• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 30ක් දේශපාලනය කරපු අනුරට විගණකාධිපතිවරයෙක් පත්කරගන්න දේශපාලන පරිචයක් නැද්ද? ජනවාරි වෙනකන් ඇද ඇද ඉන්නේ මාලිමාවට කඩේ යන කෙනෙක් දාගන්නද? VIDEO I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ බොරැල්ල ආසන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය විසින් ගෙනයනු ලබන එකිනෙකට පරස්පර වැඩකටයුතු හේතුවෙන් රටට ලැබිය යුතු සහ රට ඉදිරියට ගෙනයාම තිබෙන අවස්ථා අහිමි වී තිබෙනවා.

ඒ වගේම රටේ ඇතිවුණ ව්‍යසනකාරී තත්ත්වයත් සමඟ ජනාධිපති අනුර දිසානායක මහතා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා හදිසි නීති තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කිරීමට පෙර රටට හදිසි නීති තත්ත්වයක් ඇති කළ යුතු බව මුලින්ම ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. ඒ වගේම හදිසි නීතිය ගෙන ඒමේදී ආපදා පනත යටතේ හදිසි නිතිය ගෙන එන ලෙසයි විපක්ෂය ප්‍රකාශ කළේ. නමුත් විපක්ෂය ප්‍රකාශ කළ දේවල් පිළිබඳව නිසි අවදානයක් යොමු කරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. නමුත් ආණ්ඩුව මහජන ආරක්ෂක පනත යටතේයි හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ. ඒ වගේම මාසයක් තුළ හදිසි නිතිය ගෙන ඒමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේදී එම යෝජනාව සම්මතවිය යුතුයි. ඒ වගේම මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම රට තුළ හදිසි ආපදා තත්ත්වයක් නැති බව ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා. කෙසේ නමුත් රට තුළ ආපදා තත්ත්වයක් නැද්ද යන්න ප්‍රශ්නය මේ ලිපිය හරහා මතුවෙනවා. නමුත් රටට බලපැ ව්‍යසන තත්ත්වය හේතුවෙන් මේ වනවිට අවතැන් කඳවුරුවල විශාල පිරිසක් රැඳි සිටිනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ 3355 ක් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2630 ක් , කැගල්ල දිස්ත්‍රික්කයේ 1323 ක් , මහනුවර 1687 ක් , මාතලේ 365 ක් තවමත් අවතැන් කඳවුරුවල සිටිනවා. මෙම පිරිසට ඔවුන්ගේ නිවාස අහිමි වෙලා අත්තඅසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මෙවැනි තත්ත්වයක් රට තුළ තිබියදී රට තුළ හදිසි ආපදා තත්ත්වයක් නැති බව ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරනවා.

ඒ වගේම රජය ආපදා කළමනාකරණ පනත යටතේ ගත යුතු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඒ වගේම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශ අතර සම්බන්ධතාවයක් රජය ඇති කරලා නැහැ. ඒ නිසා ආපදා කළමනාකරණ පනත යටතේ හදිසි නීතිය ගෙන ඒමට රජය කටයුතු කළේ නැහැ. නමුත් දැන්වත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් රජය ගෙන නැහැ. ඒ නිසා ආණ්ඩුවෙන් මෙවැනි හතරබිරි කතා අහන්න ලැබෙනවා.

ජනාධිපතිවරයා ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව කඩිනමින් මුදල් ලබාදෙන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. හිනියට පත් නිවාස සඳහා විශාල මුදල් ආධාර ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් මේ වනවිට එලෙස ලබාදෙන බව කියු මුදල් ආධාර අඩු කර තිබෙනවා. ඒ වගේම ආපදා තත්ත්වයේදී පවා ආණ්ඩුවේ දේශපාලඥයින් සිදුකළේ දේශපාලනය. කෙසේ නමුත් සමගි ජනබලවේගය ආපදා තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කළේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට පොරොන්දු වුණ පරිදි මුදල් ආධාර ලබාදීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ජනතාව තුළින් මතුවන විරෝධය වළක්වා ගැනීමට හදිසි නිති තත්ත්වය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. නමුත් හදිසි ආපදා තත්ත්වයක් රට තුළ නැති බව ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. කෙසේ නමුත් ජනතාව අගතියට පත් කරන රෙගුලාසි ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන හේතුවක් සඳහාදැයි ගැටලුවක් තිබෙනවා. ඒ වගේම මෙම කාරණය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර ජනතාව හරහා මෙම ගැටලු ගෙන ඒමටත් සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.

