අනේ මේ සංගීත්, දැන් නිකම් බයිලා ගහන්න එපා. රටක දේශපාලනය වෙනස් වෙනකොට ඒ රටේ දේශපාලන වෙනස්කම්වලට දැන හෝ නොදැන හවුල් වෙච්ච අයට ඒකට වගකියන්න සිද්ධ වෙනවා. ඔයා කිව්වේ වේදිකාවලට නැගලා ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්න කියලනේ. වගකීමක් නැතුව ඒ වගේ ප්‍රකාශ කරලා ඉවර වෙලා, ඒ සම්බන්ධව කනගාටු වෙලා වැඩක් නෑ.Sri Lanka Latest News
දැන් මේ ආණ්ඩුවත් එක්ක හිටගන්න. දැන් මේ ආණ්ඩුවේ වැරදි තැන් තියෙනවා නම් නිවැරදි කරන්න. යම් යම් දේවල් සිද්ධ වෙනවා ඇති. ඔබ බලාපොරොත්තු නොවිච්ච දේවල් මේ ආණ්ඩුවෙන් වෙන බව අපි දන්නවා. ඊට පස්සේ අත පිහදාගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒකට හේතුව රටක දේශපාලනික වෙනසක් සිද්ධ කරනකොට ඒකට හවුල් වෙච්ච අයට ඒ වෙනසට වගකියන්න සිද්ධ වෙනවා. ඉතින් පස්සේ ඔයාට දැන් අයිතියක් නැහැ තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කර කර ඇවිදින්න. මොකද ඒකට හේතුව මේ ආණ්ඩුව අපි හදපු එකක් නෙමෙයි.
අපිට මතකයි ඔයා එක දවසක් කිව්වා කවුද මන්දන්නෑ සල්ලි වගයක් දෙන්න ඉන්නවා කියලා, ඒ සල්ලි හම්බවුණේ නැද්ද? මේ වෙනස වුණාට පස්සේ ඔයාගේ යාළුවෝ කවුද අර කෙනෙක් ඉන්නවා කිව්වේ? නිකම් බයිලා ගහන්න එපා මචං. මොකද ඔයාට මේ රටේ මිනිස්සු ආදරෙයි. ඒක සාමාන්‍ය ගායකයෙක්ටත් වඩා ඔයාට තියෙනවා. ඒකට හේතුව ඔයා මේ රටේ ජීවත් වෙච්ච විදිහ. ඔයා කවදාවත් කුණු ගාගත්ත මිනිහෙක් කියලා අපිට හිතුණේ නෑ. ඔයා ගෞරවනීය විදිහේ මනුස්සයෙක්. ඔයා දක්ෂයෙක්. ඔයාට මාර හැකියාවල් තියෙන කෙනෙක්. ඉතින් එච්චර හැකියාවල් තියෙන, එච්චර දක්ෂතා තියෙන, එච්චර කොලිටි මනුස්සයෙක් මේ විදිහට දේශපාලනයට මැදිහත් වෙලා නිකන් කුණු ගාගත්ත එක හරි අපරාධයක් නේ.
මේ රටේ දේශපාලනය කරපු කලාකාරයෝ හිටියා. විජය කුමාරතුංගලා වගේ කට්ටිය ෆුල් ටයිම් දේශපාලනය කළා. කලාකාරයෝ තමයි, කලාවත් එක්ක සම්බන්ධයි තමයි. කලාකාරයෝ වුණත්, කලාවට සම්බන්ධව වැඩකටයුතු කළත් ඔයගොල්ලො දේශපාලනය ඇතුළේ තමන්ගේ වෘත්තිකභාවය රැකගෙන වැඩ කරපු කට්ටිය හිටියා. හැබැයි ලංකාවේ ගොඩක් කලාකාරයෝ දේශපාලනය කරන්න ගිහිල්ලා අන්තිමට වුණේ නන්නත්තාර වෙච්ච එක. නිකන් නෝන්ඩි වෙච්ච එක. එහෙම අය අතරට රන්ජන් රාමනායකත් අයිතියි කියලා අපිට නම් හිතෙන්නේ. ඔය පබාලා, අරයලා මෙයාලා හැමෝම දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුත් ගිහිල්ලා සමහර කට්ටිය පාර්ලිමේන්තුවේ ආසනත් හිමිකරගෙන අන්තිමට නිකන් නෝන්ඩි වෙච්ච එකනේ වුණේ. ඒක නිසා කලාකාරයෝ තමන්ට තියෙන ගෞරවය රැකගෙන ආරක්ෂා කරගෙන කලාකාරයෝ විදිහට හිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ.
