• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ-එජාප එකතු වෙනවා! සුබ පණිවුඩය සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් අලුත් අවුරුද්දේ පළමුවැනිදාම එයි! ජනතාව කැමැති නායකයා සජිත් ප්‍රේමදාස! I Sri Lanka Latest News

January 1, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘නව වසරේ ධාර්මික පාලකයෝ රටේ බිහිවේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම වංචාවෙන් , දූෂණයෙන් තොර රට පාලනය කරන කණ්ඩායමක් බිහිවේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා.

පසුගිය වසරේ ඇතිවුණ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමේදී ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන පැහැදිලි භාවයක් නැහැ. ඒ වගේම ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ඊට සුදානම් වෙනවා වගේම ආපදා තත්ත්වයකින් පසු සුදානම් වීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. ආණ්ඩුවේ පෙර සුදානම නොමැතිවීම හේතුවෙන් විශාල ජිවිත සහ දේපළ ගණනක් රටට අහිමි වුණා. ආපදාවෙන් විපත පත් ජනතාවට සහන පැකේජයක් ලබාදෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පොරොන්දු වුණා. නමුත් එම සහන පැකේජ තවමත් බහුතරයක් ජනතාවට ලැබිලා නැහැ. ආපදාවෙන් විපත් පත් ජනතාවගේ තොරතුරු එකතු කරගන්නත් ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.

ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබෙනවා. මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටුවුණාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කරන බව ජාතික ජනබලවේගය පැවසුවත් තිබුණ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ගෙන යන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් දක්ෂිණාංශික ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තානම් රට විශාල දියුණුවෙන් දියුණුවට පත්වෙලා. ඒ වගේම රටේ ආර්ථික ප්‍රතිපත්තිය විනාශ වෙන්න ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියත් බලපෑවා.

ඒ වගේම රටේ දෙවතාවක් කැරලි කෝලාහල ඇතිවුණා. ඒ කැරලි වලින් ජිවත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා. රජයේ දේශප විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වුණා. මේ විනාශයට වගකිවයුතු කණ්ඩායම රටේ බලය ලබාගෙන තිබෙනවා. ක්‍රමයේ වෙනසක් ඇති කරන බව පවසා බලය ලබා ගත් ඒ කණ්ඩායම පරණ ක්‍රමයේම ගමන් කරනවා.

ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය මර්දන කටයුත්තක නිරත වෙනවා. ආණ්ඩුවට මාධ්‍ය විවිධ තර්ජන එල්ල කරනවා. කෙසේ නමුත් ඉතිහාසයේ මාධ්‍ය මර්දනය කළ ආණ්ඩු සියල්ල කඩාගෙන වැටිලා තිබෙනවා. ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. මාධ්‍ය මර්දනයට සමගි ජනබලවේගය එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. කෙසේ නමුත් ආණ්ඩුව මාධ්‍යයට එල්ල කරන තර්ජන නතර නොකළහොත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය ජනතාව සමඟ පාරට බහින්න සුදානම්. ආණ්ඩුව ප්‍රකාශ කළ බොරු මාධ්‍ය මගින් ප්‍රචාරය කර මාධ්‍ය මර්දනය කර ගමනක් යන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. මාධ්‍ය ආයතනවලට විරුද්ධව පොලිසිය හරහා විදුලි සංදේශණ නියාමන කොමිසමට පැමිණිල කරනවා. ආණ්ඩුව නොසුදුසු වැඩක් සිදුකරන්නේ. ආණ්ඩුව නොහැකියාව වහාගන්න මාධ්‍ය ආයතන මර්දනය කරන්න ආණ්ඩුව සැරසෙනවා.

ඒ වගේම ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉටු කළාදැයි ප්‍රශ්නයක් තිබෙනවා. ජනතවාගේ ජිවන වියදම වැඩි නිසා වැට් බද්ද අඩු කරන බව ජාතික ජනබලවේග රජය ප්‍රකාශ කළා. නමුත් තවමත් එය සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. විදුලි බිල අඩුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා නමුත් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කළා. ලෝක වෙළදපලේ ඉන්ධන මිල අඩු වුණත් ආණ්ඩුව ඉන්ධන මිල අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න කටයතු කරලා නැහැ. ඒ වගේම ගොවින්ට තවමත් පොහොර සහනාධාරය ලබාදෙන්න රජය කටයුතු කරලා නැහැ. මැතිවරණ පොරොන්දු වලින් එකක්වත් ආණ්ඩුව ඉටුකරලා නැහැ.

