■ ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී සම්බන්ධතා වැඩසටහනක්
■ දකුණු ආසියාව, ක්වීන්ස්ලන්ඩ්හි අධ්‍යාපනය සඳහා යොමු වන ප්‍රමුඛ කලාපයක්
■ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ උපයා මාර්ගික සම්බන්ධතා
ක්වීන්ස්ලන්ඩ් රජයේ ගෝලීය ව්‍යාපාරික ආයතනය වන Trade and Investment Queensland (TIQ), Study Queensland සමඟ එක්ව විශේෂ දෙදින සම්බන්ධතා වැඩසටහනක් ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබීය. ඕස්ටේ්‍රලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 5ක නියෝජිතයින් සහභාගී වූ එම වැඩසටහන තුලින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ඉහළ පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණ විය. මෙම අවස්ථාව සඳහා එක් වුණු Griffith University, James Cook University, Bond University, Central Queensland University සහ Southern Cross University යන විශ්වවිද්‍යාලයන්හි නියෝජිතයින් විසින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වෙනුවෙන් සකස් කළ අධ්‍යාපන දීමනා, ශිෂ්‍යත්ව. ශිෂ්‍ය සහාය සේවා සහ වෘත්තීය ඉලක්ක කරගත් මාර්ග වැනි දේ පිළිබඳව දැනුවත් කරන ලදී.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Trade & Investment Queensland හි ඉන්දියා කාර්යාලයේ අධ්‍යාපන (දකුණු ආසියානු) ප්‍රධානී රෙමියා මෝහණක්‍රිෂ්නන් “ නවෝත්පාදනය සහ ශිෂ්‍ය සහයෝගය වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් අධ්‍යාපනය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙම සුවිශේෂී අවස්ථාවන් උදා කර ගැනීමට ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අපගේ සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනවා. අපගේ කලාප අතර වන සම්බන්ධතාව තව දුරටත් ඉහළ නැංවීමට හේතු වන මෙම වැඩසටහන සිසු සිසුවියන්ට, උපදේශකයින්ට සහ අධ්‍යාපන නායකයින්ට ගෝලීය වෘත්තීන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය තොරතුරු හා මාර්ගයන් පිළිබඳ අවබෝධය ලබා දෙනවා.” යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ විශ්වවිද්‍යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය විද්‍යාව, ව්‍යාපාර. කෘෂිකර්මය, ඉංජිනේරු විද්‍යාව. තාක්ෂණය. පාරිසරික විද්‍යාව, සංචාරක සහ නිර්මාණාත්මක වැනි අනාගතයේ වැදගත්වන ක්ෂේත්‍රයන් සම්බන්ධ ක්වීන්ස්ලන්ඩ්හි විශේෂත්වය පෙන්වා දෙන ලදී.
වැඩිදුරටත් අදහස් කළ මෝහණක්‍රිෂ්ණන් සඳහන් කර සිටියේ “ අපගේ කලාපයන්හි විශ්වවිද්‍යාලවලින් එම කලාපයන්හි පවතින විශේෂිත අධ්‍යාපනයක් ලබා දෙන අතර සාර්ථක සිසුන් සඳහා ඍජු රැකියා අවස්ථා උදා කර දීමටද කටයුතු කරනවා. උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන සිසු සිසුවියන් වෘත්තීය ලෙස තෝරා ගන්නා කර්මාන්ත ක්ෂේත්‍රයට සුවිසල් සේවාවක් සලසනු ඇති අතර කෘෂිකර්මය, පාරිසරික විද්‍යාව සහ සංචාරක ඇතුලු ප්‍රධාන ක්ෂේත්‍රයන්හි වර්ධනය වෙනුවෙන් ඔවුන් වඩාත් සුදුසු බව ප්‍රදර්ශනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”යනුවෙනි.
මෙහිදී Study Queensland විසින් සිය ආයතන සමඟ එක්ව ජාත්‍යන්තර සිසු සිසුවියන් ගෝලීය රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම වෙනුවෙන් කර්මාන්ත අවස්ථාවන් ලබා දීමට මෙන්ම රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. එහි පවතින රැකියා අවස්ථා තව දුරටත් ඉහළ නංවමින් සිටන අතර 2032 ඔලිම්පික් උළෙලට පෙර තව දුරටත් එවැනි අවස්ථා නිර්මාණය වනු ඇතැයි මෝහණක්‍රිෂ්නන් පවසා සිටියි. සැබෑ සවර්ණමය කාල පරිච්ඡේදය ලෙස හඳුන්වන ඒ කාලය තුළ යෝජිත ව්‍යාපෘති ඉදිකිරීම්, සංචාරක හා තවත් බොහෝ කර්මාන්ත හරහා ලක්ෂයකට ආසන්න රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇත.
Trade and Investment Queensland (TIQ) යනු ක්වීන්ස්ලඩ් රජයේ ගෝලීය ව්‍යාපාරික ආයතනයයි. ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජන සහ අධ්‍යාපන හවුල්කාරීත්ව ප්‍රවර්ධනය සඳහා වගකියන එම ආයතනයෙහි කොටසක් ලෙස Study Queensland කටයුතු කරයි. ලොව පුරා සිටින දක්ෂ සිසු සිසුවියන් ක්වීන්ස්ලන්හි ඉගෙනීමට සහ පදිංචියට යොමු කර ගැනීම සඳහා ශක්තිමත් හා තිරසාර අධ්‍යාපන හා පුහුණු අංශයක් (IET) නිර්මාණය කිරීම Study Queensland හි මෙහෙවරයි.


ප්‍රියන්ත හෙට්ටිගේ











