• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හතර පෝයට සිල්ගන්න බෝ පැළයක් නෙවෙයි! මං සමාජගත වෙන්න වැඩිය කැමැති නෑ! දෙන්නට දෙන්නා දන්න නිසා වැඩේ ගොඩක් ලේසි වුණා! අපේ ගෙදරත් ගංවතුරට යටවුණා…! උදාරි වර්ණකුලසූරිය I Sri Lanka Latest News

December 13, 2025
in Heart
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍යකරණයෙන් සංසලාගේ චරිතය ලෙස ප්‍රේක්ෂක ජනයාගේ ආදරය ලබමින් රිදී තිරයට පැමිණි සිනමා නිර්මාණ රැසකට විවිධ අධ්‍යක්ෂවරු යටතේ සිය උපරිම දායකත්වයක් ලබාදෙමින් ප්‍රතිභා පූර්ණ රංගනයක් හැමදාමත් සිය නිර්මාණ තුළින් පෙන්වන ආදරණීය දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක් වන උදාරි වර්ණකුලසූරිය නැවතත් රිදී තිරයට පායන්නේ සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරන ළඟදීම තිරගතවීමට නියමිත ‘වයිෆ්’ චිත්‍රපටය හරහායි. ඇයත් එක්කයි ‘මව්රට’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News

‘වයිෆ්’ චිත්‍රපටය සහ ඔබගේ චරිතය ගැන මුලින්ම කතා කරමු?
මුලින්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න මහත්තයාට. මීට කලින් ඔහුගේ චිත්‍රපට වන සිහින නෙළුම් මල්, මෝටර් බයිසිකල්, චිත්‍රපට බලලා තියෙනව සහ ඔහුගේ සිනමාකරණයට මම හරි ළැදි වුණා. ඉතින් මං හරි භාග්‍යවන්තයි ඔහුගේ නිර්මාණයකට දායක වීමට ලැබීම ගැන. චිත්‍රපටයේ වයිෆ්ගේ චරිතය වර්තමානයේ සෑම බිරිඳකගේම ස්වරූපය එම චරිතය තුළින් දැකගන්න පුළුවන්. හැම ගැහැනියකගේම හදවතට ආමන්ත්‍රණය කරන චරිතයක්. මං හිතනවා මං ඒ චරිතය හොඳට කළා කියලා. මොකද ඒ චරිතය මට රඟපාන්න හේමාල් රණසිංහ චිත්‍රපටයේ සැමියාගේ චරිතය ලෙස මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහුයි මායි එකට වැඩකරලා තියෙනවා කිහිප වතාවක්ම. ඉතින් අපි දෙන්නට දෙන්නා රඟපාන විදිහ හැසිරවීම දන්න නිසා චරිතයට ගොඩක් ලේසි වුණා. චිත්‍රපටයේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම හේතු වුණා. ඒ වගේම මීනා ජයකොඩි මහත්මිය මගේ අම්මගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේ අති දැවැන්ත ශ්‍රේෂ්ඨ විශිෂ්ට රංගන ශිල්පිනියක් එක්ක වැඩ කරන්න ලැබුණු එකත් භාග්‍යයක්. මම මීට කලිනුත් ඇය සමග වැඩ කරලා තියෙනවා. සම්පූර්ණ චිත්‍රපටය ගත්තම ඒ චරිතය වර්තමානයේ එදිනෙදා තියෙන ආදරය දුක සතුට වේදනාව හැමදේම තියෙන චිත්‍රපටයක්.

චිත්‍රපටය රූගත කිරීම් අතරතුරේදී මතකයේ රැඳුණු සිදුවීම් මොනවද?
ඒක අහපු ගමන් ඔළුවට එන්නේ අඹුසැමි යුවළගේ පවුල් ප්‍රශ්නයක් රූගත කිරීම් කරද්දී මගේ අතේ නියපොත්තක් ගැළවිලා යනවා. ඒක ගැළවුණාද කියලවත් මට දැනුණෙ නෑ ඒ තරමට මං චරිතය සමග හිටපු නිසා. ඊට අමතරව මුළු චිත්‍රපටයම හරිම සොඳුරු අත්දැකීමක්. මේක තවත් එක් රූගත කිරීමක් එහෙම නැත්නම් ජොබ් එකක් විදිහට කරේ නෑ. ආර්ට් ඩිපාර්ට්මන්ට් එක මේකප් ඩිපාර්ට්මන්ට් එක යුනිට් ඩිපාර්ට්මන්ට් එක සින්දු කියන චිත්‍රාල් සෝමපාල අයියා හැමෝම සහයෝගයෙන් වැඩ කළා. වැරැද්දක් තිබ්බොත් පෙන්නලා දීලා වැරදි අඩුපාඩු හදාගෙන සහයෝගයෙන් කරපු වැඩක්. ඉතින් ඒ ආදරණීය මතකය අමතක වෙන්නෙම නෑ.

මේ දවස්වල ටෙලිනාට්‍යවල වැඩකටයුතු කොහොමද?
ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේම නැහැ. හැබැයි දැන් නැවතත් පටන් අරන් භාගයක් ෂූටින් ඉවරයි. ඇය ලියවිය ටෙලිනාට්‍යයෙන්ම ඉදිරියේදී එන්න නියමිතයි.

