• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩුගන්නාව කියන්නේ අල කොළ එක්ක පොල් රොටී කන අටමගලයක් නෙමෙයි.. රට මැද සහ කොළඹ යාකරන කොඳු ඇට පේළිය! මේ යන විදිහට කඩුගන්නාව ආයෙ නාය ගියොත් මහා විනාශයක්! මුළු රටම එකතැන හිරවෙනවා! දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත්…?  VIDEO I Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කඩුගන්නාව කියන්නේ අල කොළ එක්ක පොල් රොටී කන අටමගලයක් නෙමෙයි.. රට මැද සහ කොළඹ යාකරන කොඳු ඇට පේළිය! මේ යන විදිහට කඩුගන්නාව ආයෙ නාය ගියොත් මහා විනාශයක්! මුළු රටම එකතැන හිරවෙනවා! දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත්…?  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

..කඩුගන්නාව මාර්ගය යනු අල කොළ සමඟ පොල් රොටී කෑමට සෑදූ අටමගලයක් නොවේ……😐😐😐😐😐 Sri Lanka Latest News

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලමට පසු කර මද දුරක් ගිය පසු හමුවන වෙළඳසැල් පෙළට ඉහළ පාංශු සහ පාෂාණ ස්ථරය දුර්වල වී නාය යෑමක් සිදු විය. ඊට ප්‍රථම ද කිහිප අවස්ථාවක එවැනි සුලු සිදුවීම් සිදු වී ඇතත්, පළමු වරට ප්‍රශ්නයේ සංකීර්ණතාව දැණුනේ එම අවස්ථාවේ දී ය. එනම්, 2021 නොවැම්බර් 10-11 දින වල ය.

පහළ කඩුගන්නාව අද යළිත් නාය ගියේ, ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තුන් මහල් ගොඩනැගිල්ලක් සමතලා කරමිනි. ඒ සමඟ පුද්ගලයන් කී දෙනෙක් යට වුණේ ද යන්න තවමත් වාර්තා වී නොමැත.

මේ යන හැටියට, නුදුරේ දී ම, කඩුගන්නාවට අත් විය හැකි ඉරණමක් ගැන මට නිකමට මෙන් සිතේ. එය එසේ නොවේවා කියා පතන්නට අපි දැනටමත් ප්‍රමාද ය. එබැවින්, පහළ සිට ඉහළ දක්වා කඩුගන්නාව පරිසර පද්ධතිය වහාම සංරක්ෂණය කර ගන්නට අධිකාරීන්ගේ නුවණැස පහළ විය යුතුය.

කඩුගන්නාවේ පෙට්ටි කඩ සහ අවිධිමත් කොන්ක්‍රීට් ගොඩනැගිලි අටවාගෙන සිටින බහුතරයක් අනවසර තැනැත්තන් ය;

ඔවුන් මේ අට්ටාල සකස් කර ගෙන ඇත්තේ නිසි පළාත් පාලන – භූ විද්‍යා – මාර්ග සංවර්ධන – පරිසර අනුමැතීන්ගෙන් තොරව ය. ඇතැම් ස්ථාන වලට විධිමත් ඔප්පු හෝ නැත. මේ ප්‍රදේශය පාරම්පරික ගම්මානයකට අයත් භූමියක් ද නොවේ. 1960-80 කාලයේ පමණ ආරම්භ වූ ඒවා ය.

මේ අනවසර අට්ටාලකරුවෝ ස්වභාවික ජල උල්පත් අවහිර කර, ඒවා ස්වකීය අට්ටාල තුළ පොකුණු බවට පත් කරගෙන සිටිති. ජල උල්පත් විද ඒවාගෙන් වතුර ගෙන වාහන හෝදන ජංගම සර්විස් ස්ටේෂන් පවත්වාගෙන යති. නියමිත ක්‍රමවේද නොමැතිව ජල බැස්ම සකස් කරවති. අංශක අනූවට ඇලි කපති. රසායනික ද්‍රව්‍ය යොදා හොරෙන් ගල් කඩවති. ගස් මරති.

උදාහරණයක් ලෙස, පහළ කඩුගන්නාවේ අම්බලමට අනෙක් පසින් මාවෙල රජමහා විහාරයේ ප්‍රවේශ පියගැට පෙළ ආරම්භ වන තැන ම පිහිටි හෝටලයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ල බලන මෙන් මම යෝජනා කරමි.

