ලතා වල්පොළ මැතිණියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමා බලවත් ශෝකය කණගාටුව පළ කරන බවත් ලතා වල්පොළ මහත්මිය මෙරට සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමාට මෙන්ම අනෙකුත් ගායක ගායිකාවන්ටද සංගීත ශිල්පීන්ට ද අවවාද අනුශාසනා ලබා දී කුසලතා ඔප් නංවන්න මවක් මෙන් කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
ඉහළතම මානුශීය ගුණාංග සපිරි අප රටේ ශ්‍රේෂ්ඨතම කලාකාරියක් ලෙස ලතා වල්පොළ මහත්මිය හැදින්විය හැකි බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ගම් උදා වැඩසටහන සාර්ථක කර ගැනීමට ද ඇය සහයෝගය ලබා දුන් බවත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නාමයක් ඇයට තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පීනි ලතා වල්පොළ මහත්මියට අවසන් ගෞරවය දැක්වීමට එක්වූ අවස්ථාවේ දී ය.










