මැලේසියාවේ සංචාරයෙන් පසු චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිය මෝටර් රථයට ගොඩවීමට උත්සාහ ගනිද්දී සුපිරි නළු තලපති විජේ පය පැටලී ඇද වැටුණි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කළ විජේ, දේශපාලනයට පිවිස සිටින්නේ ‘ටී.වී.කේ.’ පක්ෂයෙනි. එම පක්ෂයේ නිර්මාතෘ වන්නේ ද විජේ ය. ඔහු මේවනවිට තමිල්නාඩුවේ තෙවැනි බලවේගය බවට පත්වී සිටී.
විජේ, මැලේසියාවට ගියේ සිය ‘ජන නායගම්’ දේශපාලන රැස්වීම් කීපයක් පැවැත්වීමටය. දස දහස් ගණනක් ඉන්දියානුවන්ගේ සහාය විජේට හිමිවිය










