• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට සිදුවූ මහා විපතෙන් පසු විපක්ෂනායක සජිත් සුබසාධන වැඩවලටම මුල්තැන දෙයි! හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 28ක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරයි! මම කියන හින්දා නෙමෙයි.. අඩුම තරමේ ලෝක ආර්ථික විශේෂඥයන් කියන හින්දා දැන්වත් රට වෙනුවෙන් ලිහිල් IMF ගිවිසුමකට යන්න! ආණ්ඩුවෙනුත් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 24, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
රටට සිදුවූ මහා විපතෙන් පසු විපක්ෂනායක සජිත් සුබසාධන වැඩවලටම මුල්තැන දෙයි! හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 28ක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරයි! මම කියන හින්දා නෙමෙයි.. අඩුම තරමේ ලෝක ආර්ථික විශේෂඥයන් කියන හින්දා දැන්වත් රට වෙනුවෙන් ලිහිල් IMF ගිවිසුමකට යන්න! ආණ්ඩුවෙනුත් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක විදේශ ණය ගෙවීම 2033 සිට සිදු කළ යුතු වුවත් එය 2028 සිට ගෙවන්න හිටපු රජය තීරණය කළ බවත් එය වත්මන් රජයද ඒ ආකාරයෙන් පිළිගත් බවත් මේ යටතේ වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 4.5ක් ගෙවිය යුතු නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතුය යන මතයේ සමගි ජන බලවේගය සිටි බවත් මේ යටතේ පැටවු අසිමිත බර ලිහිල් විය යුතු බවත් මේ සුළි කුණාටුව නිසා ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වන බවත් මීටත් වඩා හානි වි ඇති නිසා මේ ණය කොන්දේසි ලිහිල් කර ගන්න රජයට කොන්දක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන් යටතේ රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ හෙම්මාතගම ප්‍රාදේශීය රෝහල වෙත ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ යටතේ Patient Monitor 5ක් හා ECG Monitor යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු විය.

ලෝක ආර්ථික විශේෂඥයන් කියන ආකාරයට විදේශ ණය බර අඩු කළ යුතුය යන මත උපයෝගී කර ගෙන නව ගිවිසුමකට යා යුතු බවත් මේ මතය නිවැරදි නිසා එය පිළි ගෙන නව ගිවිසුමක් කරා යාමට රජය කටයුතු කළ යුතු බවත් රජයට මෙය කළ නොහැකි නම් විපක්ෂය එය සිදු කරන්න සුදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ කොන්දේසි එක්ක නම් ඉදිරියට යන්න බැ

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයන් පවා කියන ආකාරයට අප රටට ආර්ථික ණය සහනයක් ලැබිය යුතු බවට මත පළ කරන බවත් මොවුන් ණය කප්පාදුවක් ගැන කතා කළත් රජයට මේ ගනුදෙනු කරන්න කොන්දක් තිබිය යුතු බවත් මේ කොන්දේසි එක්ක රටට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ ණය ගෙවන එක යථාර්ථවාදී නැ

ණය ගෙවන්න නම් වේගවත් ආර්ථික වර්ධනයක් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් සෘජු විදේශ ආයෝජන පවා තිබිය යුතු බවත් මේ අවස්ථාවේ එය යථාර්ථයක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාරක්ෂිත ජනතාව නැවත පදිංචි කළ යුතුයි

මේ අවස්ථාවේ මිනිස් ජිවිත රැකගත යුතු බවත් සුළිකුණාටුව අවස්ථාවේ සහ ඉන්පසුව එම භූමිවලින් ජනතාව ඉවත් කළත් දැන් විද්‍යාත්මක හේතුවකින් තොරව නැවත ජනතාව කදවුරුවල සිට නිවෙස්වලට යොමු කරන බවත් මේ අවස්ථාවේ විය යුත්තේ අවතැන් ජනතාව යළි පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නිවාස ඉඩම් ⁣ලබා දීම මෙන්ම ජීවනෝපාය කර ගෙන යාමට අවස්ථාව දිය යුතු බවත් දෙනවයි කියන අරමුදල් සහ සහන පවා නොලැබෙන බවත් රජයේ වගකීම වන්නේ මේවා හරියට ලබා දීම බවත් මේ ජනතාවගේ මානසිකත්වය ගැනපවා සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික නැ

ජනතාවගේ සහ පාසල් දරුවන්ගේ මානසිකත්වය ගැන සිතිය යුතු බවත් මොවුන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකළ යුතු බවත් පාසල් ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා දූදරුවන් අසරණ වී ඇති බවත් රජයට අවශ්‍ය ආකාරයට ජනවාරි සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික නොවන නිසා සංවේදී වී මේ ගැනත් සිතන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් A/C කාමරවල සිට ඉලක්කම් කිව්වට ඒ ඉලක්කම් මහ පොළොවේ යථාර්ථයක් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කයිය ගැහුවා ඇති..දැන්වත් වැඩ කරන්න

රජය මේ අවස්ථාවේ ජනතාව අසරණ වී ඇති ආකාරය අවබෝධ කර ගත යුතු බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මේ ව්‍යසනය නිසා රැකි රක්ෂා 374000ක් අහිමිව වී ගොවිබිම් 23%කට තේ බිම් 35%කට බලපෑ ඇති නිස මසකට ඇ. ඩොලර් මිලියන 48ක ආදායම අහිමිව ඇති බවත් කුඩා තේ වතු හිමියන්ගේ පවා තේ ඉඩම් විනාශවූ නිසා රජය කයිවාරුවෙන් තොරව ක්‍රමයේ වෙනස අනුව වැඩ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

‘හිරු’ට එරෙහිව පොලිස් මාධ්‍ය කොට්ඨාසය TRC එකට යැවූ ලිපියට ‘හිරු’ මාධ්‍ය ජාලය උත්තර දෙයි! I Sri Lanka Latest News

Next Post

අනුර හමුවුණු චීන දූත පිරිස පැලවත්තට ගිහින් ටිල්විනුත් හමුවෙයි! අනුර චීනෙ ගිහින් අත්සන් කරපු ගිවිසුම් ගැන-චීන පස් අවුරුදු ඉදිරි සැලැස්ම ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.