• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කේරළයේ වමේ ආණ්ඩුව සහ ලංකාවෙ වමේ අණ්ඩුව! ඇත්ත වම එහෙද? මෙහෙද? Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කේරළයේ වමේ ආණ්ඩුව සහ ලංකාවෙ වමේ අණ්ඩුව! ඇත්ත වම එහෙද? මෙහෙද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියවස් ගණනාවක අතීතයක හා ඉතිහාසයක සිට සමීප සෙනෙහසකින් සිටින අපගේ යාබද දේශයක් වන ‘ඉන්දියාව නොහොත් මහා භාරතය’ හරහා අපට විටින් විට නොයෙකුත් කතාන්දර ඇසෙයි. චීනයට පසු ආසියාවේ තිබෙන විශාලතම රට ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. එනම් ලෝකයේ 07 වැනි විශාලතම රාජ්‍යයද වන්නේ ඉන්දියාවයි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් ලක්ෂ 33ක් පමණ වන අතර, වත්මන් ජනගහනය කෝටි 143ක් පමණ වෙයි. එනම් චීනයට පසු දෙවැනි ස්ථානය හිමිකර ගන්නා රටද වෙයි. ඉතා විශාල ප්‍රාන්ත 28කින් සමන්විත ඉන්දියාවේ පිහිටුවා ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 800කට ආසන්න වෙයි. ඉන්දියාවෙන් ඇසෙන තවත් අපූරු කතාවක් වන්නේ එරට තුළ විවිධ ආවේණික භාෂාවන් 424ක් ව්‍යවහාරයට ගැනීමයි. මෙවැනි වටපිටාවක් මගින් පෙනීයන්නේ කෙතරම් සංකීර්ණ පාලන රටාවක් තිබෙන රටක් ලෙසටය. එසේම චීනයට පසු ආසියාවේ මහා බලවතා ලෙසට සැලකෙන්නේද ඉන්දියාවයි.Sri Lanka Latest News

අද ඔභුට මෙලෙස ඉන්දියාවේ යම් වතගොතක් හෙළිකරමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කීපයකට පෙරදී අපට අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ කතාවක් හෙයිනි. ඉන්දියාවේ මාධ්‍ය හරහා මුලින් ප්‍රකාශ වූ මෙම පුවත පසුව ලෝකයේ තවත් මාධ්‍ය රැසක් හරහා හෙළිකර තිබිණි. එම ලේඛනයන්ට අනුව කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.

‘ඉන්දියාවේ එක් විශාලතම ප්‍රාන්තයක් ලෙස සැලකෙන දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය, එරට දරිද්‍රතාව සහමුලින් තුරන් කරනු ලැබූ පළමු ප්‍රාන්තය ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙයි. මුල් බැසගත් අසමානතාවයෙන් පෙළෙන ලෝකයක මෙලෙස ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙසට උද්දීපනය වී තිබෙයි. 2025 නොවැම්බර් වනවිට කේරළය ඉන්දියාවේ අන්ත දරිද්‍රතාව මුළුමනින්ම තුරන් කළ පළමු ප්‍රාන්තය ලෙසට පත්වීමට නියමිතය. මෙම ජයග්‍රහණය හුදෙක් සංඛ්‍යාමය ජයග්‍රහණයක් නොව සාධාරණ සංවර්ධනය මෙන්ම බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගරුත්වයට ප්‍රමුඛත්වය දෙන, සමාජවාදී ආභාෂය ලත් දශක ගණනාවක ප්‍රතිපත්තිවලට සාක්ෂියකි. කේරළයේ මෙම ගමන 2021 වසරේදී දියත් කරන ලද ප්‍රාන්ත දරිද්‍රතා තුරන් කිරීමේ ව්‍යාපෘතිය මගින් නිරවද්‍යතාව සඳහා ගෝලීය මිනුම් ලකුණක් සනිටුහන් කළේය. කේරළයේ මෙම සුවිශේෂ ගමන දරිද්‍රතාව දේශපාලන තේරීමක් බවත්, එසේම නොවැළැක්විය හැකි යථාර්ථයක් නොවන බවත් අද ඔප්පු කර ඇත. මෙය මුළුමහත් ඉන්දියාවටත්, ලෝකයටත් ආදර්ශයක් වනු ඇතිය…’

