• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්ද සිංහලෙන්ම කියනව නම් සජබ නුගේගොඩට නොගියේ මේ නිසයි ! Sri Lanka Latest News

November 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකත්වයෙන් සහ විපක්ෂයේ තවත් පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් පසුගිය 21 වැනිදා නුගේගො2ඩදී පැවැත්වූ ජන රැලිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතය ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක මහතා කටයුතු කළා. පහත පළවන්නේ The Life Traveler යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් එම සාකච්ඡාවෙන් කොටසකි.Sri Lanka Latest News

ඇත්ත වශයෙන්ම යම් යම් පාර්ශ්ව මේ නොවැම්බර් 21 රැලිය පිළිබඳ යම් යම් මත ඉදිරිපත් කරනවා. මං හිතන්නේ පක්ෂයක් විදියට අපි ඒ ගැන අපේ අදහස දිගින් දිගටම ඉදිරිපත් කළා. මේ රටේ වැදගත්, මහත්මා සහ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කරන පිරිස් මං ආමන්ත්‍රණය කරන්නේ.

මේ නොවැම්බර් 21 රැලියට අපි එදා ඉඳලා යන් නෑ කියලා තීරණය කළේ, මේකෙ යම්කිසි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් තියෙනවා කියලා අපිට පෙනිච්ච නිසා. සජිත් ප්‍රේමදාස මීටර් සීය දුවනවා වගේ දේශපාලනය කරන පුද්ගලයෙක් නෙවෙයි කියන එක නැවත නැවතත් ඔප්පු වෙන අවස්ථාවක් මේක. ඔහු දුර දක්නා නුවණින් වැඩකරනවා කියන එක මේකෙනුත් අපිට පැහැදිලි වුණා. මම එහෙම කියන්න හේතුව තමයි, සමගි ජන බලවේගය විදියට අපි හැම වෙලේම කතාකරන්නේ විපක්ෂයේ ඉන්නකොටත්, විපක්ෂ නායකවරයත්, හැම වෙලේම අපි කතා කරන්නේ රට කොහොමද කරන්නේ, බලය ගන්නේ කොහොමද කියන එකට වඩා, බලය ගත්තම රට කරන්නේ කොහොමද කියන එක තමයි අපේ මාතෘකාව. හැබැයි අවාසනාවකට මාධ්‍ය හරහාත්, නොයෙකුත් කණ්ඩායම් හරහාත් මේක හැම වෙලාවෙම හරිම විදිහට වාර්තා කරන්නේ නෑ.
මොකද මේ ආණ්ඩුව බලය කොහොම හරි ගන්න උප්පරවැට්ටියක් කරාට, බලය අරගෙන රටට සේවය කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අද මේ රටේ තිබෙන ඉතාම බරපතළ ප්‍රශ්න සිල්ලරට අරගෙන, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න නැතුව, ප්‍රධාන විපක්ෂය වන අප එල්ල කරමින් අපට චෝදනා කරන එක තමයි ආණ්ඩුවේ රාජකාරිය සහ විපක්ෂයයි කියාගන්නා යම් යම් කුමන්ත්‍රණකාරී පිරිස්වල කර්තව්‍යය.

ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ විදියට දුර දක්නා නුවණින් කටයුතු නොකෙරුවා නම්, අද අපිට තළන්නේ, අන්න අපිත් ගිහිල්ලා ප්‍රතිපත්තියක් නැති ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සුත් එක්ක හිටගත්තා කියලා. පක්ෂයක් විදියට මම විශේෂයෙන් මතක් කරන්න කැමැතියි, අපි මේ රටේ ප්‍රතිපත්තිමය දේශපාලනය නියෝජනය කරන ප්‍රධානම විපක්ෂ කණ්ඩායම. අපි ඕනෙම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා, වැඩකටයුතු කරනවා, ප්‍රතිපත්තියක් තිබෙනවා නම්. එහෙම නැතුව, ප්‍රතිපත්තියක් නැතුව, කරන්නං වාලේ දේශපාලනය කරලා මේ රටට අත්වෙලා තිබෙන විනාශය තවත් තීව්‍ර කරන්න අපි කිසිසේත්ම එක තැනක හිටගන්නේ නෑ. ඒ නිසා අපේ නායකයාගේ දුරදක්නා නුවණ සහ ඔහු ඈත සිටම මේක දැකපු එක පිළිබඳ අපි මේ පක්ෂයේ සාමාජිකයන් විදියට සන්තෝෂ වෙනවා, ස්තුතිවන්ත වෙනවා. මොකද නොදැන ගියොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණය අපි කවුරුත් දන්නවා.

