මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන් විට, එම අයගේ තොරතුරු පොලිසිය ජාවාරම්කරුවන්ට ලබා දෙන බව පවසමින් කැකිරාව, මොරගොල්ලාගම ගම්මානයේ පිරිසක් කැකිරාව පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.Sri Lanka Latest News
පසුව අනුරාධපුර පිහිටි ඩී.අයි.ජී කාර්යාලයට පැමිණි උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ගමේ සිටින නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ මොරගොල්ලා ගමේ පදිංචි ලයනල් නිස්සංක කුමාර නමැති අය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවද එම පිරිස් පැවසූහ.










