අප රටේ දළ දේශීය නිෂ්පාදනයට 52%කට දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මරු උගුල් රැසකට හසු වී බරපතල අසාධාරණ රැසකට මුහුණ දී ඇති බවත් කෝවිඩ් කාලය ප්‍රමුඛ කර ගෙන පසුගිය කාලයේ අප රටේ වානිජ බැංකු සුපිරි ලාභයක් ලබා ඇති බවත් ගණනය කිරිම් අනුව බිලියන 304ක ලාභය බිලියන 467 දක්වා වැඩි වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පෙන්වා දෙන බවත් මේ ව්‍යවසායකයන් වී ඇති අසාධාරණය වෙනුවෙන් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න නියමිත බවත් මහබැංකු අධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් බැංකු පද්ධතිය කෝවිඩ් කාලයේ අසීමිත ලාභයක් ලැබූ නිසා එහි සහන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුධ සමයේ මායිම් ගම්මාන රැකි සිවිල් ආරක්ෂක බලකායට කුඩම්මාගේ සැලකිලි එපා
යුද්ධය කාලයේ මායිම් ගම්මාන ආරක්ෂා කරන්න සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය සුවිශේෂී කාර්යක් ඉට කළ බවත් පසුගිය කාලයේ 34000ක් වන මේ පිරිසට එක් අයකුට ලක්ෂ 30 බැගින් තුට්ටු 2 වන්දියක් ලබා දී ගෙදර යවන්න උත්සාහ කළ අවස්ථාවේ විපක්ෂය මැදිහත් වී එය නතර කළ බවත් මොවුන් ද අප රට රැකි රණවිරුවන් බවත් අද වන විට තමතමන්ගේ බල ප්‍රදේශවල සිවිල් ආරක්ෂක නිලධාරීන් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දුරබැහැර පොලිසිවලට බලහත්කාරයෙන් අනියුක්ත කර ඇති බවත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 53000 ආදායමක් ලබන අයගේ ආදායම හා දීමනා පොලිසියට අනියුක්ත කිරීම නිසා ආදායම 24000-30000 දක්වා අඩු වී ඇති බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
වාහන ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු ගැනත් බලන්න
මෙරට වාහන ආනයනකරුවන් දිට්වා සුළි කුණාටුව සමග වාහනවලට තිබෙන ඉල්ලුම පහත යෑම තුළ ඒ අය බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවත් ආනයන වාහන දින 90ක් තුළ විකුණා ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය නිසා 3%ක දඩයක් එසේ නොවුවහොත් ගෙවන්න සිදුවන නිසා මේ ගැන සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලෙසත් මේ දඩය 1% දක්වා අඩු කරන ලෙසත් මේ දඩය අය කිරීම දින 90කින් පසුව ක්‍රියාත්මක කරනවා වෙනුවට මාස 6ක විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ න










