• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාටයි මහින්දටයි එකට වැඩ කරන්න පුළුවන්ද? (රටේ පැත්ත)

August 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාටයි මහින්දටයි එකට වැඩ කරන්න පුළුවන්ද? (රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨා ජනාධිපති වූවාට පසු කොළඹ දේශපාලනයේ තදටම ගිය කතාවකින් කියැවුණේ ගෝඨා මහින්ද එක්ක ලොකු ප්‍රශ්නයක සිටිනවා කියාය. ගෝඨාභය ජනාධිපති වෙලා අගමැති මහින්දගේ තටු කපලා බලය අතට ගෙන වැඩ කරන්න පටන් අරන් යැයි කියා ඒ ගිය කතාවලින් වැඩිදුරටත් කියැවිණ.
හැබැයි 19 වැනි සංශෝධනයට අනුව ඊළඟට බලය එන්නේ අගමැතිට නිසා මහින්ද ඡන්දෙන් පසුව අගමැති වී පුටුවේ වාඩිවුණාම ගෝඨාභයගේ තටු කපලා විධායක බලය තමන් අතට ගනු ඇති බවද මේ කතාවලින් වැඩිදුරටත් කියැවිණ. ඒ නිසා මේ දවස්වල හැමෝම අහන්නේ කොළඹ දේශපාලනයේ එහෙට මෙහෙට කැරකෙන මේ කතාව ඇත්තක්දැයි කියාය.
19 වැනි සංශෝධනය සම්මත කළායින් පසුව වරක් මහින්ද මරු කතාවක් කීවේය. මහින්ද කීවේ මෛත්‍රිපාලගෙයි, රනිල්ගෙයි ආණ්ඩුව එළ හරකයි, මී හරකයි වගේ කියාය. දෙන්න දෙපැත්තට අදිනවා මිසක්, දෙන්නගෙ දෙපැත්තට ඇදිල්ලෙන් රට විනාශ වෙනව මිසක් රටට වෙන සෙතක් නැති බව මහින්ද එහිදී කියා සිටියේය.
මහින්ද කියපු ඒ කතාව හරියට හරිය. එදා මෛත්‍රිපාලත්, රනිලුත් එක්ව ආණ්ඩුව කරනවාට වඩා කළේ දෙපැත්තට වී දෙපැත්තට ඇද ඇද වැඩ කරපු එකය. ඒකට හොඳම උදාහරණය ආර්ථිකය හදන්න රනිල් පත් කළ ආර්ථික කමිටුවය. රනිල් ඒකට පත් කළේ තමන්ගේ හිතවතුන්ය. හැබැයි මෛත්‍රිපාල හැමදාම මේ රනිල්ගේ ආර්ථික කමිටුවේ වැඩ කැබිනට් එකේදී බාල්දු කළේය. එසේ බාල්දු කොට අවසානයේදී රනිල්ගේ කමිටුවට උඩින් තමන්ගේ හිතවතුන්ගෙන් සමන්විත ජාතික ආර්ථික කවුන්සිලයක් නම් කිරීමට මෛත්‍රිපාල කටයුතු කළේය. ඒකෙන් වුණේ මහින්ද කීවා වගේ එළ හරකයි, මීහරකයි වගේ වැඩක්ය. රනිල්ගේ ආර්ථික කමිටුව රටේ ආර්ථිකය එක පැත්තකට ඇදගෙන යද්දී මෛත්‍රිපාලගේ ජාතික ආර්ථික කවුන්සිලය රටේ ආර්ථිකය තව පැත්තකට ඇදගෙන ගියේය. ප්‍රතිඵලය වුණේ බලාගෙන ඉද්දී රටේ ආර්ථිකය බිමට කඩන් පාත් වුණු එකය.
ඊට පස්සෙ රටට මුහුණ දෙන්නට වූ ගංවතුර, නියං, නායයෑම්, පාස්කු බෝම්බ ප්‍රහාරය වැනි විනාශයන්වලදී පවා රනිලුත්, මෛත්‍රිපාලත් තරගයට කමිටු දදා හිටියා විනා ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න කටයුතු කළේ නැත. ඒකෙන් වුණේ රටම විනාශ වුණ එකය.
