ඇමරිකානු අත්අඩංගුවට ගෙන සිටින වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාවට ගෙන යන බවත් එහිදී ඔහුට අපරාධ චෝදනා ගොනුකරනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබෙනවා.Sri Lanka Latest News
මදුරෝ මේ වන විට ඇමරිකානු භාරයේ පසුවන බැවින්, වෙනිසියුලාව තුළ මින් ඉදිරියට තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි රාජ්‍ය ලේකම් රුබියෝ විශ්වාසය පළ කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඔහු සමඟ පැවැත්වූ දුරකතන සංවාදයකින් අනතුරුව අමෙරිකානු සෙනෙට් සභික මයික් ලී විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබුණා.
මදුරෝට ඇමරිකාවට ගෙනයනු ලබන්නේ ඔහුට එරෙහිව ඒරට පවතින අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා බවයි රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එදින රාත්‍රියේ හමුදාමය ක්‍රියාකාරකම් සිදු කළ බවට ලේකම්වරයා පවසා තිබෙනවා.
මෙම ක්‍රියාමාර්ගය ඇමරිකානු ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය (Article II) යටතේ, තම නිලධාරීන් හදිසි ප්‍රහාරයකින් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සිදු වූවක් බව සඳහන්.
මාර්කෝ රුබියෝ මීට පෙර චෝදනා කර තිබුණේ මදුරෝ වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස නොසළකන බවත් ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල ආණ්ඩුව නොවන බවත්, ඔහු ලොස්-සෝලෝස් නමැති මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කල්ලියක ප්‍රධානියා ලෙස අමෙරිකාව හඳුන්වන බවයි.










