මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේදී දැඩි ලෙස රෝගී තත්වයේ පසු වූ ‘අඹබෝ’ නැමති වනඅලියා පන්දම් මගින් පුළුස්සා මරා දමා ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වනඅලියාට කිසියම් පිරිසක් පසුගියදා රාත්‍රියේ ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධයේ සංසරණය වී තිබුණා.
පසුව වනජීවී නිලධාරින් විසින් දින කිහිපයක සිට ප්‍රතිකාර කළද අවාසනාවන්ත අයුරින් වනඅලියා ජීවිතක්ෂයට පත් වූ අතර අද දින අවසන් කටයුතුද සිදු කෙරුණා.