අවාසනාවකට අපේ රටේ කලාකාරයෝ නිකන් බොරුවට නලාකාරයෝ බවට පත්වෙනවා. රටේ මොකක් හරි අලුත් දෙයක් වෙනකොට ඒකෙ වගකීම අරගන්න, ඒකේ පොරවල් බවට පත්වෙන්න නිකන් ලකුණු දාගන්න හදනවා. ඊට පස්සේ වැඩේ අවුල් වුණාම ඇඟ බේරගන්නත් ඔක්කොටම වඩා ඉක්මන් වෙනවා. මේ විදිහට ඇඟ බේරගන්න බෑ. මොකද ඒකට හේතුව ඔයාලා කිව්වනේ කවුද සල්ලි දෙන්න තියෙනවා, මේක මෙහෙමයි, මේක හදන්න ඕනේ, මේ වැඩේට අපි ආසයි, අපි කැමැතියි, වේදිකාවලට නැගලා, තැන් තැන්වල කතා කරලා දැන් චෝදනා කරන්න ලෑස්ති වෙන්න එපා.
වෙන්නේ මොකක්ද, වෙන්නේ කොහොමද, කරන්නේ කවුද, බලයට එන්නේ කවුද, බලය ලැබෙන්නේ මොන විදිහටද කියලා සියල්ලම අපි හිතනවා ඔබ දැනුවත්ව හිටිය කියලා. දැනුවත් නැතුව එහෙම රටවල් හදන්න, ආණ්ඩු කරන්න මිනිස්සුන්ව පොලඹවාගෙන හරියනවද? මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න කියලා කිව්වේ මොකටද? වගකීමක් නැතුව ඡන්දෙ දෙන්න කියලා කියන්න බෑනේ කෙනෙකුට. ඊට පස්සේ ඒ කරපු ප්‍රකාශවලට වගකියන්න ඕනේ.
ඉතින් ලංකාවේ කලාකාරයන්ගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ, තමන්ට තියෙන ගෞරවය ආරක්ෂා කරගෙන, කලාකාරයෝ විදිහට තමන් සමාජයේ ගොඩනගා ගත්තු පරිසරය ආරක්ෂා කරගෙන, කලාකාරයෝ නිසා තමන් කියන දේ මිනිස්සු විශ්වාස කරනවාය කියන එක ගැනත් හිතමින් පරිස්සමට වැඩකටයුතු ටික කරගෙන යන්න. එහෙම නැතුව තමන්ට තියෙන ගෞරවය වෙන වෙන දේවල්වලට පාවිච්චි කරලා ඒ ගෞරවය රැකගන්න එක පැත්තක තියලා, දේශපාලනයට මැදිහත් වෙලා, සමහර වෙලාවට ඡන්දෙත් ඉල්ලලා, අන්තිමට නෝන්ඩි වෙලා තමන් කරන්න ආපු දේවල් ටික කරගන්නත් බැරුව දේශපාලකයාගේ භූමිකාව හරියට කරගන්නත් බැරුව කලාකාරයාගේ භූමිකාව හරියට කරගන්නත් බැරුව නිකන් සවුත්තු වෙනවට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක.
ගොඩක් අය එහෙම ඉන්නවනේ. ලංකාවේ දේශපාලන වේදිකාවට ගොඩවෙච්ච ගොඩක් කලාකාරයන්ට සිද්ධ වුණේ අන්තිමට කලාවත් නැතුව නලාවත් නැතුව නිකන් ඉන්න. ඒක ජැක්සන් ඇන්තනීට පවා පොදුයි. මහා කලාකරුවන් විදිහට පෙනීහිටපු බොහෝ දෙනෙකුට ඒ ඉරණම තමයි අත් වුණේ. බොහෝ දෙනෙකුට අන්තිමට සිද්ධ වුණේ තමන්ගේ කලාකාරයෙක් විදිහට හදාගෙන හිටපු ගෞරවනීය නාමය නැති කරගන්න. ඒ නිසා එහෙම කරගන්න නැතුව එක්කෝ පැත්තකට වෙලා ඉන්න. එහෙම නැත්නම් විජය කුමාරතුංග වගේ දේශපාලනය ෆුල් ටයිම් කරගෙන, කලාවත් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඔය දෙකෙන් එක පැත්තක් තෝරගත්තේ නැත්නම් වෙන්නේ මේ වගේම සවුත්තු වෙන්න.

ජීවන පහන් තිළිණ