“නිකන් හරි කොරෝනා එද්දි මෛත්‍රිපාලගෙයි, රනිල්ගෙන් ආණ්ඩුවක් තිබ්බ නම් රටට අද මොන වින්නැහියක් වෙලා තියෙයිද?”
අද ආණ්ඩුවේ සිටින සමහර ඇමැතිවරුන් රටේ ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින්නේ ඒකය.
ඇත්තටම කොරෝනා වසංගතය එද්දී අද මෛත්‍රිපාලගෙත්, රනිල්ගෙත් ආණ්ඩුවක් තිබුණා නම් මෛත්‍රිපාල මුළු රටම ලොක්ඩවුන් කරන්න කියනවාට කිසිම සැකයක් නැත. රනිල් ආර්ථිකය විනාශ වෙනවා යැයි කියා රට ලොක්ඩවුන් කරනවාට විරුද්ධ වෙනවාට කිසිම සැකයක් නැත.
කොරෝනා මර්දනයට මෛත්‍රිපාල තමන්ගේ කට්ටිය දමා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවාට සැකයක් නැත. රනිලුත් තමන්ගේ කට්ටිය දමා අගමැති කාර්ය බළකායක් පිහිටුවනවාට සැකයක් නැත. සෞඛ්‍ය ඇමැති රාජිත මේ දෙන්නම ෂේප් කරගන්න ඕනෙ නිසා ඒ කාර්ය සාධක බළකා දෙකට අමතරව තමන්ගේ කාර්ය සාධක බළකායක් පිහිටුවාගෙන ඒකට තමන්ගේ කට්ටිය ඇතුළත් කරගන්නවාට සැකයක් නැත.
මේ තුන්දෙනාම තුන් පැත්තට ඇද ඇද රණ්ඩු කර කර සිටිද්දී මේ රටේ සියලු රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී යනවාට කිසිම සැකයක් නැත. අද මේ අය රටේ ආර්ථිකය විනාශ වෙනවා කියා ආණ්ඩුවට දෙස්දෙවොල් තිව්වත් මේ අය හිටියා නම් අද ආර්ථිකය විතරක් නොව මුළු රටම විනාශ වී, මුළු රටම එකම මළගෙයක් වෙනවාට කිසිම සැකයක් නැත. එසේ ඔවුන් බලයේ හිටියා නම් සාමාන්‍ය ජනතාව විතරක් නොව දේශපාලකයොත්, ක්‍රීඩකයොත්, නළු නිළියොත් කොරෝනා වැළඳී මියයනවාට කිසිම සැකයක් නැත. ඒ නිසා කොරෝනා එන්න මාස කිහිපයක් තියා මෛත්‍රිපාල – රනිල් යහපාලන ආණ්ඩුව ගෙදර ගියේ රටේත්, ජනතාවගේත් පෙර පිනකටය.
“එතකොට 19 වැනි සංශෝධනය හින්ද ජනාධිපතිගෙයි, අගමැතිගෙයි බලතල ගැන මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් තියෙද්දිත් කොහොමද ගෝඨයි, මහින්දයි කොරෝනා වසංගතය මර්දනය කළේ?”
කොරෝනා වසංගතය මර්දනය කරන්න පුළුවන් වුණේ මහින්ද අගමැති විදිහට හිටියත් ජනාධිපතිවරයා විදිහට ගෝඨාභයට ඒක මර්දනය කරන්න අවස්ථාව ලබා දුන් නිසාය. ගෝඨාත්, හමුදාව, පොලිසිය යොදා කොරෝනා වසංගතය මර්දනය කරන්නට පියවර ගත්තේය. අගමැති විදිහට මහින්දත්, සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට පවිත්‍රාත් කළේ ගෝඨා ගෙනගිය ඒ වැඩපිළිවෙළට පූර්ණ සහාය දුන්න එකය. ගෝඨා කැඳවූ මීටින්වලට ගිහින් ඒවායේ අඩුපාඩු තිබේනම් ඒවා පෙන්වා දීමය. ගෝඨාත් ඒ අඩුපාඩු පිළිගෙන වසංගතය මර්දනය කරන්නට පියවර ගත්තේය.
