නිශ්චිත තත්ත්වයක් මත හදිසි නීතිය දීර්ඝ කරන බවත් ආපදා තත්ත්වය තවමත් වෙනස් නැ කියල අගමැතිනිය කියන බවත් මේ සුලි කුණාටුව වෙලාවේ රජය 2005 අංක 13 දරන ව්‍යවසන කළමනාකරණ පනත අනුව ව්‍යවසන තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකළ බවත් විපක්ෂය මේ ගැන කිව්වත් රජය ක්‍රියාත්මක නොකළ නිසා මේ හදිසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසන්න හදිසි නීති රෙගුලාසි සම්මත කරන්න විපක්ෂය එකග වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි නිර්මාණය වූයේ පාස්කු ප්‍රහාරය හා අරගල සමයේ ඇති වූ තත්ත්වය මත බවත් ඒ තත්ත්වය දැන් ආපදා සඳහාද ක්‍රියාත්මක කරන බවත් බියෙන් සැකෙන් තොරව කඩිනමින් සහන දෙන්න හදිසි නීතිය ගෙන ආවත් මේ තුළ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ අරගල සමයේ තිබු හදිසි මහජන පාලන රෙගුලාසි අඩංගු කරුණු ඇති නිසා මෙය වහා සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් පැවසීය.
රු.25000, රු.50000 සහනාධාරය හෙක්ටයාරයකට දෙන මුදල්, ලක්ෂ 50, ලක්ෂ 25 සහනාධාරය ආදී වශයෙන් චක්‍රලේඛය හරහා දෙන සහන ඉදිරිපත් කර ඇති බවත් මේ රෙගුලාසි වගන්තිවල මේ සහනාධාර දෙන ආකාරය පැහැදිලි නැති බවත් හමුදා සාමාජිකයන්ට සෝදිසි කිරීම, මහජන කැළඹීම්, මහජන ආරක්ෂාවට බලපාන දැන්වීම් ඇලවීම, මහජන කැලබිය හැකි ආකරයේ කටකතාවලට ගන්නා තීරණද ඇති බවත් මේවා ආපදවට ගැලපෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ හදිසි අවස්ථා නියෝග ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී ඇති තීන්දුව බලන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් පනවන රෙගුලාසි සහ අරමුණු සමානුපාතික විය යුතු වුවත් එය මෙහි නොමැති බවත් පවතින නිතියෙන් හදිසි අවශ්‍යතා සම්බන්ධ විශේෂ කාර්යක් සිදු කිරීම, අත්‍යාසන්න අවස්ථාවල දී හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමත් රාජ්‍ය බලය අවභාවිත කර මහජන පීඩාව නොකළ යුතු බවට එහි සදහන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එම නිසා ජනතාවට සහන ලබා දෙන වගන්ති ක්‍රියාත්මක කළ යුතු බවත් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නිකුත් කරන නිවේදනයක් අනුව මේ හදිසි ආපදා තත්ත්වය දෙසැම්බර් 15 අවසන් බවට ප්‍රකාශ කර ඇති බවත් මේ අවස්ථාවේ විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීති අවශ්‍ය නොවන බවත් 2005 ව්‍යවසන කළමනාකරණ පනතේ මේවා හරියට සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










