• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර බැස්සට පස්සේ හැදෙන බෝවෙන ලෙඩ මොනවද? බේරෙන්නේ කොහොමද? දරුවන් ගැබිණි මව්වරුන් පරෙස්සම් කරගන්න ඕන කොහොමද? I Sri Lanka Latest News

December 3, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
අපි කතා කරන්නේ-බලන්නේ දකුණේ ගංවතුර ගැන විතරයි! දකුණ වගේම උතුරත් මහා විනාශයක! මුලතිව්-යාපනේ ඉදන් උතුරේ හතරකොනම ගංවතුරෙන් යටවෙලා! මිනිස්සු නන්නත්තාරයි! වගා විනාශයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුණු ආපදා තත්ත්වයකට පසු ඇති වන සෞඛ්‍යමය බලපෑම් කෙරෙහි ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. Sri Lanka Latest News

ඔවුන් අනතුරු අඟවන්නේ, එම කාලය තුල පූර්ව ආරක්ෂාව සඳහා පියවර නොගන්නේ නම් ඉන් පසු උදාවන කාලය තුළ වසංගත තත්ත්ව පවා ඇති වීමේ අවදානමක් පවතින බව ය.

ජලගැලීම් වැනි ආපදා තත්ත්වයකට පසු විශේෂයෙන්, මී උණ, පාචනය, චර්ම රෝග සහ ශ්වසන ආබාධ ආදී රෝග වැළඳීම පමණක් නොව අනතුරු සහ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු පවා ඇති වීමට වැඩි ඉඩක් ඇති බව ඔවුහු පවසති.

මෙම ලිපියේ අරමුණ එවැනි රෝගාබාධ සහ අනතුරුවලින් වැළකීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම ය.

ආපදාවට ලක්ව සිටින ඔබට මේ මොහොතේ සෞඛ්‍යය සම්බන්ධ වැඩිදුර උපදෙස් අවශ්‍ය නම්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ස්ථාපනය කරනු ලැබ ඇති, 0777119900 යන දුරකතන අංකය ඇමතීමෙන් විශේෂඥ වෛද්‍යවරුන් 76 දෙනෙකුගෙන් පමණ සමන්විත වෛද්‍ය කණ්ඩායමක සහය ලබා ගත හැකි ය.

බෝ වන රෝග

පාචනය

අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර හේතුවෙන් පාචනය වැළඳෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, ගංවතුර තත්ත්වයකදී අපද්‍රව්‍ය එකතු වී ජල මූලාශ්‍ර අපිරිසිදු වන බව ත් එවැනි තත්ත්ව යටතේ පාචනය වැළඳීමට වැඩි ඉඩක් ඇත බවත් ය.

ඒ හේතුවෙන් පානයට ගන්නා ජලය අවම වශයෙන් මිනිත්තුවක කාලයක් පමණ නටන තෙක් උණු කර නිවා පානය කිරීම සුදුසු බව ඇය පැහැදිලි කළා ය. බෝතල් කළ ජලය භාවිතය ද සෞඛ්‍යාරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

ආහාර පිළියෙළ කිරීමට පෙර දෑත් සබන් යොදා හොඳින් පිරිසිදු කිරීම ත් ආහාර පිසින භාජන හොඳින් පිරිසිදු කර භාවිතයට ගැනීමත් ඉතා වැදගත් බව ඇය පැවසුවා ය.

“අපිට පරිත්‍යාගශීලීන්ගෙන් ආහාර පැකට්ටුවක් ලැබුණා නම්, ඒක ඒ අවස්ථාවේදී ම අනුභව කරන්න ඕන,” යැයි ඇය සඳහන් කළේ, “අමු ආහාර” ලබා නොගෙන ආපදා තත්ත්වවලදී හොඳින් පිසූ ආහාර ලබා ගැනීම වාඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ද සඳහන් කරමිනි. එමෙන් ම පිසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම ද වැදගත් බව ඇය අවධාරණය කළා ය.

මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්)

මීයන්ගේ හෝ ගවයින්ගේ මුත්‍රාවලින් මී උණ බෝ වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි සඳහන් කළා ය.