රූපවාහිනියේ උත්සව පාටි අවස්ථාවලදී ඔබව දක්නට ලැබෙන්නේ නෑ. ඒ ඇයි?
ඒ මගේ හැටි. මෙහෙමයි මං සිල් අරගෙන බෝ පැළයක් වගේ ඉන්නවා කියන එක නෙමෙයි. මං කියන්නේ මං සමාජගත වෙන්න කැමැති නෑ වැඩිය. වෘත්තීමය වශයෙන් රස්සාව කරන්න යනවා. ඊට අමතරව සෙනඟ ගොඩක් ගැවසෙන තැන්වල මම ගැවසෙන්න කැමැති නෑ.

අද සමාජයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳ රංගන ශිල්පිනියක ලෙස මොකක්ද ඔබේ හැඟීම?
ඇත්තටම මේක ස්භාවධර්මය විසින් අපේ ශ්‍රී ලාංකිකයන්ගෙ එකමුතුකම පරීක්ෂා කරන්න කරපු දෙයක්ද කියලත් මට හිතෙනවා. වෙච්ච ඛේදවාචකය වචනවලට පෙරළන්න බෑ. මොකද මිනිස්සුන්ගේ දුක කියන දේ අපිට මිල කරන්න බෑ. ඒ වේදනාවන් නැති වෙච්ච දේවල් මහන්සියෙන් හම්බ කරපු දේවල් අහිංසක ජීවිත එක මොහොතකින් නැතිවෙන එක හිතාගන්නවත් බැහැ. කවුරු කොයි විදිහට ඒ වන්දිය ගෙවන්න උත්සාහ කළත් ඒ වේදනාවල් මැකෙන් නැහැ. පෞද්ගලිකව ගත්තම මගේ මහගෙදර මං ඉන්නේ. අඩි පහක් උසට වතුර දාලා ගේ යටවුණා. මේක කොතැනින් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද මොකක්ද මේ වුණු විනාසෙ කියන හැඟීම මට මෙහෙම දැනෙනවා නම් නායගිහිල්ලා උන්හිටි තැන් නැති වුණු මිනිස්සුන්ට ජීවිතේ කොච්චර හිත හයිය කරගන්න ඕනෙද එතනින් එහාට ජීවිතයක් ගොඩනගාගන්න. මේ වෙච්ච ඛේදවාචකය වචනවලට නිමකරන්න බැහැ. ඒ හැඟීම් ඒ වේදනාවන් ඒ හිත්වල තියෙනවා වගේම අපිටත් දැනෙනවා.

හස්බන්ගෙන් ලැබෙන සපෝර්ට් එක කොහොමද?
දහනවයේ විස්සේ ඉඳන්ම ඔහුගේ සහයෝගය මට තියෙනවා. ඉතින් ඔහු දෙන සහයෝගය නිසා තමයි මම නිදහසේ මගේ වෘත්තීමය කටයුතු කරගන්නේ සහ ලංකාවට වෙලා ඉන්නෙත්. දියණියට දැන් අවුරුදු දහතුනක් වෙනවා. ඇයත් ඇත්තටම ඇගේ වයසට වඩා හරිම ඉන්ඩිපෙන්ඩන්ට්. ඇයට ඇගේ වැඩ ටික ඔක්කොම තනියම කරගන්න පුළුවන් සහ මම සති දෙකෙන් දෙකට වගේ යනවා එයාලව බලන්න. මාසෙකට සැරයක් වගේ අනිවාර්යයෙන්ම යැවෙනවා. සැමියගෙන් සහ දරුවාගෙන් ලැබෙන ආශීර්වාදය නිසාම තමයි මගේ වෘත්තීමය ජීවිතයේ මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
ශමීර නාඔටුන්න මහත්තයාගේ වයිෆ් චිත්‍රපටය ජැක්සන් ඇන්තනී මහත්තයාගේ එකගෙයි සොකිරි චිත්‍රපටය ලබන අවුරුද්ද ඇතුළත එනවා. ඒ වගේම ‘දේවි සම්බුලා’ චිත්‍රපටයත් එනවා. ‘සම්බුලා’ කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපටයක්. මෙකේ සිංහල එක ‘දේවී සම්බුලා’. මේකේ ග්‍රැෆික් ගොඩක් තියෙනවා. ඇවටාර් වගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපට හතර තමයි එන්න තියෙන්නේ ඉදිරියට. තව රූපගත කරන්න තියෙන චිත්‍රපට තියෙනවා.

නදීශා ජයවර්ධන

SendShareShare
Previous Post

හතේ හත වදින සෙනසුරා! Sri Lanka Latest News

Next Post

වෙනස් දේවල් කරන්න ලොකු ආසාවක් තියෙනවා….! නර්තනය මගේ ඇඟේ කොටසක්…! ඒකෙන් මට මැරෙනකල්ම ගැළවෙන්න බැරිවෙයි…! රුක්ශානා දිසානායක I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.