• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අපේ ගින්නයි…. මේ අපේ නැවත ඉපදීමයි… ගින්නෙන් නැවත ඉපදෙමු…! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
අපි කතා කරන්නේ-බලන්නේ දකුණේ ගංවතුර ගැන විතරයි! දකුණ වගේම උතුරත් මහා විනාශයක! මුලතිව්-යාපනේ ඉදන් උතුරේ හතරකොනම ගංවතුරෙන් යටවෙලා! මිනිස්සු නන්නත්තාරයි! වගා විනාශයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුළි කුණාටුව පහව යමින් පවතී. එහෙත් එහි අඳුරු සෙවණැලි දිවයිනේ දිස්ත්‍රික්ක 25ක් පුරා තවමත් එලෙසම පවතී. එහෙත් කුණාටුවේ බියකරු සහ වෙහෙසකර සේයාවන් තවමත් අප වෙත රැගෙන එමින් තිබේ. මක්නිසාදයත්, දශක ගණනාවක් තිස්සේ අප විවිධ කම්පනයන්ට මුහුණ දුන් ජාතියක් වීමයි. එකී කම්පනයන්ගෙන් අප දැනටමත් වෙහෙසට පත්ව සිටින දේශයක් බැවින් සුළු බිඳවැටීමක් පවා දැනෙන්නේ භයානක හොල්මන් මැවී පෙනෙන විනාශකාරී අවතාර ලෙසය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාව මුහුණදුන් කුණාටු ආපදාවේ බරපතළකම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා, යම් තක්සේරුවකට ලක්කර ඇත.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආසන්න වශයෙන් ජීවිත 1,000ක් අහිමි වී හෝ අතුරුදන් වී ඇත. අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයන් මිලියන 2.3කට බලපෑමට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්ය. එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වන බවත් මෙම වාර්තාව පවසයි.

ජාතික වශයෙන් ජල ගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත. එහි හෙක්ටයාර 23,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ. එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටයාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්ය. මෙහිදී ඇතිවූ ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක් පමණ වේ.

මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට නිරාවරණ වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග පද්ධතියෙන් 70%ක් ඇතුළු පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.

ගංවතුරට නිරාවරණ වූ පුද්ගලයන් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ. එලෙස ගංවතුරට නිරාවරණ වූ පුද්ගලයන් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයන් බවද එහි සඳහන්ය.

මේ අතර ඇදහැලුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් 1,200ක් පමණ වාර්තාවී ඇතැයිද අදාළ වාර්තාවේ දැක්වේ. ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල සහ පස්සර යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාම් 60කට වැඩි සංඛ්‍යාව බැගින් වාර්තා වී තිබේ. එසේම, ගංවතුර සහ නායයාමෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 25ක් පරිසරයට එකතුවී ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

මෙම ආපදාවෙන් සිදුවූ භෞතික දේපළ හානි එලෙස වාර්තා වෙද්දී එහි සිදුවූ සමාජයීය බලපෑම ආර්ථික වශයෙන් වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත. මෙයින් සාමාන්‍ය ජීවනෝපායන් කැබලිවලට කැඩී ගොස් ඇත.

දැනට හෙළිවන සංඛ්‍යාලේඛන තුළ මතුපිටට නොපෙනෙන ගැඹුරු ධාරාවක් ගලා යමින් තිබේ. එනම් තිස් වසරක යුද්ධය, සුනාමි ඛේදවාචකය, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික බිඳවැටීම සහ මේ මොහොතේ සුළි කුණාටුවට මුහුණ දුන් ජාතියක සාමූහික කම්පනය සුළුපටු නොවන බවයි.

මනෝවිද්‍යාඥ, වෛද්‍ය අනුලා ප්‍රනාන්දු සඳහන් කරන පරිදි, ‘ප්‍රමාණවත් මානසික සුවයක් නොමැතිව ව්‍යසන එකතු වනවිට, ප්‍රජාවන් අතර ‘අර්බුද තෙහෙට්ටුව’ (Crisis Fatigue) නම් ව්‍යාධි තත්ත්වය ඇතිවේ. මෙයින් සිදුවන්නේ ‘මෙලෙස එල්ලවන සෑම පීඩනයක්ම නොනැසී පැවතිය හැකිය. එයින් සිදුවන්නේ දරාගැනීමේ හැකියාව හෙවත් ඔරොත්තු දීමේ හැකියාව ක්ෂයවී යාමයි.’ ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින්නේ එවැනි තත්ත්වයකටය.

එහෙත් ඉතිහාසඥ රෙබෙකා සොල්නිට් (Rebecca Solnit) පැහැදිලි කරන ‘නිරයේ ගොඩනගන ලද පාරාදීසය’ (්A paradise built in hell) මගින් පෙන්වා දෙන්නේ, ව්‍යසනයක් විසින් සාමාන්‍යයෙන් පවතින දේ ඉවත්කර දමයි. ඒ සමගම අසාමාන්‍ය මිනිස් ධාරිතාවයන් හෙළිදරව් කරන කැපීපෙනෙන අවස්ථාද උත්පාදනය කරනු ලබයි.

එහෙත් මේ මොහොතේ අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ නැවත ගොඩනගන්නේ කෙසේද යන්න පමණක් නොවෙයි. ඓතිහාසිකව අප වෙතින් මගහැරී ගිය මෙවැනිම අර්බුද අවස්ථා සේ මෙවරද මෙම පශ්චාත් කුණාටු අවස්ථාව දියවී යාමට ඉඩ දෙනවාද යන්න බැරෑරුම්ව විමසුමට ලක්කළ යුතු කරුණකි. එසේ නොමැති වුවහොත් දාර්ශනික නසීම් නිකලස් තලෙබ් (Nassim Nicholas Taleb) The Black Swan කෘතියෙන් පෙන්වා දෙන Antifragility එනම් ‘නොබිඳෙනසුලු බව’ හෙවත් ක්‍රමානුකූලව ශක්තිමත් වන සමස්ත පද්ධතියක ඇති ශක්තිමත් බව රටක් හැටියට අපි වැලඳගන්නවාද යන තෝරාගැනීම අප හමුවේ පවතී.

විනාශයේ නටබුන්වලින් නැගීසිටි ලොව විවිධ ජාතීන්ගෙන් ලද හැකි පාඩම්

ඔරොත්තු දීමේ ශිල්පය ප්‍රගුණ කළ ජපානය
2011 සුනාමිය විසින් ජපානයේ ඊසානදිග වෙරළ තීරය මුළුමනින්ම විනාශයට පත්කරන ලදී. එම ආපදාවෙන් ජීවිත 20,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමිවී ගිය අතර, ඩොලර් බිලියන 210ක ආර්ථික හානියක් සිදුකළේය. එහිදී ජපානයට මූලික තෝරාගැනීමකට මුහුණ දීමට සිදුවිය. ඔවුහු නැවත ගොඩනැගීම පසෙකින් තබා නැවත විධිමත් ලෙස සැලසුම් කිරීමේ මූලික තෝරාගැනීම වැලඳ ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ‘ෆුකෝ’ නවෝත්පාදන උපාය මාර්ගය තුළින් දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමයි.

පයින් ශාකවලින් පිරුණු ස්වභාවික බාධක ඇතුළත් වනාන්තර ඇති කරමින්, මුහුදු ආරක්ෂිත පවුරු ඉදිකරමින් ඉතාමත් කාර්යක්ෂම විසඳුම් සහිතව හානියට පත් ප්‍රදේශ ප්‍රතිනිර්මාණය කරන ලදී. එමෙන්ම ඉතාමත් උපායශීලීව විවිධ ජනාවාස කලාප හඳුන්වා දීම හරහා ප්‍රජාවන් උස් බිම්වල නැවත පදිංචි කරන ලදී. වඩාත්ම වැදගත්ම දෙය වූයේ, ජපානය විසින් ‘සමාජ 5.0 (Society 5.0) වැඩපිළිවෙළ හඳුන්වා දීමයි. එමගින් නවතම කාලගුණ ආපදා තොරතුරු, කෘත්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණය කරන විශාල දත්ත ආපදා කළමනාකරණයට ඒකාබද්ධ කළේය. අද වනවිට, ඔවුන්ගේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මිනිත්තු කිහිපයක් ඇතුළත ඉතාමත් නිවැරදි සුනාමි අනාවැකි ලබාදෙනු ලබයි. එමගින් ජපානයේ පමණක් නොව කලාපයේම ගණන් කළ නොහැකි ජීවිත ප්‍රමාණයක් බේරාගනිමින් සිටී. ප්‍රධාන නාගරික සැලසුම්කරු වන ආචාර්ය කෙනිචි ෂිෂිඩෝ (Kenichi Shishido) පවසන පරිදි, ‘අපි ශක්තිමත් කොන්ක්‍රීට් හරහා පමණක් නොව, ශක්තිමත් පද්ධති හරහාද වඩා ශක්තිමත්වී සිටිමු.’

ජන සංහාරයකින් විනාශ වූ රුවන්ඩාව හරිත සංවර්ධනයක් දක්වා පියමැන්නේය
1994 ජන සංහාරයෙන් ජීවිත 800,000ක් රුවන්ඩාවට අහිමි විය. සියලු සමාජ හරපද්ධතීන් බිඳවැටී ගිය යථාර්ථයක මෙම අර්බුදයෙන් කිසිදා ජයගත නොහැකි අභියෝගයක් ලෙස ඔවුන් හමුවේ පැවතිණි. එහෙත් දශක දෙකක් ඇතුළත, ඔවුන් කැපීපෙනෙන සමාජ ඒකාබද්ධතාවක් හඳුන්වා දුන් අතර, එමගින් අප්‍රිකාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකි විය. ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස වූයේ ‘උමුගන්ඩා’ (Umuganda) නමින් ක්‍රියාත්මක කෙරුණු ජාතිය නැවත ගොඩනැගීම උදෙසා වූ ආයතනිකකරණය කරන ලද ප්‍රජා වැඩකටයුතු පිළිබඳ සංස්කෘතික භාවිතයයි.

මෙම සංකල්පය යටතේ, මාසයේ සෑම අවසාන සෙනසුරාදා දිනකම ජනාධිපතිවරයාගේ සිට ගොවියා දක්වා සියලු පුරවැසියන් පොදු ව්‍යාපෘති සඳහා එකට වැඩ කළ යුතුය. මෙයින් යටිතල පහසුකම් පමණක් නොව සමාජ ප්‍රගතියද ඇති කළේය. ඊට අමතරව, රුවන්ඩාව දූරදර්ශී පාරිසරික ප්‍රතිපත්ති වැලඳගත් අතර, 2008 දී තනි භාවිත ප්ලාස්ටික් බෑග් සම්පූර්ණයෙන්ම තහනම් කළ ලෝකයේ පළමු ජාතිය බවට පත්විය. ඔවුන්ගේ ‘හරිත වර්ධන’ (Green growth) උපායමාර්ගයෙන් පෙන්නුම් කරන්නේ පාරිසරික හා ආර්ථික පුනර්ජීවනය සහජීවනයෙන් යුක්ත එකක් බවයි.

පිලිපීනයට බලපෑ ටයිෆුන් ආපදාවෙන් පසු අත්පත් කරගත් කෘෂිකාර්මික පුනරුදය අති විශිෂ්ටය
2013 දී සුපිරි ටයිෆුන් හයියාන් කුණාටුව, ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස පිලිපීනයට පහර දෙන ලදී. එයින් ගොවිබිම් හෙක්ටයාර 600,000ක් විනාශවී ගිය අතර, 6,300ක් මියගියේය. පිලිපීනය විසින් මෙම දරුණු ආපදාවෙන් අත්මිදීම සඳහා Build Back Better කෘෂිකාර්මික වැඩසටහනක් හඳුන්වා දෙමින් එම ආපදාවට සාර්ථකව ප්‍රතිචාර දැක්වීය.
ආපදාවෙන් කදිම පාඩමක් ඉගෙනගත් පිලිපීන පරිපාලනය, ගොවීන්ට දේශගුණික ප්‍රතිරෝධී බීජ (නියඟයට සහ ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ග), සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති සහ විවිධාංගීකරණය වූ බෝග වගාවන් පිළිබඳ තාක්ෂණික පුහුණුවක් ලබාදීමට කටයුතු කළේය.

ගොවීන්ගේ කෘෂිකාර්මික සාක්ෂරතාව ඉහළ දැමීම සඳහා පිලිපීන රජය විසින් ‘දේශගුණික ක්ෂේත්‍ර පාසල්’ ස්ථාපිත කළ අතර, එමගින් ගොවීන් කාලගුණ දත්ත අර්ථ නිරූපණය කිරීමට ඉගෙන ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට වසර තුනක් ඇතුළත, බලපෑමට ලක්වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත්වූවා පමණක් නොව, අස්වැන්න 15% – 20% දක්වා වැඩි කරගැනීමට ඔවුන්ට හැකිවිය.

කෘෂිකාර්මික විද්‍යාඥ ආචාර්ය ලියෝකාඩියෝ සෙබස්තියන් (Leocardio Sebastian) අවධාරණය කළ පරිදි, ‘අපගේ වෙනස් වන දේශගුණය ගැන භූමිය අපට පවසන දේට හොඳින් සවන් දීමෙන් අපි අවදානම නවෝත්පාදනයක් බවට පත්කළෙමු.’

