ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන ඉහළ පෙළේ දූත කණ්ඩායමක් ඉදිරි දිනවලදී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධය නොතකා මාලිමා ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම හේතුකොට ගෙන මෙසේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලංකාවේ සංචාරය කිරීමට හේතුවී ඇති බව පැවැසේ.
එම සංචාරයේදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුව විසින් මෙසේ නිදහස් කළ මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
එමෙන්ම වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් සහ ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් නව යෝජනා සහ කොන්දේසි කිහිපයක්ද මෙම සංචාරයේදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් ලංකාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවක්ද වාර්තා වේ.








