ආපදා තත්ත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වන විට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 500කට අධික විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී විදුලි ඉංජිනේරු ෂර්ලි කුමාර ප්‍රකාශ කරනවා. Sri Lanka Latest News
තවමත් මේ සම්බන්ධයෙන් ගණනය කිරීම් සහ සොයා බැලීම් සිදුකරන බවත් ඇතැම් ප්‍රදේශවල තත්ත්වය ගැන සොයා බැලීමට එම ප්‍රදේශවලට ළඟා විය නොහැකි බවත් එම නිසා මේ පිළිබඳව සම්පූර්ණ ගණනයක් කිරීමට තවත් දින කිහිපයක් යනු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.
විදුලිය බිඳ වැටීම් සහ එම කටයුතු අලුත්වැඩියා කිරීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා මෙසේද ප්‍රකාශ කළා.
ප්‍රධාන බිඳ වැටීම් කිහිපයක්ම සිදුවුණා. රන්ටැඹේ- මහියංගනය කිලෝ වොට් 132 සම්ප්‍රේෂණ මාර්ගයේ ට්‍රාන්ස්මිෂන් ටවර්ස් බිඳ වැටුණා. ඒක ඇත්තටම ලොකු ගැටළුවක්. ඒකෙන් මහියංගනය, අම්පාර, වව්නතිව් යන ප්‍රදේශ ආශ්‍රිත සැපයුම්වලට දැඩි බලපෑමක් වුණා.
ඒකට අපි තාවකාලික පිළියමක් ලෙස දැනට මොනරාගල සිට බදුල්ල දක්වා යන ට්‍රාන්ස්මිෂන් මාර්ගය හරහා යම් සම්බන්ධතාවක් අරගෙන අම්පාර ප්‍රධාන මර්මස්ථානවලට විදුලිය සැපයීමට සමත්ව තිබෙනවා. ඒක සියළු පාරිභෝගිකයින්ට දෙන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි තව සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. අඩු ධාරිතාවයකින් තමයි මේකෙනුත් විදුලිය දෙන්න වෙන්නේ. පැය ගාණක් තමයි දෙන්න වෙන්නේ. තාවකාලික කුළුණක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
අපි අපේක්ෂා කරනවා, දෙසැම්බර් 10 වනදා වනවිට ඒක සම්පූර්ණ කර රැහැන් මාර්ගය යථා තත්ත්වයට පත් කර විදුලිය ලබාදීමට.
ස්ථිර සාර විසඳුමට ටික කාලයක් යනවා. ඒ වෙනුවෙන් සේවකයින්, නිලධාරින් අට දහසකට අධික සංඛ්‍යාවක් දිවා රෑ නොබලා වෙහෙසෙමින් වැඩ කරනවා.
උකුවෙල ප්‍රදේශයට යන්න බැරුව තිබුණේ.බෝවතැන්නටත් ලොකු ඩැමේජ් එකක් වුණා. ඒකත් අර වගේම තාවකාලික කුළුණක් ගහලා විදුලිය ලබා දෙනවා.
කොලොන්නාව ග්‍රිඩ් උප පොළට හානි වුණා.
.උකුවෙල හබරණ කිලෝ වොට් 132 ලයින් එකටත් විශාල හානියක් වුණා.
ඒ වගේම බ්‍රේක් ඩවුන් ඩැමේජ් විශාල ප්‍රමාණයක් වුණා. සමහර ඒවා යථා තත්ත්වයට පත්කිරිමට තවම අසීරු වී තිබෙනවා.නමුත් හැකි ඉක්මනින් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
ජලය බැසයාම ප්‍රමාදවීම නිසා.
මහනුවර භූගත ලයින්වලට හානි සිදු වුණා.
කෙසේ නමුත් මුළු රටටම හැකි ඉක්මනින්ම විදුලිය ලබාදීමට තමයි අපි සියලුම දෙනා ලංකා විදුලි බල මණ්ඩලය දිවා රාත්‍රී නොබලා මේ වෙලාවේ වෙහෙසෙමින් සිටින්නේ.
ජනතාවට ඉක්මනින් විදුලි අවශ්‍යතාව සපුරාලීමයි අපගේ අරමුණ.










