• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් ලංකාවට ලොකු බාල්දියක් පෙරළයි! ජයශංකර් ලංකාවට ඇවිත් ගිය හැටියෙම තද ලියුමක් ලියයි! Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් ලංකාවට ලොකු බාල්දියක් පෙරළයි! ජයශංකර් ලංකාවට ඇවිත් ගිය හැටියෙම තද ලියුමක් ලියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩව රඳවා තබාගැනීම වැළැක්වීමට සහ දැනට අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු කඩිනමින් නිදහස් කර දෙන්නැයි ඉල්ලා සිටිමින් තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් වෙත ලිපියක් යොමුකර ඇත.Sri Lanka Latest News

රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ ධීවරයින් තිදෙනකු ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටියදී ඊයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ස්ටාලින් සිය ලිපියෙන් අවධානය යොමුකර ඇත.

දෙසැම්බර් 27 වැනි දින මණ්ඩපම් ධීවර වරායෙන් එම ධීවරයින් පිටත්ව ගිය අතර මෙරට මුහුදු සීමාව උල්ල්ඝණය කිරීමේ චෝදනාව මත ඔවුන්ගේ යාන්ත්‍රික ධීවර බෝට්ටුව සමඟ නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබිණි.

මේ පිළිබඳ බරපතල කනස්සල්ල පළකරමින් තමිල්නාඩු මහඇමතිවරයා සිය ලිපිය මගින් විදේශ අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ, එවැනි සිදුවීම් භයානක ලෙස නිතර සිදුවන බව සහ තමිල්නාඩු වෙරළ තීරයේ ධීවර පවුල් දහස් ගණනකගේ ජීවනෝපායන්ට දැඩි බාධාවක් ඇතිකර තිබෙන බවත්ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම සිදුකරන අත්අඩංගුවට ගැනීම් සහ බෝට්ටු අල්ලාගැනීම් ධීවරයන් ආර්ථික දුෂ්කරතාවයකට සහ අවිනිශ්චිතතාවයකට තල්ලුකර ඇති බවත්, මුහුද පදනම් කරගනිමින් පමණක් සිය ජීවනෝපාය පවත්වාගෙන යන ධීවරයන් එමගින් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම ලිපියේ සඳහන් දත්තවලට අනුව, තමිල්නාඩු ධීවරයින් 61 දෙනෙකු සහ ධීවර බෝට්ටු 248 ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ භාරයේ පවතී.

රඳවාගෙන සිටින සියලුම ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා ඉක්මනින් නිදහස් කිරීම සහතික කිරීම සඳහා සුදුසු රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා මෙම කාරණය කඩිනමින් සලකා බලන ලෙසත්, අනාගතයේදී එවැනි අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසත් තමිල්නාඩු මහඇමති එම් කේ ස්ටාලින් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික කටයුතුවලදී තමිල්නාඩු ධීවරයින්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් ලෙස පැවතිය යුතු බව ද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා නැවත අවධාරණය කරයි.

SendShareShare
Previous Post

ගෙනාවෙ අනුර දිසානායක! දැන් ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන! දයාසිරි උදාහරණ එක්ක කියන මේ කතාව මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

කාට අමතක වුණත් හැම අවුරුද්දකම අපේ ගී රැජිනගෙ උපන්දිනයට ගෙදරටම ගිහින් පියානෝව වාදනය කරලා සින්දු කියපු මේ නායකයා ඊයේ ජයරත්න මල් ශාලාවට ගියේ මොනවා හිතේ තියාගෙන වෙන්න පුළුවන්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper