නැගෙනහිර වරාය පර්යන්තය නැවත පවරා ගන්නා ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අද (02) පෙරවරුවේ පැවැති සාකච්ජාවකින් අනතුරුවය.
අගමැතිවරයා හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර මෙම සාකච්ජා පැවැත්වුණේ හම්බන්තොට කාල්ටන් නිවෙසේදීය.










