ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් පිහිටුවා ඇති ආපදා සහ සේවා මධ්‍යස්ථාන සදහා තම නියෝජිතයෙකු පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා දැනුම් දී තිබේ.Sri Lanka Latest News
ඔහු කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ද වෙයි.
සහනසේවා මධ්‍යස්ථානවල කාර්යයන් පහසුකිරීම, මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා මෙම පත් කිරීම් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූවද, මෙය සහන සේවා දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහයක් බවට පාර්ශ්ව රැසක් චෝදනා කරයි.










