දිට්වා සුළි කුණාටු අනතුර සම්බන්ධයෙන් 2025 නොවැම්බර් 17, 20, 24, 26 සහ 27 යන දිනයන්හි රජයේ වගකිව යුතු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති සාකච්ඡා පිළිබඳ තොරතුරු සියල්ල, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලා සිටීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කටයුතු කොට ඇත.Sri Lanka Latest News
සිකුරාදා (12) දිනයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු නිලධාරියා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.
ඒ අනුව අදාළ දිනවල රජයේ පාර්ශ්වයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වූ ආයතන මොනවාද, එම ආයතන නියෝජනය කළ නිලධාරීන් කවුද සහ ඔවුන්ගේ රාජකාරි තනතුරු නාමලේඛනයද, ඒ සාකච්ඡාවන්හිදී ගනු ලැබී තීරණ පිළිබඳ සටහන් වාර්තාද, ඒ ගත් තීරණ සම්බන්ධයෙන් දැනුම්වත් කළ වෙනත් පාර්ශ්වයන් සිටීනම් ඒ කවුරුන්ද, සාකච්ඡා අවසානයේ නිකුත් කළ නිල නිවේදන මොනවාද යන්න පිළිබඳ සියලු තොරතුරු ලබාදෙන ලෙස මුජිබර් රහුමාන් මහතා සිය ලිපිය මගින් ඉල්ලීමක් කොට ඇත.











