අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අසැබි වෙබ් අඩවියක සබැඳියක් මුද්‍රණය වී තිබීම හේතුවෙන් රට තුළ මතුව ඇති ආන්දෝලනය හමුවේ වහාම අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් දැඩි බලපෑම් පක්ෂ මූලස්ථානය වෙත එල්ල වෙමින් පවතින බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News
ඊට ප්‍රතිචාර දක්වමින් මතුව ඇති තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා හරිනි අමරසූරිය මෙනෙවිය අගමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ප්‍රබල සාකච්ඡාවක් මතුව ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පැලවත්තෙන් දැනුම්දීමක් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව, ජවිපෙ යෝජනා කොට ඇත්තේ හරිනි අමරසූරිය අගමැති ධුරයෙන් ඉවත් කොට ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක මහතා හට අගමැති ධුරය ලබාදෙන ලෙසටය.
නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවරය වී ඇත්තේ පවතින අර්බුදය හමුවේ බිමල් රත්නායක මහතාට අගමැති ධුරය ලබාදුනහොත් ජාත්‍යන්තරයෙන් යම් යම් බලපෑම් එල්ලවිය හැකි බැවින් අගමැති ධුරය මධ්‍යස්ථ චරිතයක් වෙත ලබාදීමටය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ තෝරාගැනීම වී ඇත්තේ වත්මන් විදේශ අමාත්‍ය ධුරය දරන විජිත හේරත් මහතාය.
යම් හෙයකින් එසේ විජිත හේරත් මහතා හට අගමැති ධුරය ලබාදුනහොත් අගමැති ධුරයෙන් ඉවත් කරන හරිනි අමරසූරිය මෙනෙවිය හට විදේශ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළත යළිත් වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත.