ඉතින්, මේ අවාසනාවන්ත ඉරණම, එම පෙට්ටිකඩ ඇතුළු අට්ටාලකරුවන් විසින් දරා ගත යුතු ම ය. මේ ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්න වන බැවිනි.

එහෙත්, මේ උඩරට ප්‍රවේශයට වන හානිය එසේ සුලුවෙන් තැකිය නොහැක්කකි. නැවත භාවිත කළ නොහැකි හෝ; ප්‍රතිසංස්කරණයට කල් ගත වන ආකාරයේ නාය යෑමක් පහළ කඩුගන්නාවේ සිදු වුවහොත් ජාතික ආර්ථිකයට සහ පරිපාලනයට සිදු වන අගතිය කිසිසේත්ම සුලුවෙන් තැකිය නොහැකි වනු ඇත.

මහනුවර පමණක් නොව, නුවරඑළිය, බදුල්ල, මාතලේ, වැලිමඩ, මහියංගණය ඇතුළු දිවයිනේ ආර්ථික මර්මස්ථාන රැසකට ප්‍රවේශ වීමේ පහසුම මාර්ගය කඩුගන්නාව ප්‍රවේශය වන නිසා, එය අවහිර වුවහොත් සිදු වන අගතිය සිතා ගත නොහැක්කකි. එක් විකල්ප මාර්ගයක් වශයෙන් රඹුක්කන හරහා කුරුණෑගල-මහනුවර මාර්ගයට ගලගෙදර දී ප්‍රවේශ විය හැකි වුවත්, ‍රඹුක්කන පසු කළ පසු හමුවන හතරලියද්ද ප්‍රදේශය ද නිතර ආපදාවන්ට ලක් වන මාර්ගයකි. අනෙක් පසින්, මාවනැල්ල, හෙම්මාතගම හරහා අම්බුලුවාව මතින් ගම්පොළ ඔස්සේ මහනුවරට පැමිණිය හැකි නමුත් එය අතිරේක වශයෙන් පැය දෙකක පමණ ගමනකි. එමෙන්ම, ජයරත්නලා විසින් කාබාසිනියා කරනු ලැබූ අම්බුලුවාව පරිසර පද්ධතිය ද ඕනෑම අවස්ථාවක බරපතල ආපදාවන් සිදු විය හැකි කලාපයකි.

මේ ප්‍රවේශ දෙක හැර වෙනත් පහසු විකල්පයක් නැත. එම විකල්ප ප්‍රවේශයන් ද අධික රථවාහන ධාරිතාවකට ඔරොත්තු නොදේ. එබැවින් කඩුගන්නාව ප්‍රවේශය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වටහා ගැනීමට තවත් ප්‍රමාද නොවිය යුතුය.

අනෙක් අතින්, පහළ කඩුගන්නාවේ මාර්ගයට වන ඕනෑම හානියක්, එතැන් සිට අඩි සිය ගාණකට උඩින් පිහිටි දුම්රිය මාර්ගයට ද දැනෙනු ඇත. දුම්රිය මාර්ගයේ අක්‍රීය වීමකින් සමස්ත ආර්ථිකයට සහ විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ යහ පැවැත්මට සිදු විය හැකි හානිය කුමක්ද කියා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

එබැවින්, අධි සංවේදී පාරිසරික කලාපයක් වශයෙන් සලකා, අඩුම වශයෙන් මාකඩවර සිට කඩුගන්නාව පොලීසිය දක්වා කොටසවත් මේ අනවසර අට්ටාලකාරයන්ගෙන් මුදා ගෙන, නැවත සංරක්ෂණය කළ යුතු ම ය.

ඔවුන් වෙනුවෙන්, අවශ්‍ය නම් කඩුගන්නාව නගරයේ හෝ හිඟුල ආසන්නයේ හෝ මොකක් හෝ ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවා දීමේ හැකියාව ඇත.

කඩුගන්නාව යනු අල කොළ සමඟ පොල් රොටී කන අටමගලයක් නොව, රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය බව දැන් වත් තේරුම් ගත යුතුය.

උපුටා ගැනීම – නිමේෂ තිවංකර සෙනෙවිපාල

Credit goes to respective owner

SendShareShare
Previous Post

ලංකාවෙ නම කන්න ආපු හරක් දෙන්නෙක්ගෙ කතාව! Sri Lanka Latest News

Next Post

කේරළයේ වමේ ආණ්ඩුව සහ ලංකාවෙ වමේ අණ්ඩුව! ඇත්ත වම එහෙද? මෙහෙද? Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.