ඒ වගේම රටේ සියලුම දෙනාට සමානම නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරු දේශපාලන වේදිකාවල පුන පුනා ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ ඇතැම් පළාත් පාලන නියෝජිතයන් නිතියටත් පිටින් ගොස් කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙනවා. ඒ වගේම රටේ නීතිය සියල්ලට වඩා ඉහළින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පලාත් පාලන නියෝජිතයන්ව දැනුම්වත් කිරීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු වහාම කටයුතු කළ යුතුයි. නීතියට පිටින් වැඩකටයුතු කළහොත් ඊට එරෙහිව කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාකලාප හේතුවෙන් අගතියට පත් පිරිස් වෙත නීතියේ සහාය ලබාදෙන්න සමගි ජනබලවේගයේ නීතිඥයි කණ්ඩායම් සුදානම්. කෙසේ නමුත් ආණ්ඩුව මේ ආකාරයට නීතිය අතට ගෙන මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවේ ආයුෂ කාලය කෙටි වෙයි. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුවේ අමනෝඥ කටයුතු හේතුවෙන් රටේ ගමන දිනෙන් දින අඩාල වෙමින් තිබෙනවා.

ඒ වගේම විගණකාධිපතිවරයෙක් සඳහා අවස්ථා හතරකදී නම් හතරක් ව්‍යවස්ථාදායක සභාවට යැවීමට රජය කටයුතු කර තිබෙනවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව මෙම නම් හතරම ප්‍රතික්ෂේප කර තිබෙනවා. විගණකාධිපතිධුරය සඳහා සුදුස්සෙකු පත් කර යැවීමට ජනාධිපතිවරයාට දේශපාලන පරිචයක් නැති බවයි මෙයින් පැහැදිලි වන්නේ. ඒ වගේම රටේ විගණකාධිපතිධුරය හිස්ව තිබියදී රටට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැහැ. ඒ වගේ විගණකාධිපතිධුරය සඳහා ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයන් පත් කර ගැනීමට උත්සහ නොකරන ලෙසත් සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් ව්‍යවස්ථාදායක සභාවක් පත් කර ගැනීමට කටයුතු නොකරන ලෙසත් සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව යනු රටේ උත්තරීතර ස්වාධින සභාවක්. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව හරහා ජනාධිපතිවරයාට අවශ්‍ය කටයුතු සිදුකිරීමට කිසිලෙසකින්වත් ඉඩක් නැහැ. ඒ නිසා ස්වාධීන තනතුරු සඳහා ස්වාධින පුද්ගලයන් පත් කිරීමට රජය කටයුතු කළ යුතුයි.

ඒ වගේම හදිසි නීතිය දීර්ඝ කරමින් එය මාධ්‍ය මර්දනයට යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ජාතික ජනබලවේගයට අවාසිසහගත ලෙස පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙන් ඇතැම් මාධ්‍ය ආයතන මර්දනය කරන්න ආණ්ඩුව උත්සහ දරනවා. කෙසේ නමුත් මාධ්‍ය මර්දනයට ආණ්ඩුව කටයුතු කළෙහොත් එය ආණ්ඩුවේ ඉදිරිගමනට විශාල බලපෑමක් එල්ල වන කාරයක් බවට පත්වෙනවා. එනිසා මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන්නැයි සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගයට එරෙහිවත් ඇතැම් මාධ්‍ය විවිධ මඩ පුවත් ප්‍රචාරය කරනවා. නමුත් එම මාධ්‍ය ආයතන වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්න සමගි ජනබලවේගය කටයුතු කර නැහැ. ඒ නිසා මාධ්‍ය ආයතනවලට කරන තර්ජන වහාම නවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම සමගි ජනබලවේගය කිසිදු මාධ්‍ය ආයතනයකට පක්ෂ කටයුතු කරන්නේ නැහැ.‘‘

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති! කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී! ගීත කෝකිලාවිය ලතා ගැන මහින්ද කියපු කතා! I Sri Lanka Latest News

Next Post

‘චාජින් පොයින්ට්ස්’ රට පුරා සවි කරලා දෙන්න! විදේශ ඇමැති විජිත චීනයෙන් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

දැරණියගල පනාවල විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 85ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් අත් කර...

Read more
‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.