ගංවතුරට ගොදුරු වූ පුද්ගලයින්, ගංවතුර ආධාර සැපයීමට ඉදිරිපත් වූ පුද්ගලයින්, ගංවතුර අතරතුර වගා කටයුතුවල නිරත වූවන්, ගංවතුර හෝ මල සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම් කළ පුද්ගලයින්, ගංවතුර බැස ගිය පසු ළිං, කාණු පද්ධති හෝ කසළ පිරිසිදු කළ පුද්ගලයින් මෙන් ම පාදවල හෝ කකුල්වල කැපුම් තුවාල හෝ සීරීම් තුවාල තිබියදී තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුණු පුද්ගලයෝ මී උණ වැළඳීමේ අවදානම් කණ්ඩායම් අතර සිටිති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, හිසරදය, තද උණ, රතු පැහැ ගැන්වුණු ඇස්, හම හෝ ඇස් කහපාට වීම සහ පාද හෝ මස්පිඩුවල අධික වේදනාවක් ඇති වීම මී උණවල මූලික රෝග ලක්ෂණ විය හැකි බව ය.

කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා යොමු වීමකින් තොරව සංකූලතා පැමිණෙන තුරු සිටීම ජීවිත අවදානම වැඩි කරන බව සභාපතිවරිය පැවසීය.

“මී උණ වැළැක්වීමට ඇති ප්‍රධාන නිවාරණ ක්‍රමය තමයි ‘doxycycline’ කියන ඖෂධය ගන්න එක,” ඇය පැවසුවා ය.

ඒ සඳහා එම ඖෂධය මිලිග්‍රෑම් 200ක මාත්‍රාවක් එක් වරක් ගැනීම ප්‍රමාණවත් බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් එම ඖෂධය ලබා ගත හැකි ය.

කෙසේ වෙතත්, ගර්භණී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සහ අසාත්මිකතා ඇති පුද්ගලයින්ට එම ඖෂධය නිර්දේශ නොකරන බව ඇය පැවසුවා ය.

එම ඖෂධය වෙනුවට ගර්භණී මව්වරුන් සඳහා ‘azithromycin’ මිලිග්‍රෑම් 250 – 500 අතර මාත්‍රාවක් දිනකට එක බැගින් දින තුනක් සඳහා නිර්දේශ කරන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය සනත් අක්මීමන පැවසීය.

ගංවතුර සමග පැතිරෙන මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්)

හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැක

ශ්වසන ආබාධ

යම් දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් රජයේ රෝහලක් වෙත ගොස් හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ජංගම සායන වෙත යොමු වී ප්‍රතිකාර ගත යුතු බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි සඳහන් කළා ය.

මදුරුවන්ගෙන් බෝ වන රෝග

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ, ගංවතුර තත්ත්වය පහව යත් ම ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝ වන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වන බව ය. ඒ හේතුවෙන් ජනතාව මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ තම ගෙවත්ත පිරිසිදු කිරීමේ කාර්යය පෞද්ගලිකව සිදු කිරීම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඉවහල් වන බව ඇය පැවසුවා ය.

ඊට අමතරව සෙංගමාලය සහ චර්ම රෝග ද ආපදා තත්ත්ව හේතුවෙන් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

බෝ නොවන රෝග

දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්ගේ සෞඛ්‍ය වාර්තා සහ ඖෂධ විනාශ වී ඇති නම්, ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් හෝ ජංගම සායන වෙත හෝ රජයේ රෝහල් වෙත ගොස් හෝ අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සිදු කළ හැකි බව ඇය තවදුරටත් පැවසුවා ය.

ජලගැලීම්වලට හසුවූ ළිං පිරිසිදු කර ගන්නේ කෙසේ ද?

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි සඳහන් කළේ, තමන් ජලය ලබා ගත් ළිං ජලගැලීම්වලට හසුව ඇති නම් ඒවායේ ජලය පානයට ගත යුත්තේ නිසි ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරුව බව ය.

“පනිට්ටු පාවිච්චි කරලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පොම්ප මගින් පිරිසිදු කර ගත්තාට කමක් නැහැ. නමුත් අපි නිර්දේශ කරන්නේ, ළිඳේ වතුර පාවිච්චි කරන්න කලින් ළිඳට ක්ලෝරීන් දාන්න ඕනේ. ඒක අපිට පෞද්ගලිකව කරන්න බැහැ. ඒ ඒ ළිඳේ වර්ග අඩි ප්‍රමාණය අනුව අවශ්‍ය ක්ලෝරීන් ප්‍රමාණය ගණනය කරන්න සමීකරණයක් තියෙනවා.

