• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුතාගේ ජීවිතය බේරගන්න ජීවිතය පරිත්‍යාග කළ වැලිගම දොස්තර තාත්තා! Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පුතාගේ ජීවිතය බේරගන්න ජීවිතය පරිත්‍යාග කළ වැලිගම දොස්තර තාත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සතුටින් ආරම්භ වුණු දවසක අවසානය, ජීවිතය පුරා අමතක නොවන දුක්ඛිත මතකයක් බවට පත්වීම කනගාටුවට කරුණක්. පියා තමාගේ බිරිඳ සහ දරුවන් අරගෙන මුහුදු වෙරළේ සුන්දරත්වය නරඹන්න ගියේ මොහොතකට හෝ ජීවිතයට සතුටක් ළං කරගැනීමේ අපේක්ෂාවෙන්. ඔවුන් සැරසුණේ ජීවිතය විඳින්න. නමුත් සිද්ධ වුණේ අනෙක් අයට ජීවිතය විඳවන්න ඉතිරි කර පියා ජීවිතයෙන් අනපේක්ෂිත ලෙස සමුගෙන යෑමටයි.Sri Lanka Latest News

මෙලෙස අනපේක්ෂිත මොහොතකට මුහුණපෑවේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවය කළ තේජා ජයසේකර මහතායි. මේ වෛද්‍යවරයාගේ ගම වුණේද වැලිගමයි. වැලිගම දිසා රෝහලේ සේවය කළ ඔහු රෝගීන්ට ඉතා කාරුණිකව සැලකූ වෛද්‍යවරයෙක්. ඔහු බොහෝ දෙනෙකුට ජීවය දුන්නා. කොරෝනා වසංගත අවස්ථාවේ පවා ඔහු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ රෝගීන් දසදහස් ගණනක් වෙනුවෙන් සිය කාලය කැපකර සේවය කරනු ලැබුවා. ඒ අවස්ථාවේ පවා ඔහුට රාජකාරිය එපාවන තරමට බාධා ඇතිවුවත් ඒවා දරාගෙන සේවය කරනු ලැබුවේ මිනිස්සුන්ට තියෙන ආදරය නිසාමයි. කොවිඩ් සමයේ වැලිගම ජනතාවට මේ වෛද්‍යවරයා, මහජන සෞඛ්‍ය නිලධාරිවරයා ලෙස ඉටුකරන ලද මෙහෙවර තවමත් එම ප්‍රදේශයේ ජනතාව සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයෙනි.

වෛද්‍යවරයා සිය පවුල සමග පසුගිය නත්තල්දා මෙම අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන යෑම කාගේත් හදවත කම්පනයට පත්කරනු ලැබුවා. විවේකී මොහොතක් ලැබුණු ගමන් ඔහු කළේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග සතුටු වීමයි. නත්තල කියන්නේ බොහෝ දෙනකුට විවේකයක් ලැබෙන දවස්. එසේ වුවත් වෛද්‍යවරයෙක් කියන්නේ එහෙම නිවාඩු තෝරා බේරාගෙන කටයුතු කරන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි. ඒත් මේ තේජාන් වෛද්‍යවරයාට විවේකයක් ලැබුණු නිසා තමන්ගේ බිරිඳවත් දරුවන්වත් සතුටු කරන්න මිරිස්ස වෙරළට ගියේ හිතේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. ඔවුන් ඒ මොහොතේ ඒ සතුට වින්දත් අනපේක්ෂිත ලෙස මිරිස්ස වෙරළම නපුරු රළ පහරක් බවට පත්වුණා. රළින් රළ විශාල මුහුදු රළ පහරක් බවට පත්ව තිබුණා. මේ වෙරළේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විනෝද වීමට පැමිණීම සුලබ දර්ශනයක්. ගතවුණේ නිමේෂයකි. තප්පර කිහිපයක් තුළ සිදුවූ දේ මොවුන්ට හිතාගන්නටවත් බැරිව ගියේ ජීවිතයේ හිස්තැනක් ඉතිරි කරමිනි. මේ වෛද්‍යවරයාව මුහුදු රකුසා ඩැහැගත්තේ කාටවත් වචනයක් කීමටවත් ඉඩ ඉතිරි නොකරයි. ඔහුව වහාම මාතර මහ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ජීවිතයෙන් සමුගෙන තිබුණා.