මේ වර්තමාන ආණ්ඩුවත් ප්‍රතිපත්තියක් නැතුව බලය අරගෙන අද රටම විනාශ කරනවා. මීට කලින් හිටපු පිරිසුත් පුද්ගල චරිත උළුප්පවාගෙන, ප්‍රතිපත්තිගරුක නැතුව කටයුතු කරපු නිසා රට අද මෙතැනට පත්වෙලා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මිනිස්සු උසුළුවිසුළු කරනවා බස් දුන්නා, පරිගණක දුන්නා, කොම්පියුටර් දුන්නා කියලා. හැබැයි තමුන්නාන්සේලා හිතන්න විපක්ෂයේ ඉඳගෙන එහෙම කරන්න පුළුවන් මිනිහෙකුට රටක් ලැබුණම කොහොම කරයිද කියලා. එතුමාට වැඩිපුරම පරිභව කරන්නේ මේ කුමන්ත්‍රණකාරී පිරිස්.

හදිස්සියක් තිබ්බා නම් දින 52, අපි කවුරුත් දන්නවා සිරිසේන ජනාධිපතිතුමා ඔහුට ඉල්ලීම් ගණනාවක් කළා අගමැති වෙන්න කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස කිව්වේ ‘මට මගේ නායකයා රනිල් වික්‍රමසිංහට පිහියෙන් අනින්න බැහැ’ කියලා. එහෙම කිව්වේ. ‘මට ඒ වැඩේ කරන්න බැහැ. මම ඉන්න පක්ෂය මට කෙළෙසන්න බැහැ..’ කියලා. එහෙනම් එදා ඔහුට අගමැති වෙන්න තිබ්බා. අදටත් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කතාවේ අන්තර්ගතය ගැන හිතන්න. අන්තර්ගතය ගැන හිතුවොත් ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කවුද රටේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනීහිටින්නේ කියලා. අදටත් ඔහු පාර්ලිමේන්තුවේ කතාකරනකොට විපක්ෂයේ ඝෝෂා කරන්නේ ඔහුගේ කතාවේ අන්තර්ගතයක් තිබෙන නිසා. ඒ නිසා මං ප්‍රධාන වශයෙන්ම අද ඉස්මතු කරන්නේ, 21 වැනිදා රැලිය හා අපි සම්බන්ධ නොවුණේ ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන්.

දේශපාලන පක්ෂයක් එක්ක කටයුතු කරනවා නම් අපි පළවෙනියටම ඉල්ලන්නේ කුමාරවරු කවුද කියන එක නෙවෙයි, ප්‍රතිපත්තිය මොකක්ද කියලා. කුමාරවරු හදන්න අපි දේශපාලන කඳවුරුවලට යන්නෙත් නෑ. ඒ වගේ තැන්වලට කුමන්ත්‍රණකාරී කටයුතු කරන අයත් එක්ක වැඩකටයුතු අපිට කරන්න අවශ්‍යතාවකුත් නෑ. 21 වුණේ මොකක්ද කියන එක, එනවා කියපු කට්ටිය ආවේ නෑ, ගියපු කට්ටිය කතා කළේ වෙන දේවල්. එයාලා හිතුවා අපිවත් ඔතැනට ගෙනල්ලා අන්න සජිතුත් හොරා, සජිතුත් තක්කඩියා කියලා ලේබල් එකක් ගහන්න. ඉතින් අපිට තිබ්බා යම්කිසි ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය තුළ අපි තීන්දු කළා එදා එන්නෙ නෑ කියලා.