අපිට කරන්න පුළුවන් දැනුවත් කරන එක. එතකොට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කිව්වොත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කිව්වොත් ඇවිල්ලා ඒ ළිඳට අවශ්‍ය ක්ලෝරීන් ප්‍රමාණය ගණනය කරලා ලබා දෙනවා,” ඇය ළිං ක්ලෝරීනීකරණය කර ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කළා ය.

මානසික සෞඛ්‍ය

ආපදා හේතුවෙන් වැඩිහිටි මෙන් ම දරුවන්ගේ ද මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල විය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි පෙන්වා දුන්නා ය.

    යම් කෙනෙකු එවැනි තත්ත්වයක් අත්විඳිනවා නම් ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇය මෙලෙස පැහැදිලි කළා ය.

    “අපි දෙන උපදෙස තමයි මුලින් ම තමන්ට විශ්වාසදායක පවුලේ කෙනෙකු හෝ මිතුරෙකු සමග ඒක හුවමාරු කර ගන්න. තවදුරටත් උපකාර අවශ්‍ය නම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ තියෙනවා 1926 අංකය, ඒක අමතන්න. මේ ව්‍යසනයෙන් පස්සේ විශේෂ කණ්ඩායමක් යොදලා උපදේශනය සිදු කරනවා.”

    අනතුරු

    ජලගැලීම්වලට හසු වූ නිවසක් වෙත යළි පදිංචිය සඳහා යාමේදී විවිධ අනතුරුවලට මුහුණ දිය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.

    “නොයෙකුත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. පෙඟිලා තියෙන නිසා තාප්පය වුණත් කඩා වැටෙන්න පුළුවන්. විදුලි බලය නැති වෙලා තිබිලා එක පාර විදුලිය එද්දී නොයෙකුත් අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේ ම සර්පයෝ ඉන්න පුළුවන්.”

    ඇය අවධාරණය කළේ, ජලය බැස ගිය පසු තම නිවස හොඳින් පරීක්ෂා කර ඒ වෙත යාමෙන් මෙවැනි අනතුරු සිදුවීම වළකා ගත හැකි බව ය.

    ගර්භණී මව්වරුන්

    දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ ඇති අවතැන් වී සිටින ගර්භණී මව්වරුන් ලබා ගන්නා ඖෂධ විනාශ වී ඇති නම් හෝ අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදු කර ගැනීමට අපහසුතා පවතින්නේ නම්, ළඟ ම ඇති පහසුකම් සහිත රෝහලක් වෙත පිවිස ඊට අදාළ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය සනත් අක්මීමන පැවසීය.

    “සති 36 හෝ එය ඉක්මවූ ගර්භණී අවධියේ පසු වන මව්වරුන් පහසුකම් තියෙන ළඟ ම තියෙන රෝහලට ඇතුළත් වෙන්න. නැත්නම් රාත්‍රී කාලයේ හදිසියක් ඇති වුණා ම රෝහල්ගත වෙන්න ගමන් කරන්න වාහනයක් හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්,” ඔහු පැහැදිලි කළේ ය.

    ඔහු තවදුරටත් සඳහන් කළේ, ‘ගර්භණී කාඩ්පත’ නැති වූ මව්වරුන් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව ය. බොහෝ අවස්ථාවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අමතර කාඩ්පතක් ඇති බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

    “බැරි වෙලාවත් මේ කාඩ් එකකත් වතුරට යට වෙලා විනාශ වෙලා නම්, බය වෙන්න එපා. මොක ද අපේ රෝහල්වල ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු ඒ අයට ස්කෑන් පරීක්ෂණ සිදු කරලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න පුළුවන්,” ඔහු පැවසීය.

    ගර්භණී මව්වරුන්ගේ උදරය ඉදිරියට නෙරා ඇති බැවින් ඔවුන්ගේ ශරීරයේ සමතුලිතතාව බෙහෙවින් අඩු බව සඳහන් කළ වෛද්‍ය සනත් අක්මීමණ පැවසුවේ ලිස්සා වැටීම වැනි හදිසි අනතුරුවලින් ඔවුන් ප්‍රවේසම් විය යුතු බව ද ප්‍රකාශ කළේ ය.

    “පළඳින පාවහන් වුණත්, ලිස්සනසුලු ඒවා නොදා ඉන්නවා නම් හොඳ යි,” සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    දරුවන්

    ආපදා අවස්ථාවක මෙන් ම ඉන්පසුව ද දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පැවසීය.