ඒ වගේම සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. විශ්ව විද්‍යාල සිසුන් පාරට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණයි. කෙසේ නමුත් උපාධිධාරීන්ට රැකියා ලබාදීම බොරු පොරොන්දුවක් බවට පත්ව තිබෙනවා. උපාධිධාරීන්ට රැකියා දෙන්නේ තරඟ විභාග වලින් සමත්වුණොත් පමණක් බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රජයේ සේවකයා අන්ත අසරණ තත්ත්වයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළත් එය ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව බලයට ගෙන එන්න ගුරුවරු විශාල කැපවීමක් සිදුකළා. නමුත් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම දැන් කතා කරන්නෙත් ගුරුවරුයි.

ඒ වගේම රටේ නීතියේ සාධාරණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මතුගම නගර සභාවේ සභාපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කර තිබුණා. නමුත් නීතිඥයින්ට තර්ජනය කළ ජාතික ජනබලවේගයේ කඩුවෙල නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම සේවිකාවකට අයුතු යෝජනා ගෙන ආ බවට චෝදනා එල්ල වුණ ජාතික ජනබලවේගයේ මොරටුව නගරාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය වැටලිම්වලට යන පොලිස් නිලධාරීන්ගේ රැකියාව නැතිවන තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුව දෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දු. රටේ නීතිය සාධාරණය ක්‍රියාත්මක කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

රටට අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍ය කරනවා. ඒ වගේම අලුතින් ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මත ඉදිරිපත් කරන්න ගුරුවරුන්ට අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් ඒ අවස්ථාව ආණ්ඩුව නැති කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රටේ විරෝධයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව මෙවැනි දේවල් සිදුකරන්නද රටේ පාලනය ගත්තේ. මේ සම්බන්යෙන් මහානාහිමිවරුත් විරුද්ධ වී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර තිබෙන්නේ රටේ මතය විමසන්නේ නැතුවයි.

ඒ වගේම වංචාව දුෂණය නැති කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් රටේ ආයතනවල සිදුවන වංචා දුෂණ සොයා බලන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. නමුත් මාස 8 ක් විගණකාධිපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයා විගණකාධිපතිධුරය සඳහා පත් කරන්නයි ආණ්ඩුව සුදානම් වෙන්නේ. 2025 වසරේ රජයේ ආයතනවල සිදුවුණ ගනුදෙනු පිළිබඳව විගණනකාධිපති දෙපාර්තමෙන්තුව විගණනය කළ යුතුයි. නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ප්‍රධානියෙක් නැහැ. ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයා එම තනතුරේ පිහිටුවන්නත් ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. වංචාව දුෂණය නැති කරන්න පැමිණි පිරිස වංචාවට දුෂණයට ඉඩ ලබාදී තිබෙනවා. ඒ වගේම වංචා දුෂණ පනත ගෙන ඒමට කටයුතු කළෙත් යහපාලන රජය. ඒ වගේම රටේ වංචනිකයින් දුෂිතයින් නීතිය හමුවට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වලට සමගි ජනබලවේගය රජයට උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දුෂණ වංචා චෝදනා සඳහා විශේෂ අධිකරණයක් ආණ්ඩුව පිටුවිය යුතුයි.

මේ වසර තීරණාත්මත වසරක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා ගැනීමට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වුණා. ඡන්ද ලක්ෂ 13 කින් ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න නිතියෙන් බාධාවක් තිබෙනවානම් ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න සමගි ජනබලවේගය සුදානම්. පළාත් සභා මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබාදෙයි.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් එකතු විය යුතුයි යන මතයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සිටිනවා. ඒ සඳහා වන සාකච්ඡාවල වගකිම සජිත් ප්‍රේමදාස මහතා ගෙන තිබෙනවා. ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරනවා. ඒ අනුම එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතුවීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතුවෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුලුවන්. ඒ වගේම වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිනතභාවයටත් වටිකාමක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගි ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ගැනීමට හැකි වෙනවා.‘‘

SendShareShare
Previous Post

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කරයි! I Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න කලින් අනුර දළදා සමිදුන් වැඳපුදා ගනී! මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.