අමෙරිකාව වෙනිසියුලාව ඉලක්ක කර සිදු කළ ආක්‍රමණයේදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා අපූරු සටහනක් තබා තිබුණා. එය පහත දැක්වේ.Sri Lanka Latest News
විදේශ කටයුතු අමාත්‍යංශය හරස්පද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරලා.
පුළුවන්නම් විසඳන්න…
වෙනිසියුලාවට මොකද වෙලා තියෙන්නේ?
ඇයි සමීපව නිරීක්ෂණය කරන්නේ?
එහේ භූමිකම්පාවක්ද, සුළි කුනාටුවක්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොකක්ද කළ අවුල?
සහනාධාර දුන්නේ නැද්ද?
ඉස්සර ගුවන්විදුලියේ “විනාඩියක් පමණයි” කියලා වැඩසටහනක් තිබුණා. ඒකේ මාතෘකාවක් දෙනවා කතා කරන්න, තහනම් වචනයක් එක්ක.
නැවත ඒ වැඩසටහන ආරම්භ කළොත් විදේශ කටයුතු ඇමතිතුමයි ලේකම්තුමයි ඒකට සහභාගී කරවමු.
ඇමරිකාව තහනම් වචනය කරලා වෙනිසියුලාව ගැන කතා කරන්න කිව්වත්, විනාඩියක් නෙවෙයි විනාඩි 20-30ක් උනත් කතා කරයි.