    ඔහු පෙන්වා දුන්නේ, වැඩිහිටියන් “දරුවන් තමාට පේන මානයේ” තබා ගැනීමට පියවර ගත යුතු බවත් ආපදා සිදුවූ ස්ථාන නැරඹීමට දරුවන් රැගෙන නොයන ලෙසත් ය.

    දරුවන්ගේ පෝෂණය ගැන සඳහන් කළ මහාචාර්යවරයා පැවසුවේ, තම දරුවාට මව්කිරි ලබා දෙන්නේ නම් එය අඛණ්ඩව සිදු කරන ලෙස ය. එමෙන් ම සෑම විට ම ඔවුන්ට පිසින ලද ආහාර ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු පැවසීය.

    ජලය සෑම අවස්ථාවකදී ම උණු කර නිවා දරුවන්ට පානයට ලබා දීම ද වැදගත් බව සභාපතිවරයා අවධාරණය කළේ ය.

    එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ, දරුවන්ගේ මලපහ බැහැර කිරීම “ඉතා ක්‍රමානුකූලව” සිදු කළ යුතු බව ත් එසේ නොකරන්නේ නම් එය අනෙක් පුද්ගලයින්ගේ සෞඛ්‍යයට හානිදායක විය හැකි බව ත් ය.

    ඊට අමතරව, දීර්ඝ කාලීනව ලෙඩරෝගවලට ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ ඖෂධ හෝ රෝග වාර්තා විනාශ වී ඇති නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු වී ඊට අදාළ උපදෙස් ලබා ගන්නා ලෙස මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

    දරුවන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ද වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පැවසීය.

    “දරුවන් ඉතාමත් ආදරයෙන් රැක බලා ගැනීම ඉතාමත් ම වැදගත්. මොක ද මේ වෙලාවේ ඇති වෙන මානසික කැළලක් දීර්ඝ කාලීනව ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දරුවන්ට යම් රෝගී තත්ත්ව වැළඳී ඇති නම් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් කටයුතු කරන ලෙස ය.

    “දරුවෙක් ගොඩක් වමනය කරනවා නම්, දවස් දෙකකට වඩා සැරට උණ තියෙනවා නම්, මුත්‍රා කිරීම පැය 6කට 7කට සිද්ධ වෙලා නැතිනම්, අධික ලෙස පාචනය තියෙනවා නම් දවසකට 6-7 පාරක්, පාචනය සමග රුධිරය යනවා නම්, ඒ වගේ අවස්ථාවකදී බල බලා ඉන්න එපා. රෝහලකට යන්න.”

    ඊට අමතරව දරුවන්ගේ එන්නත් මග හැරී ඇති නම්, තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී ඊට අදාළ උපදෙස් ලබා ගන්නා ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පැවසුවා ය.

    “දරුවාගේ ප්‍රතිශක්තිකරණ එන්නත මග හැරිලා නම් පහුගිය දවස්වල එක ම දෙයයි කරන්න තියෙන්නේ, තමන්ගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මියව හම්බ වෙන්න. ඒ නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යන්න. ඊළඟට දරුවන්ගේ ළමා වර්ධක සටහන ඉතා අවාසනාවන්ත විදිහට නැති වුණා කියමු. කිසි දේකට බය වෙන්න එපා. පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මිය ළඟ බී කොටස තියෙනවා. ඒකෙන් අලුත් කාඩ් එකක් ලියලා දෙයි. ඒ ගැන කිසි ම බියක් ඇති කර ගන්න එපා,” ඇය අවධාරණය කළා ය.

    වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ගැන ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

    BBC සිංහල

    SendShareShare
    Previous Post

    ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන හිටපු මුදල් ඇමැති රවීගෙන් පළමුවරට ලොකු හෙළිදරව්වක්! සිද්ධිය වෙද්දි මහබැංකුව තිබ්බේ මගේ යටතේ නෙමෙයි අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ! රාජ්‍ය බැංකු-වාණිජ බැංකු තිබුණේ කබීර් හෂීම් යටතේ! VIDEO I Sri Lanka Latest News

    Next Post

    විමල්ව වහාම අත්අඩංගුවට ගන්න! උසාවියෙන් නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

    MORE NEWS

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

    ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
    Exclusive

    වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    ‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

    හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
    Exclusive

    වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

    කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
    Exclusive

    ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

    Load More
    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

    පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

    Read more
    ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

    වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

    ‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

    හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

    වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.