දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 500ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.Sri Lanka Latest News
ඊට අදාළ චෙක්පත ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
ලංකා බැංකුව නියෝජනය කරමින් වැඩබලන මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ ජයතිලක, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්.පී රුවන් කුමාර සහ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර දිල්ශාන් ලියනගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය










