• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාගේ හෙණයක්ද වැදුණේ… ! කැලණි ගඟේ දිය කිඳුරියට මොකද වුණේ…? Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කාගේ හෙණයක්ද වැදුණේ… ! කැලණි ගඟේ දිය කිඳුරියට මොකද වුණේ…?  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය කැලඹීමට පත්කළ පුවතක් වුණේ කැලණි ගං මිටියාවතේ විපතට පත් බොහෝ දෙනකුගේ ජීවිත බේරාගත් දිය කිඳුරිය යන්නම යන්න ගිහිල්ලා යන හිසින් පළවූ පුවතයි. බොහෝ දෙනකු එම පුවතින් කම්පනයට පත්ව තිබුණා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ට් සිය ගණනක් සමාජ මාධ්‍යයේ දැකගන්නට ලැබුණා.Sri Lanka Latest News

දෙමවුපියෝ දරුවෝ හදන්නේ ජීවිතේ මෙහෙම දේවල් අහන්න දකින්න නෙවෙයි. ඒත් ඔවුන්ගේ තරුණ වයසෙදී ගන්න ඇතැම් තීරණ හරි කියලා හිතුණට ඒවා වැරදියි කියලා ඔවුන්ට තේරෙන්නේ ජීවිතේ මුහුකුරා යාමත් සමගයි. ඒත් ඇය ඒ ජීවිතේ වාසනාවට පයින් ගැහුවාද පයින් ගහන්න වුණාද කියන වග තවමත් පොලිසිය සොයමින් සිටියි.
ඇය දක්ෂ පිහිනුම් ශූරියක වූ නිසා ඇයට ඒ වෙනුවෙන් ‘කැලණි ගඟේ දිය කිඳුරිය’ ලෙස නමක් පටබැඳී තිබූ බවද කියැවෙනවා. ඇය නමින් වියාමා ඕෂධියි. පදිංචිවෙලා හිටියේ කොටුවිල සේදවත්ත ප්‍රදේශයේ. නිවෙසේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඇය ජීවිතය හැරගොස් ඇති දුක්මුසු පුවත අප කන වැකෙන්නට වුණා. මේ පුවත බොහෝ දෙනෙකුගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවා. ඇය පසුගිය 10 වැනිදා මෙම අනපේක්ෂිත තත්ත්වයට පත්ව තිබුණා. අසල්වැසියන් පවසන්නේ සිය නිවසේ වහලයේ විදුලි පංකාවේ සිදුවූ අනතුරකින් මියගොස් ඇති බවයි. මෙය දුටු ඇගේ මවුපියන් වහාම ඇයව කොළඹ ජාතික රෝහලට ගෙනගොස් තිබුණා. වෛද්‍යවරුන් පවසන්නේ ඇය මෙම අනතුරින් පසුව මියගොස් ඇති බවයි.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය අවිවාහක තරුණියකි. මේ අනපේක්ෂිත සිදුවීමට මුහුණ දෙන විට 19 හැවිරිදි වියේ පසුවූ ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටිනවා. පසුගිය දිනවල පැවැති ගංවතුර ආපදා තත්ත්වයේදී විපතට පත් බොහෝ මිනිසුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඇය නොබියව ඉදිරිපත්ව තිබුණා. ඒ වගේම රාත්‍රිය දහවල නොබලා ගංවතුරෙන් අසරණ වූවන්ට ආහාරපාන ලබාදීමට බෝටුවක නැගී ගොස් ජනතාවට සේවයක් කළේ කිසිම ලාභ අපේක්ෂාවක් නොමැතිවයි. ඇගේ මේ අනපේක්ෂිත වෙන්ව යාම ප්‍රදේශවාසීන්ට දරාගැනීමට නොහැකි වුණා.

පිහිනුම් ශූරියක වූ ඇය පිහිනුම් සඳහා යොමුව තිබුණේ අවුරුදු 3ක් තරම් කුඩා අවධියේ සිටයි. ඇය පිහිනීමට ඇලුම් කරන්නට ඇත්තේ තම නිවස ඉදිරිපිටින් ගලාබසින කැලණි ගඟ නිසාම වන්නට ඇත. ඒත් ඇය කවදාවත් කැලණි ගඟට බැස පිහිනුම් කටයුතු නොකළේ එහි කිඹුලන් සිටින නිසා බවයි ඇගේ ඥාතීන් පවසා සිටියේ. ඇය කුඩා කල සිට පිහිනුම් කටයුතු පුරුදු පුහුණු වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේය. පසුකාලීනව කැලණි ගඟ තරණය කොට මීටර් 1000ක දුරක් විනාඩි 14යි තත්පර 41ක කාලයකදී නිමකරමින් වාර්තාවක් තබන්නටද ඇය සමත්ව තිබුණා. මේ වාර්තාව ඇය තබා තිබුණේ ඇයට වයස අවුරුදු හතක් වෙද්දියි. ඇය එම වාර්තාව තබන අයුරුද දැකබලා ගැනීමට ගම්වාසීන් සහ දහස් ගණනක ජනතාවක් කැලණි ගඟ දෙපසට එදා එක්රොක්ව සිට තිබුණා. එවක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා ඇයගේ එම දක්ෂතාව අගය කිරීම සඳහා එම අවස්ථාවට නාවික බෝට්ටු සහ නාවික භටයන්ගේද සහාය ලබාදුන්නා. එදා පට්ටිය හන්දිය ආසන්නයේදී කැලණි ගඟට පැන පිහිනීම ආරම්භ කළ ඕෂධී කළු පාලම අසලින් යළි ගොඩට පැමිණියේ මීටර් 1000ක දුරක් විනාඩි 14යි තත්පර 41කදී නිමකරමිනි. ඇගේ එම දක්ෂතාව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමටද ලක්ව තිබුණා. කුඩා ඕෂධී එදා මහින්ද මහතාගේ ඔඩොක්කුවේ සුරතල් වෙමින් පැවැසුවේ ‘ලොකු වුණාම මම පිටරට ගිහින් ලොකු මෙඩ්ල් එකක් ගේනවා… යනුවෙනි. ඒත් ඇගේ ඒ සිහිනය බොඳව ගියා.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඇය මානසික ආතති තත්ත්වයකින් පසුවූ බවට වාර්තා වන නිසා ඇය සියදිවි නසාගත්තේද යන්න පිළිබඳවද සැක මතුව ඇතැයි පැවසේ. ඇගේ මෘත ශරීරයේ කොටස් කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදුන් බව ඇගේ ඥාතීන් පවසා සිටිනවා. මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදුකරනු ලැබුවා. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

ඇය වැනි දක්ෂ තරුණියක් නැතිවයාමට කැලණි ගං මිටියාවතේ ජනතාවට වගේම මෙරට බොහෝ දෙනෙකුට සිදුවූ පාඩුවකි. පුංචි වයසට ඇය ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළා. අවතැන් වූ අසල්වැසි ජනතාව බේරාගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළා. අසරණ ජනතාව වෙනුවෙන් කෑම බීම ගෙනයාමට දිවා රෑ නොබලා කටයුතු කිරීම තුළින් ඇගේ මනුස්සකම කියා පෑවා.

ජීවිත ඇතුළේ තියෙන සමහර ප්‍රශ්න බොහෝ අය තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළකරන ප්‍රවණතාවක් වර්තමානයේ දැකගන්නට ලැබෙනවා. ඕෂධීත් තම මුහුණු පොතේ පළකළ ප්‍රකාශ තුළින් ඒ බව හැඟෙනවා. මේ ඇගේ මුහුණු පොතේ ඇය විසින් පළකර තිබූ පෝස්ටු කිහිපයකි.

නොවැම්බර් 14 වැනිදා
‘එක පාරක් බොරු කරපු කෙනෙක් ආයෙම එහෙම කරන එකක් නැහැ කියලා ජීවිතේට ළං කරගෙන ආයෙත් රැවටිලා ඉන්න මම…’

ඔක්තෝබර් 13 වැනිදා
‘මැසේජ් සීන් කරන්නේ නැත්තේ ලොකුකමට නෙවෙයි, කාලෙකට හායි කියලා ආපු මැසේජ් එකකින් වළපල්ලට ගිය හැටි මතක් වෙනවා…’

ඇගේ මිතුරියක් වූ රෂු සුරවීරආරච්චි දෙසැම්බර් 09 වැනිදා මුහුණු පොතේ තබා තිබූ සටහනකි මේ.

‘දරුවෙක්ට වගේ එදා මම කොච්චර අවවාද දුන්නද? මෙහෙම දෙයක් කරගන්න ඔයාට තිබුණු ප්‍රශ්නය මොකක්ද? මම දන්නේ නෑ මැණික. හරි හුරතල් ඒ හිනාව මට මැවිලා පේනවා දෙයියනේ… තාම මට හිතාගන්නවත් බැරි තරම් මේ ආරංචිය… ඇයි රත්තරනේ මේ…..’

‘අනේ ඇඟ සීතල වුණා… කකුල් පණ නෑ වාගේ. ආයෙම පවුකාර මිනිසුන් ළඟ ඉපදෙන්න එපා… නිවන් සුව මැණික වියාමා…. ලස්සනම තැනක ආයෙ ඉපදෙන්න ඕනෙ ඔයා…’

ඇය, ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගත් ඡායාරුප විශාල ප්‍රමාණයක් ඇගේ මුහුණු පොතේ දැකගන්නට ලැබුණා. ඇගේ හදවත මිනිසුන්ට වගේම සතා සිවුපාවාටද ආදරය කරන්නට කාරුණික වුණා. ගංවතුරෙන් අසරණව අවතැන් වූ බලු සුරතලුන් සොය සොයා ගොස් ඇය කෑම ලබාදුන්නා. ඒ වගට ඇගේ මුහුණු පොත සාක්ෂි දරනවා.

නොවැම්බර් 29 වැනිදා
‘මිනිස්සුන්ට නම් කොහෙන් හරි කෑම හොයා ගන්න පුළුවන්. බඩගිනියි කියන්න පුළුවන්. ඒත් මෙයාලට එහෙම බෑ. හැමෝම මිනිස්සු ගැන බලන නිසා මේ වෙලාවෙ අපි අපිට පුළුවන් විදියට එයාලා ගැන හිතුවා….’

ඇය තම මවුපියන්ට බොහෝ සේ ආදරය කළා. පියා තමන්ව උස්මහත් කරන්න වැගිරූ දුක් කඳුළු සිහිකරමින්, පියාගේ උපන්දිනය වෙනුවෙන් ඇය අවසන් සුබපැතුම මුහුණු පොතේ පළකළේ පසුගිය ඔක්තෝබර් 13 වැනිදායි.

‘සුබ උපන් දිනයක් වේවා… මම වැඩිපුරම රිද්දලා තියෙන්නේ ඔයාගේ හිත. ඒත් කවදාවත් මාව තනි කළේ නැති එකම කෙනා ඔයා. වැරදි වුණත් හරි වුණත් ඕනේ තැනකදි මගේ පැත්ත ගන්න මට හිටියේ ඔයා… අපේ හැම දේකදිම අපිට වඩා සතුටු වෙන්නේ ඔයා. මං හරි අදරෙයි තාත්තේ….’

ඇය තම ජීවිතයේ මුහුණපෑ ප්‍රශ්නයක් හේතුවෙන් තීරණයක් ගන්නට ඇති. දැන් ජීවත් වුණා ඇති, යන්න ඕනේ කියලා හිතන්නට ඇති. ඇය කාලයක් මානසික ආතතියෙන් සිටින්නට ඇති. වටපිටාවේ ඉන්න තම ආදරණීයයන්ට එය නොදැනෙන්නට ඇති. ඒ ගැන ඔවුන් සැලකිලිමත් වුණා නම් ඕෂධී අදත් ජීවතුන් අතර සිටින්නට තිබුණා. ඒ කොහොම වුණත් ඇය ජීවත්වුණු ටික කාලයේ තමන්ගේ ගමට රටට සේවයක් කළා. සතා සිවුපාවාට වගේම මවුපියන්ටත් එක ලෙස ආදරය කළා. ඇගේ තරුණ වයසට එන දරුණු හැඟීම්වලට මෙවැනි තීරණයක් ගැනීමට පෙලඹීම ගැන හරිම කනගාටුයි.

කැලණි ගං මිටියාවත කිට්ටුව ඉන්න අපි දන්නවා ගංවතුර අපේ ජීවිතවලට කොයිතරම් බලපෑම් කරනවද කියලා. ගංවතුර ගැලුවාම ගඟ දෙපස මිනිසුන්ගේ ජීවිත වැටෙන අන්ත අසරණ තත්ත්වයට යම් හෝ සහනයක් පිහිටක් වෙන්න ඇයට පුළුවන් වුණා. ඒ පිහිට වුණු මතකය ඒ මිනිසුන්ගේ හදවත්වල පත්ලටම කාවැදිලා සදා රැඳේවි…

ඕෂධී ඔයාගේ උදවු ලබාගෙන පණ කෙන්ද රැකගත් මිනිස්සු අදත් ජීවත් වෙනවා. ඒ හුස්ම තාමත් ඔබ නමින් වැටෙනවා. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ නෙතින් කඳුළු වැටෙනවා ඇති. ඔබ ඔවුන් වෙනුවෙන් කළ පින් බලෙන් ඔබට සැනසීමක්ම ලැබේවා. අපේ රටේ ආදරණීය දියකිඳුරියට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කාල විද්‍යාවට අනුව ජවිපෙ නැග්ම සහ බැස්ම! 1968 සිට 2025 දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

වොෂින්ටන් ඩී.සී. ලාංකිකයන් මහින්ද අ‌තේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සල්ලි එවයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.