‘ආර්ථික ආශ්චර්යය’ නමින් ජර්මනිය ජාතික මානසිකත්වය ප්‍රගුණ කළේය
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය, අර්බුද කළමනාකරණය පිළිබඳ ඉතිහාසයේ වඩාත්ම ආකර්ෂණීය උදාහරණය රැගෙන එයි.
දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු බව මැනැවින් විශද වූ ජර්මනියේ ඇති විශාල නගර එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණේය. සියලු කර්මාන්ත පාහේ බිඳවැටීගිය අතර, නාසි අපරාධවලින් සමාජය සදාචාරාත්මක බංකොළොත්භාවයට පත්ව සිටියේය.

මෙම අර්බුදයෙන් නැගීසිටීමට ජර්මනිය විසින්, ‘ආර්ථික ආශ්චර්යය’ (Wirtschaftswunder) නමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළේය.
මේ සඳහා මාෂල් සැලැස්ම (Marshall Plan) මගින් ආරම්භක ප්‍රාග්ධනය සැපයීමට කටයුතු කරන ලදී. එහෙත් මෙහි සැබෑ පරිවර්තනය අත්පත් කරගන්නා ලද්දේ ‘සමාජ වෙළෙඳපළ ආර්ථික’ ආකෘතිය හරහා නිදහස් වෙළෙඳපළ අවකාශය සමග ශක්තිමත් සමාජ ආරක්ෂණ පදනමකට එය ඒකාබද්ධ කිරීමෙනි.

මෙහිදී ජර්මානුවන් ඉතාමත් තීරණාත්මක ලෙස, ඔවුන්ගේ ද්විත්ව කාර්ය වෘත්තීය අධ්‍යාපන පද්ධතිය හරහා තාක්ෂණික අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළේය. ලංකාවේද අදටත් ක්‍රියාත්මක ජර්මානු කාර්මික අධ්‍යාපන ආයතනය අප රටට ලැබුණු පරිත්‍යාගයකි. මේවා තුළින් ඔවුන් අපේක්ෂා කළේ, ජර්මානු නිෂ්පාදන විශිෂ්ටත්වය බලගන්වන දක්ෂ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමයි.

දාර්ශනික ජර්ගන් හබර්මාස් (Jurgen Habermas) පසු කලෙක සඳහන් කර සිටියේ ජර්මනියේ ප්‍රතිසංස්කරණ සාර්ථක වූයේ, එය හුදෙක් භෞතික දේවල ප්‍රගතියක් නිසා නොව ‘ව්‍යවස්ථාමය දේශප්‍රේමය’ නිසා බවයි. එනම් ජනවාර්ගිකත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුළින් ජාතික අනන්‍යතාව නැවත ගොඩනැගීම නිසා බවයි.

ශ්‍රී ලාංකීය දරාගැනීමේ ශක්තිය, කම්පනයේ සිට සංයුක්ත වර්ධනය දක්වා
ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ සමාජයීය බලපෑම පිළිබඳ විධිමත් මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පසුවිපරමක් මෙතෙක් සිදුකළේද යන්න පිළිබඳ නිසි තොරතුරක් නැත. එහෙත් ලෝකයේ බොහෝ රටවල් මෙවැනි දරුණු අනපේක්ෂිත තත්ත්වයන් විග්‍රහ කර ගැනීමට මනෝවිද්‍යාවේ ආලෝකය ලබාගනී.
කුණාටුවෙන් ඇතිවූ ගංවතුරට නිරාවරණ වූ පුද්ගලයන් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයන් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බව සඳහන්ය.

මෙවැනි බරපතළ තත්ත්වයකදී ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රම ඇසුරින් බලපෑමට ලක්වූ ළමුන්ගේ මනෝභාවයන් හඳුනා ගැනීමට ක්‍රියා කරයි. ඒ අනුව ළමා මනෝවිද්‍යාඥයන් විසින්, ව්‍යසනයේ සංජානනමය චර්යාවන්ගේ ස්වභාවය වෙනස් වන ආකාරය හෙළිකර ගනී.