වෛද්‍ය තේජාන්ගේ බිරිඳ වන තිළිණි කුමාරි හදවතේ කැකෑරෙන වේදනාව ඉකිගසමින් පිටකළේ මෙලෙසයි.
‘මගේ අතින් අල්ලගෙන කරට අත දාගෙන මාව එක්කන් ගියේ. මමයි මැරෙන්න යන්නේ කියලා කිව්වා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. අපි කෑම බීමත් අරන් ගිහින් තිබ්බා. අපි ඒවාත් වෙරළට ඇවිත් කකා හිටියේ. මමත් ගොඩට ආවා. ගොඩාක් කට්ටිය මුහුදු රැල්ලේ උඩ පැන පැන හිටියා. මටත් කිව්වා එහෙට යමු කියලා. ගොඩාක් ගැඹුරක් තිබුණේ නැහැ. එයාගේ ඉණ හරියට විතර වතුර තිබ්බේ. ගැඹුරු නැහැ. මං ඉන්නවනේ කියලා කිව්වා. එච්චර ආදරයෙන් කතාකරලා කරට අත දාගෙන මාව එක්කන් ගියේ. ඒ කතා කළ නිසාමයි මම ගියේ. මට එච්චර පීනන්නත් බැහැ. මම රැල්ලේ උඩ පැන පැන ඉන්නකොට එයා මට කිව්වා ඔහොම නෙවෙයි රැල්ල එන‌කොට උඩ පනින්න කියලා. මට එවාත් කියලා දුන්නා. එක පාරට ලොකු රැල්ලක් ආවා මගේ මට්ටමටත් වඩා උඩට ගියා. මම එතකොට පස්ස හැරිලා බැලුවා. මට මීටර 10ක් විතර පිටිපස්සෙන් එයා හිටියා. මම රැල්ලට මුහුණ දෙන්න ඉස්සරහ පැත්ත බලාගෙන හිටියා. එයා ගැන බලන්න මට බැරිවුණා. මාව ගිලෙන්න යනවා වාගේ මට දැනුණා. මට අඩිය ගහන්න බැහැ වතුර පිරිලා. ඒ තරමට මම අත්දෙකත් උස්සලා වැනුවා. ඒත් කාටවත් ඒක පෙනුණේ නැහැ. මට මීටර 25ක් විතර එහායින් ෆොරිනර් කෙනෙක් හිටියා. මම එයාට කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. එයා මං ගාවට ඇවිල්ලා මාව අල්ල ගත්තා. එයාට මාවත් අරන් පීනගෙන ගොඩට යන්න බැහැ.

මම එයාට කතා කරලා කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. ඒ දෙන්නා මාව කකුල ගහන්න පුළුවන් මට්ටමට වෙනකල් අරන් ගියා. පස්සේ මම හිතුවා තේජාන් පීනන්න දන්නවනේ එයාට කරදරයක් නැහැ කියලා. මම හිතුවා මමයි මැරෙන්න යන්නේ කියලා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. වෙන ෆොරිනර් කෙනෙක් පුතාව අරගෙන එනවා. ඊට පස්සේ මම ඇහුවා පුතේ තාත්තා කෝ කියලා. තාත්තා නැහැ කිව්වා. මට පේනවා තේජාව හොයාගෙන අනිත් අය ගොඩක් දුර යනවා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ බෝට් එහෙක දාගෙන එයාව අරන් ආවා. එයා කටිනුයි නහයෙනුයි සෙම දැම්මා. එයාට පීනගන්න බැරිවෙලා….’