ප්‍රශ්නය
ඔබතුමා කියන්නේ 21 රැලිය හින්දා අන්තිමට යූ.එන්.පී.යයි සජබයයි එකතු වීමටත් බාධාවක් වගේද?

පිළිතුර
නෑ නෑ. 21 රැලිය නිසා ඉතාම හොඳ දෙයක් සිද්ධ වුණා. සමගි ජන බලවේගයේ දක්ෂිණාංශික කඳවුරවත්, එක්සත් ජාතික පක්ෂයවත් පාවා දෙන්නේ නෑ කියන එක අපි ඔප්පු කළා. එක්සත් ජාතික පක්ෂයේ අකිල හිටියද එතැන? රුවන් විජේවර්ධන හිටියද? නවීන් දිසානායක හිටියද? එයාලා හිටියේ නෑනේ. මොකද එයාලා ගියේ නැත්තේ, එතුමන්ලත් දැක්කා මේකේ බරපතළ හානිය. අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ගියාද කියන්නකෝ? එතුමට ඒ මඟුල් ගෙදර ලොකු වුණා, එතුමාම නායකත්වය දීපු කඳවුරට එන්නේ නැතුව. මේ කුමන්ත්‍රණය තේරෙන්නේ නැද්ද? මෙතැන මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා?

දැන් එයාලට තිබ්බ ලොකුම ප්‍රශ්න මොකක්ද, අපි එනවද නැද්ද කියන එක. අපි ආශීර්වාද කරා. අපි කිව්වා රයිට්, විපක්ෂය ඕනිම කඳවුරකට, ඕනිම කණ්ඩායමකට රැලියක් තැබීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි තමයි නිල විපක්ෂය. අපි තමයි පාර්ලිමේන්තුවේ සටන ගෙනියන්නේ. ඒ නිසා ඉදිරියේදී පළාත් සභා ඡන්දයක් සම්බන්ධයෙන් විරෝධතාවක් තිබ්බා කියන්න, මේ රටේ දැවෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන්… අපි එතැනට එනවා. එදා ‘ගෝඨා ගෝ හෝම්’ කියනකොට ජනතා විමුක්ති පෙරමුණ ආවේ නෑ පක්ෂයක් විදියට. එයාලා කුමන්ත්‍රණය කළේ එළියෙන් සල්ලි හොයන එකයි බලය ගන්න එකයි. හැබැයි සමගි ජන බලවේගය එතෙන්ට මැදිහත් වුණා. අයි.එම්.එෆ්. එකට පළමුවැනියටම යන්න කියලා කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, සමගි ජන බලවේගය.

