රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ පීඩාවට පත් ජනතාව පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් අද (30) සවස 6.00 වන විට නවතම සංඛ්‍යා ලේඛන නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
එම වාර්තාවට අනුව, මේ වනවිට පුද්ගලයින් 334 දෙනෙකු මියගොස් ඇති අතර, පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරනු ලබන්නේ.
එමෙන්ම, මෙම ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 309,607ක්.
තවද, පීඩාවට පත් පුද්ගලයින් ගණන 1,118,929ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.