ගෝඨා මේ විදිහට කොරෝනා පාලනය කිරීම ගැන මුළු ලෝකයම බලන් හිටියේය. චීන ජනාධිපති ෂී ජින් පින්ග් ගෝඨාට කතාකොට පෞද්ගලිකවම ඒ පිළිබඳව සුබපැතුවේය. දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවුඩයක් තබමින් ගෝඨාගේ වැඩපිළිවෙළ ප්‍රශංසාවට ලක්කළේ දැඩි තීන්දු තීරණ ගෙන ගෝඨා කොරෝනා මර්දනය කළා යැයි කියාය. දකුණු ආසියාවේ බලවතා වුවත් අද මෝඩිත් කොරෝනාවෙන් ඉන්නේ හොම්බ බිම ඇනගෙනය. අද වන විට කොරෝනා වාර්තාවෙන් ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණක්ය.
ජනාධිපති, අගමැති බලතල ගැන ප්‍රශ්න තියෙද්දිත් ගෝඨාභය කොරෝනා මර්දනය කළේ ඒ ආකාරයටය.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකම පීල්ලේ යමින් එකම විදිහට හිතමින් කටයුතු කළහොත් ප්‍රශ්නවලින් ජයග්‍රහණය කළ හැකි බවට එකම උදාහරණය මේ කොරෝනා පමණක් නොවේ. අතීතයේද මේ සඳහා ඕනෑ තරම් උදාහරණ තිබේ. ඒකට අනෙක් හොඳම උදාහරණය යුද්ධයය. ඒ දවස්වල යුද්ධය පරාජය වුණේ ජනාධිපතිත්, ඊට යටින් සිටි ආරක්ෂක ලේකම්වරයාත් දෙපැත්තට ඇදීම නිසාය.
87 ආරක්ෂක හමුදාව වඩමාරච්චි අල්ලන්න යද්දී ජේ.ආර්. ඉන්දීය බලපෑමට නතුව යුද්ධය නැවැත්වීමට කටයුතු කළේය.
ප්‍රේමදාසද ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය විදිහට යුද්ධ කරන්න ඉඩ තිබ්බේ නැත.
අනතුරුව ඩී.බී. විජේතුංග කාලයේ ආරක්ෂක හමුදා නැඟෙනහිර මුදාගෙන යාපනය මුදාගන්න යද්දී ඩී.බී. ආරක්ෂක ලේකම්ට කතාකොට කීවේ මිනිස්සු මැරෙනවා නම් යුද්ධය නවත්වන්න යැයි කියලාය. චන්ද්‍රිකාගේ අන්තිම කාලයේත් විජේතුංගගේ වගේම හමුදාවේ නායකයන් අතර යුද්ධය සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවක් පැවතුණේ නැත. හමුදාපතිවරු ඇතුළේ ගහමරා ගත්තේය.
හැබැයි මහින්ද යුද්ධය දින්නේ ගෝඨා ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය මෙහෙයවද්දී ඔහුට බය නැතිව සියලු බලතල ලබාදුන් නිසාය. ගෝඨාටද යුද්ධය දිනන්න පුළුවන් වුණේ මහින්ද ජනාධිපති පුටුවේ සිට යුද්ධයට ඇඟිලි ගැසුවේවත්, බලපෑම් කළේවත් නැති නිසාය. ඒ නිසා යුද ජයග්‍රහණයට ප්‍රධාන ලෙසම බලපෑවේ මේ මහින්දගේත්, ගෝඨාගේත් සුසංයෝගයය.
කොරෝනා වසංගතය මර්දනය කළේත්, මේ මහින්ද ගෝඨා සුසංයෝගයමය.
ඊළඟට ජයගන්න තියෙන්නේ රටේ ආර්ථික යුද්ධයය. මෛත්‍රිපාලයි, රනිලුයි එළ හරකයි, මී හරකයි දෙපැත්තට දෙපැත්තට ඇද විනාශ කළ රටේ ආර්ථිකය ගොඩදාන්න වෙන්නේත් ගෝඨා – මහින්ද මේ සුසංයෝගයටමය. ලබන බදාදයින් පසු ගෝඨාත්, මහින්දත් අත තියන්නේ ඒ යුද්ධයටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

වෛරසයක් වගේ හැම තැන පැතිරෙන සත්‍යා

Next Post

මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.