මම අහන එකම එක දේ, ඔබතුමන්ලා මේ ප්‍රශ්නය අහන්න යූඑන්පීයේ ඉතුරු වෙච්චි ජෙන්ට්ල්මන්ලා ඉන්නවා. රුවන් විජේවර්ධනගෙන් අහන්න ඇයි ගියේ නැත්තේ? අකිල විරාජ්ගෙන් අහන්න ඇයි ගියේ නැත්තේ? නවීන් දිසානායකගෙන් අහන්න ඇයි ගියේ නැත්තේ? ඉතින් අසරණ වුණේ ඒ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා සහ ක්‍රියාකාරීන්. ඇයි ලොක්කෝ එනවා කියලා ලොක්කෝ ගියේ නෑ. එයාලට පිළිගත හැකි ලොක්කෝ ගියේ නෑ. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ පාපකර්ම වැඩේ කරන්න එපා. සජබයත් එක්ක කටයුතු කරන මොඩ්ල් එක අපි කතා කරමු. අපි හැම වෙලේම බැගෑපත්ව ඉල්ලීමක් කරන්නේ මේක කුමන්ත්‍රණයක්. අන්තිමේදී වේදිකාව හැදුවේ කුමාරවරු හදන්න. අර බදුල්ලේ හාදයා කිව්වේ ඒකනේ. හරීන්ට එහෙම කියන්න පුළුවන්කම තිබ්බම හිතන්න කොච්චර පාවාදීමක්ද මේක කියලා.
ඒ නිසා 21 අපි නොගියේ අපිට නාමල් රාජපක්ෂ එක්කවත් කා එක්කවත් තරහක් නිසා නෙවෙයි. ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තිය මොකක්ද කියලා කියන්න ඕනේ. දැන් ඔය හැමෝම මේකට හානි කරපු මිනිස්සුනේ මේ රටට. හානි කරපු ඉන්දනේ ප්‍රතික්ෂේප කළේ. නැත්නම් බේරේ වැවට බහින්නේ නෑනේ කවුරුත්. ඒ නිසා අපි කිසිසේත්ම ප්‍රතිපත්තියක් නැති, කටමැත දොඩවන දේශපාලනයක් එක්ක අපි කටයුතු කරන්නේ නෑ. මොකද මේ රටේ මිනිස්සුන්ව අමාරුවේ දාන්න බෑ. කවුරු හරි හිතනවා නම් මේ හැමෝම එකතු කරගෙන ඕනෙ මඩ වළක ලැගලා දේශපාලනය කරන්න ඕනේ කියලා, මම හිතන්නේ එතැන අපි නෑ. අපිට සුපැහැදිලි, අවංක නායකත්වයක් තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කියන්නේ ඔබතුමා හොඳටම දන්නවා සිද්ධ වෙන දේ. මේ පොලිටිකල් ප්ලේ එක එයා දන්නවා. He knows this very well. Mr. Ranil Wickremesinghe knows this political game. කරුණාකරලා ඔබතුමා වැඩිහිටි ජ්‍යෙෂ්ඨයෙක් විදියට මේ ගේම් එක ප්ලේ වෙන්න දෙන්න එපා. මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ. මමත් හිටියේ එතැනනේ. එතුමාව ප්‍රතික්ෂේප කළේ, එතුමා ඒ වෙලාවේ සජබයත් එක්ක එකතු වෙන්න කටයුතු නොකර, තක්කඩිත් එක්ක කටයුතු කරපු නිසා.

හොඳට බලන්න 21 වැනිදා වේදිකාවට රනිල් මහත්තයාගේ සිලින්ඩරේ හිටපු චරිත කීපයක් ගොඩවුණේ නෑ. හොයලා බලන්න ගම්පහ ඉන්න දෙන්නෙක් තුන් දෙනෙක් ආවේ නෑ. නුවර කට්ටිය ආවේ නෑ. ඇයි? ඒ අය දන්නවා මේ යන්නේ කොහෙද කියලා. ඒ නිසා අඩුම තරමේ මේ රටේ අනාගතය ගැන හිතලා මේ දහජරා දේශපාලන ගේම්ස් ගහන එක නවත්තන්න කියලා ඔය පාර්ශ්වවලටත් මම ඉල්ලීමක් කරනවා, ආණ්ඩුවටත් ඒ ඉල්ලීම කරනවා. පොලිටික්ස් කියන්නේ මේ ගේම් එකක් කියලා හදාගෙන තියෙන්නේ ඒ වගේම කණ්ඩායම් තමයි. දේශපාලනය කියන්නේ මහජනතාව රැකගන්න පුළුවන් ක්‍රියාවලියක්. මේක ඇති. එච්චරයි මට කියන්න තියෙන්නේ.

චානක ලියනගේ

SendShareShare
Previous Post

කඩුගන්නාවේ වැරදි කවුද? Sri Lanka Latest News

Next Post

හරි ෂයි…. හැබැයි ඇග්‍රසිව්…. මහකනදරාවේ චණ්ඩි රජා ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.