කිමෙක්ද මෙම අපූරු කතාන්දරය? මුළුමහත් ලෝකයේම දරිද්‍රතාව නොහොත් දුප්පත්කම යනු අංක එකට තිබෙන ප්‍රබලතම සමාජ ප්‍රශ්නයක් හා විශාලතම අර්බුදයකි. ලෝකයේ මෙම ප්‍රශ්නය යම් පමණකින් අවම තත්ත්වයක තිබෙන රටවල් ගණනාවක් තිබුණද බහුතරයක් රටවල් මෙම ප්‍රශ්නයෙන් සදාකාලිකව පීඩා විඳිති. ශ්‍රී ලංකාවද මෙම ශෝකීය අර්බුදයට මුහුණදී සිටින අතර, අපගේ යාබද ඉන්දියාව මෙම දරිද්‍රතා ප්‍රශ්නයෙන් ඉතා උච්ච ලෙස පීඩා විඳින රටක් වෙයි. ලෝක බැංකුවේ වාර්තාවලට අදාළව 2022-23 වනවිට ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 23.9%ක ප්‍රමාණයක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව ප්‍රකාශ විය. මෙම ප්‍රමාණය පුද්ගලයන් වශයෙන් මිලියන 220ක් (කෝටි 22ක්) පමණ වෙයි. මෙම පිරිස්වල දෛනික ආදායම ඩොලර් 02ක පමණ (ශ්‍රී ලංකා රුපියල් 600ක්) ඉතා අවම ප්‍රමාණයක් බැව් පැවැසෙයි. එහෙත් එම නිල වාර්තා ප්‍රකාශ කර සිටින්නේ 2024-25 වසර වන විටදී මෙම දරිද්‍රතා ප්‍රතිශතය යම් යහපත් ප්‍රගතියක් ලබා ඇති බවය. එහෙත් මේ වනවිටද ඉන්දියාව තුළ මිලියන 170ක පමණ ජනතාවක් අන්ත දුගී තත්ත්වයෙන් දරුණු ලෙස පීඩා විඳිති. මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී දැන් එසේ නම් ඉහත අප ලියා තැබූ කේරළ ප්‍රාන්තයේ දරිද්‍රතාවයේ කතාන්දරය කුමක්ද? ඉන්දියාවේ පිහිටා තිබෙන ප්‍රාන්ත 28 අතරින් විශාලත්වයෙන් 21 වැනි තැනට ඇත්තේ කේරළයයි. වර්ග කිලෝමීටර් 38,863ක ප්‍රමාණයකින් යුත් මෙහි ජනගහනය ලක්ෂ 362ක් (කෝටි 3.6) වෙයි. එනම් ප්‍රාන්තය ශ්‍රී ලංකාවට වඩා විශාල අතර, ජනගහනයද අප රට ඉක්මවා යයි.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. සමස්ත ඉන්දියාවේ ප්‍රාන්ත 28ම අභිභවා යමින් අන්ත දරිද්‍රතාව තුරන් කළ ප්‍රථම ප්‍රාන්තය ලෙසට කේරළය පත්වූයේ ඉතා සැලසුම්සහගත රාජ්‍ය ආර්ථික වැඩපිළිවෙළක් හරහාය. මෙලෙස දකුණු ඉන්දියාවේ පිහිටි කේරළය මෙසේ දියත් කළ මහා මෙහෙවර කුමක්ද? ‘කේරළයේ අන්ත දරිද්‍රතා තුරන් කිරීමේ ව්‍යාපෘතිය (Extreme Poverty Eradication Project – EPEP) ලෙසින් මෙය නම්කෙරුණු අතර, එය 2021 වසරේදී ආරම්භ කරන ලදී. කේරළයේ මහ ඇමැති වන පීනරායි විජයන් (Pinarayi Vijayan) ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ප්‍රාන්තයේ සිටින අන්ත දුගී පවුල් 1,18,309ක් ප්‍රධාන කරගෙන වැඩපිළිවෙළ ආරම්භ කරන ලදී. පසුගිය වසර 04ක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුකෙරුණු අතර, දැන් මෙම 2025 වසරේදී එය උපරිම ජයග්‍රහණයක් කරා පැමිණ ඇති. මේ අනුව පසුගියදා කේරළයේ මහ ඇමැතිවරයා නිල ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ කේරළයේ දරිද්‍රතාව මුළුමනින්ම නිමාවට පත්කරන ලද වගයි.

