ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුණු අන්ත පරාජයකට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවෙන් එම පක්ෂයට හිමිවූ එකම මන්ත්‍රී ආසනයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් කරමින් සිටින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට පරාජිත මන්ත්‍රීවරුන් අතර ව්‍යාජ ගැටුමක් නිර්මාණය කොට එම ආසනය තමන් සතු කරගැනීමට වික්‍රමසිංහ මහතා සැලසුම් සකස් කරමින් සිටින බවකි.
ඒ අනුව දැනටමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ වැන්නන් අතර මෙම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට සටනක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
එම ව්‍යාජ සටන අවසානයේ එම ආසනය තමන් සතු කර ගැනීම වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක පක්ෂයෙන් ජන්දය ඉල්ලා පරාජයට පත්වූවකුට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට පියවර ගෙන නොමැත.