ඔවුන්ට අනුව තාවකාලික නවාතැන්වල නවතා සිටින දරුවන් අඳින පින්තූර නිරීක්ෂණය කරන විට ඔවුන් නිරන්තරයෙන් සූර්යයන් දෙදෙනකු පින්තාරු කිරීමට උත්සාහ කරන බව පෙන්වා දෙයි. ඉන් එකක් සාමාන්‍ය පරිදි වේ. අනෙක් එක කෝපයෙන් දිස්වෙන එකකි. මෙම සංකේතාත්මක නිරූපණය තුළින් ළමුන්ගේ සංජානන චර්යා හඳුනාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මෙවැනි විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනීයන්නේ නිසි මැදිහත්වීමකින් තොරව ජීවත්වන බලපෑමට ලක්වූ දරුවන්ගෙන් 30%-40%කට PTSD (Post-traumatic stress disorder) එනම් පශ්චාත් කම්පන ආතති ආබාධ ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

එමෙන්ම දරාගැනීමේ ශක්තිය විමර්ශනය කරන පර්යේෂණවලින් පෙනීයන්නේ ශක්තිමත් සමාජ බැඳීම් වගේම සුවය ලැබීමට අර්ථවත් සහභාගිත්වයක් ඇති ප්‍රජාවන් කැපීපෙනෙන මානසික සුවයක් පෙන්නුම් කරන බව පෙනීයයි. මනෝචිකිත්සක වෛද්‍ය වික්‍රම් පටේල් මෙවැනි තත්ත්වයන් ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ, ‘ඒජන්සිය යනු කම්පනයට ප්‍රතිවිරෝධකයක් ලෙස ක්‍රියා කරන බව’යි. (Agency is the antidote to trauma). එනම් මිනිසුන් තමන්ගේම ප්‍රජාවන් වෙනුවෙන් කැපවෙන විට නැවත ගොඩනැගීමට උත්සාහ කරන විට, ඔවුන් තමන්ගේම මානසික ශක්තීන් නැවත ආරෝපණය කරගනී.

මේ අපේ ගින්නයි – මේ අපේ නැවත ඉපදීමයි
ඉතිහාසඥ ආර්නෝල්ඩ් ටොයින්බී (Arnold Toynbee) විග්‍රහ කළ පරිදි, ‘ශිෂ්ටාචාරය උපත ලබන්නේ අභියෝගයට ප්‍රතිචාර වශයෙන්’. ඔහුට අනුව අර්බුදයක් සෑම විටම දියුණුව සඳහා උත්ප්‍රේරකයක් වී ඇත. අද ශ්‍රී ලංකාව සිටින්නේ එවැනි සන්ධිස්ථානයකය.

වැස්ස නතර වී ඇත. ජලය බැසයමින් තිබේ. ඉතිරිව ඇත්තේ නිවැරදි ප්‍රතිසංස්කරණ සඳහා වූ මාවතක් තෝරාගැනීම පමණි. අපව මෙම තත්ත්වයට පත්කළ ඓතිහාසික අවදානම් අපි නැවත ගොඩනගමුද? නැතහොත් අනාගත සුළි කුණාටුවලට බිඳදැමිය නොහැකි ජාතියක අත්තිවාරම් ගොඩනගමුද?

පොම්පෙයිහි භූමිකම්පාව සියැසින් දුටු රෝම ජාතික සෙනෙකා (Seneca) මෙසේ ලියා තැබීය. ‘ශ්‍රමය ශරීරය ශක්තිමත් කරන ආකාරයටම, දුෂ්කරතා මනස ශක්තිමත් කරයි.’
එබැවින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ තිරසරභාවය, මේ මොහොතේ සිට ආරම්භ වේ. අපි මඩෙන් ගොඩගන්නා දේවලින් පමණක් නොව, එම විනාශයෙන් ගොඩ එන්නේ කෙසේද යන තිරසාරත්ව සැලසුම් සකස් කළ යුතුය. ජලයේ ගසාගෙන ගිය දේවල් පිළිබඳ මතකයෙන් නොව, නැඟීසිටිය යුතු දේ පිළිබඳ නිවැරැදි දැක්මක් සහිත මාවතක් හෙළිපෙහෙළි කරගත යුතුය. ෆීනික්ස් පක්ෂියා දැල්ලට බිය නැත. ෆීනික්ස් එයින් උපත ලබයි.

මේ අපේ ගින්නයි….
මේ අපේ නැවත ඉපදීමයි….
ගින්නෙන් නැවත ඉපදෙමු…!

විජේපාල දිසානායක
[email protected]

SendShareShare
Previous Post

වොෂින්ටන් ඩී.සී. ලාංකිකයන් මහින්ද අ‌තේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සල්ලි එවයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

හිමාලයත් පුපුරන්නද යන්නේ? ඉන්දියානු භූමියේ පිපිරීම මොකක්ද? ලංකාවට තියෙන අනතුර භයානකද? මේක නම් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.