සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය යනු සංසන්දනාත්මකව ගත් කල ශ්‍රී ලංකාවේ පාසල් අතර දිගු ඉතිහාසයක් නොමැති එහෙත් ඉතාමත් ගෞරවනීයත්වයට පත්ව ඇති පාසලකි. එසේ විශිෂ්ට පාසලක් ලෙස සලකනුයේ ප්‍රජාන්ත්‍රවාදී ලෝකය තුළ බිහිවූ පළමුවැනි කාන්තා අග්‍රාමාත්‍යවරියගේ නමින් එය නම්කර ඇති නිසාත් සහ ඉහළ ප්‍රමිතියේ අධ්‍යාපන මට්ටමක් පවත්වාගෙන යනු ලබන නිසාත් මිස පසුගිය දිනක එම පාසල තුළ සිදුවූ අශෝභන සිදුවීම නිසා නොවේ.Sri Lanka Latest News
චනිත්මා සිනාලි පාසලේ පැවැති වර්ණ ප්‍රදාන උත්සවයේදී ඉතාමත් නිර්දය ලෙස විදුහල්පතිනිය වෙත දැඩි අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කරමින් ඇයට සිදුවූ අසාධාරණයට විදුහල්පතිනිය වගකිව යුතු බවට චෝදනාවක් එල්ල කළාය. සමාජ මාධ්‍යයේ සමහරුන් එය හැඳින්වූයේ වීර මද්දුමබණ්ඩාර සිදුකළ වීර ක්‍රියාව හා සමවන්නාවූ තරමේ ක්‍රියාවක් ලෙසටය. එය තම විදුහල්පතිනිය හට අමාත්‍යාංශයට ගොස් නිදහසට කරුණු කීමට තරම් ප්‍රබල වූ චෝදනාවක් බවට පත්විය. ඇයගේ කතාව කුමක්ද කියා ඇයගේ වචනවලින්ම ප්‍රකාශ විය. දැන් අප විදුහල්පතිනියගේ ස්ථාවරයද දන්නෙමු. එතුමිය පාසලේ පෙර පැවැති ක්‍රමවේදය අනුව සියල්ල සිදුවූ බවට කරුණු පෙන්වා ඇත.
යශෝධා පෙරේරා නමැති දියණියක්ද එහි පසුබිම පිළිබඳ දීර්ඝ විස්තරයක් සමාජ මාධ්‍යයට මුදාහැර ඇත. එහි නිවැරැදිභාවය අභියෝගයට ලක්වී ඇති බවක් පෙනෙන්නට නැත. එම කරුණු නිවැරැදි නම් චනිත්මා නිසා විදුහල්පතිනියටද, විදුහලටද, ඇයට වඩා දක්ෂ ක්‍රීඩිකාවන්ටද විශාල අසාධාරණයක් සිදුව ඇත. ස්කොෂ් පුහුණුකරුවකු වූ තම පියාගේ බලය අනිසි ලෙස යොදාගනිමින් ඇයට වඩා සුදුසුකම් තිබූ ඉහළ ශ්‍රේණිගතව සිටි පාතුම් ඉෂදීන් දියණිය ඉවත් කර ඇය ජාත්‍යන්තර තරගාවලියකට ගොස් පරාජය වී පැමිණීමද බරපතළ කාරණයක් නොවන්නේද?
මෙහිදී වැදගත් වන්නේ කවුරුන් හරිද හෝ වැරැදිද යන්න සෙවීමටත් වඩා චනිත්මා දියණිය මෙසේ හැසිරුණේ කුමන හේතුවක් නිසාද යන්න සොයාබැලීම මිස ඒ පිළිබඳ අපගේ විනිශ්චයක් ලබාදීම නොව
01. දරුවන්ට ශාරීරික හෝ මනසික දඬුවම් ලබාදෙන්නන්ට එරෙහිව දැඩි දඬුවම් කිරීම සඳහා රජය ඉදිරිපත් කර පසුව ඉවත් කරගත් පනත් කෙටුම්පත හරහා සමාජයට දුන් පණිවුඩය නිසා දරුවන් බරපතළ ලෙස නොමග ගොස් තිබීම. 02. වයස අවුරුදු 16 වැඩි දරුවන් හට තමන් කැමැති පරිදි ලිංගික කටයුතුවල යෙදීමට අයිතියක් ඇති බව සහ ඒවා ප්‍රශ්න කිරීමට මවුපියන්ට පවා අයිතියක් නැති බව ආණ්ඩුවේ මතය ලෙස ඉදිරිපත් කිරීම නිසා දරුවන් බරපතළ ලෙස නොමග ගොස් තිබීම.
පාසල් අවධියේදී මා හටද දැඩි අසාධාරණකම්වලට මුහුණ දීමට සිදුවූ අතර, දැඩි දඩුවම්වලටද භාජනය විය. එය හොඳ දෙයක් නොවුණත් එවක් පටන් අද දක්වාම එම විදුහල්පතිවරුන්ට හෝ ගුරුභවතුන්ට එරෙහිව තුන් හිතකවත් වෛරයක් ඇති නොවිණි. එයට හේතු දෙකක් ඇත. 01. ඒ ගුරුභවතුන්ගේ සද්භාවමය ඒකායන ප්‍රාර්ථනය වූයේ ඔවුන්ට වඩා අප උගතුන් බවට පත්කිරීම. 02. ඔවුන්ගේ දැඩි පාලනය නොවන්නට අප අද සිටිනුයේ මෙතැන නොව සිරගෙයක හෝ පදික වේදිකාව වීමට තිබූ ඉඩ කඩ ගැන අපිට අවබෝධයක් තිබීම.
මා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී ඉහත කී පනත් කෙටුම්පත බොහෝ අවස්ථාවලදී විවිධ දේශීය සහ විදේශීය ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත් කරමින් සම්මත කරදෙන ලෙසට ඉල්ලීම් කළත්, ලද මුල් අවස්ථාවේම කුණු කූඩයට දැමුවේ ඔවුන් ඉදිරිපිටදීමය.
අප රට අරාජික කිරීමට සහ විනාශ කිරීමට අරඅඳින මිතුරු වෙසින් පෙනීසිටින විදේශ බලවේග සහ දේශීය පරපුටුවන් සැලසුම් කරන පරිදි එය කිරීමට සුදුසුම ක්‍රමවේදය තෝරාගෙන ඇත. මානව අයිතිවාසිකම් දඩමීමා කරගෙන අනාගත දරු පරම්පරාව නන්නත්තාර කර දැමීම සාර්ථකව සිදුකරන බවට හොඳ උදාහරණයක් ලෙස චනිත්මා සිනාලිගේ ඉහත කී හැසිරීම පෙන්වා දිය හැකිය. පුරවැසියන් ලෙස අපගේ යුතුකම වන්නේ ඇයගේ ක්‍රියාව වික්‍රමයක් ලෙස හුවාදැක්වීම හෝ ඇයව විවේචනය කිරීම නොව, කරුණු පහදා දෙමින් රට වැටෙමින් පවතින විපත්තියෙන් ගොඩගැනීම සඳහා යුහුසුලු වීමය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ️