වෛද්‍යවරයාගේ දේහය වැලිගම වල්ලිවල පිහිටි නිවසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර තිබීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකරනු ලැබුවා.
මේ පියා තමන්ගේ පුතාගේ අත අල්ලගෙන මුහුදට ගියේ විශ්වාසයෙන් මං පුතාට ඉන්නවා කියලායි. ඒ තාත්තාගේ හදවතේ තිබුණේ සදාකාලික ආදරයයි. තමන්ගේ දරුවා ආරක්ෂා කරලා තමන් මේ ලෝකෙන් සමුගත්තත් කමක් නැහැ කියන හැඟීමයි ඔහු තුළ තිබුණේ. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත ලෙස මුහුදු රළ දරුණු වුණා. පියාගේ ශරීරය නොපෙනී ගියා. ඒ ගියේ තමන්ගේ පුතාට මේ ලෝකය ලස්සනට ජීවත් වෙන්න ඉතිරි කරමිනි. අවට සිටි අය පියාව ගොඩට ගෙනාවත් ඔහු ඒ වනවිටත් ජීවිතය හැරගොස් තිබුණා. පියා ජීවිතයේ දුන් ආදරය කැපවීම ආරක්ෂාව ඒ සියල්ල අදත් පුතාගේ ජීවිතය තුළ ජීවමානයි. කවදා හරි මේ පුතා උස්මහත් වෙලා මුහුද දකින හැම අවස්ථාවකදිම කඳුළු වැටෙන බව නම් නොඅනුමානයි.

වෛද්‍යවරයකු රටට වටිනවා වගේම වැඩියෙන්ම ඒ අඩුව දැනෙන්නේ තමන්ගේ ආදරණීයයන්ටයි. මේ වෛද්‍යවරයාට තමන්ගේ දරුවාට තමන්ගේ ජීවිතය දෙවැනි කොට සලකලා රැකගෙන මේ පියා යන්නම ගියා. ඒ කතාව තමයි බොහෝ දෙනකුගේ හදවතට දැනුණේ. පියෙකු කියන්නේ දරුවන්ට සඟවලා ආදරේ දෙන කෙනෙක්. අම්මලා වගේ තාත්තාලා දරුවන්ට ආදරේ පෙන්නන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ නිසාම තමයි මේ වගේ කැපකිරීමක් කරලා තමන්ගේ දරුවාව රැකලා ඔහු යන්නම ගියේ. නැත්නම් අද වෙකොට මේ දරුවත් මේ ලෝකේ නොහිටින්නට තිබුණා. ජල පහරෙන් පුතාව මුදාගන්න මේ පියා වතුරත් එක්ක පොරබදන්නට ඇති. තමන්ගේ දරුවාව රැකගෙන යළි ජීවත් වෙන්න වරම් ලබාදෙන්නට ඇති. ඒත් මේ පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. බොහෝ දෙනකුගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවේ මේ පුංචි පුතාගේ වචනයි. ඒ, ‘තාත්තා මාව කකුල් දෙකෙන් උස්සලා ගොඩට දැම්මා’.

ඔහු වෛද්‍යවරයෙක් ලෙස ජීවිත දසදහස් ගණනකට හුස්ම ගන්න සලස්වන්න ඇති. තේජාන් වෛද්‍යවරයා මියයන විට 49 වැනි වියේ පසුවුණා. ඔහු වැලිගම රෝහලට පමණක් නොවෙයි මුළු රටටම ඉමහත් සේවයක් කළ වෛද්‍යවරයෙක්. මෙතුමා රෝහලේ වැඩ භාරගන්නා විට බොහෝ වෛද්‍ය උපාංගවල වගේම සේවකයන්ගේ අඩුවක් තිබුණා. ඒ සියලු දේවලට කඩිනම් විසඳුම් ලබාදෙන්න බොහෝ කැපවීමෙන් සේවය කළා ඔහුට උවමනා කරලා තිබුණේ මේ රෝහල දියුණු තත්ත්වයට ගෙනල්ලා ගම දියුණු කරන්නටයි.
දරුවකු වෙනුවෙන් පියකුට කළ හැකි ඉහළම පරිත්‍යාගය ඔහු කළා. අවසාන මොහොතේ තෝරාගත්තේ තම දරුවාගේ ජීවිතයයි. ඒ මරණය පරාජයක් නොව පියාගේ ආදරයේ උත්කෘෂ්ට ජයග්‍රහණයයි. යළි උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

2029ට බණ්ඩාරනායකවරුන්ගේ රොස්මිඩ් වලව්වෙන් විමුක්ති එනවා!  I Sri Lanka Latest News

Next Post

මහ රෑ වෙනිසියුලාවට පැනලා මදුරෝ උස්සගෙන ගිය ට්‍රම්ප් මෙහෙයුම ජවිපෙ තරයේ හෙළාදකී! පාලකයන් තීරණය කිරීම් බලය ඇත්තේ ජනතාවට මිස වෙන කාටවත් නොවේ!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.