ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ‘වියක් මග’ ගම්පහ සංකේතය වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ප්රතිපත්ති ප්රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමට පියවර ගත්තේය.
ඒ පසුගියදා ජනාධිපතිවරයා නාලක ගොඩහේවා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ගම්පහ පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදීය.
මෙහිදී ජයග්රහණයෙන් පසු ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්රික්කය තුළ සිදු කිරීමට නියමිත දසවැදෑරුම් වැඩපිළිවෙළ මෙම ප්රතිපත්ති ප්රකාශයේ ඇතුළත්ය.