කේරළයේ දරිද්‍රතාව මුළුමනින්ම නිමා කරමින් මෙසේ වාර්තාගත මෙහෙවරක් ඉටුකළේ කෙසේද? මේ සඳහා පියවර කිහිපයක්ම ක්‍රියාවට නංවන ලදී.
● ප්‍රධාන දර්ශක 04ක් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර, එම දර්ශක ආහාර, සෞඛ්‍ය, ආදායම සහ නිවාස ලෙස නම්කර තිබිණි. මෙම දර්ශක හතරට අදාළව ප්‍රථමයෙන් නිසි සමීක්ෂණ සිදුකිරීම සහ වාර්තා සැකසීම.
● ක්ෂුද්‍ර සැලසුම් – සෑම පවුලකටම ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා පිළිබඳ අද්විතීය ක්ෂ්ද්‍ර සැලැස්මක් සකස් කරන ලදී.
● ඉලක්කගත මැදිහත්වීම් – ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, නිවාස, ඉඩම් හා රැකියා ආදිය සැපයීම කෙරෙහි ඍජුව අවධානය යොමුකිරීම.
● පුද්ගල අවශ්‍යතා ලේඛන ලබාදීම – සලාක කාඩ්පත, ‘ආධාර්’ කාඩ්පත, ඉඩම් අයිති ලේඛන, පුරවැසි හැඳුනුම්පත සහ මැතිවරණ හැඳුනුම්පත ලබාදීම.
● මහජන සුබසාධන යෝජනා ක්‍රම ඒකාබද්ධ කිරීම – මහජනතාවට ලබාගත හැකි සියලු රජයේ ආධාර සහ සේවාවන් ඒකාබද්ධ කිරීම.
● සමාජ විගණනයක් සිදුකිරීම – සමාජ සුබසාධන ක්‍රියාවලිය නිසි ලෙස විගණනයකට පත්කිරීම.

මෙම මහා මෙහෙවරේ පෙරගමන්කරුවා ලෙස සැලකෙන්නේ කේරළයේ වත්මන් මහඇමැති ධුරය දරන දැනට 80 වැනි වියෙහි පසුවන පීනරායි විජයන් වෙයි. ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ 1964 වැනි කාලයකදී වන අතර, ඔහු ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. තවද ඔහු දෙස් විදෙස් සම්මාන සහ ගෞරව නාම රැසකින්ද පිදුම් ලබා ඇත. ඔහුගේ මෙම වැඩපිළිවෙළ හින්දි බසින් නම්කර ඇත්තේ ‘අතිදාරිධ්‍ය නිර්මාර්ජන ව්‍යාපෘතිය’ (Athidaridrya Nirmarjana Project) ලෙසය. ඉන්දියාවේ මෙහෙම වුණත් අපේ රටේ මේවා සිදුවෙයිද? අපේ දේශපාලකයන් සිටින්නේ කොතැනකද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කඩුගන්නාව කියන්නේ අල කොළ එක්ක පොල් රොටී කන අටමගලයක් නෙමෙයි.. රට මැද සහ කොළඹ යාකරන කොඳු ඇට පේළිය! මේ යන විදිහට කඩුගන්නාව ආයෙ නාය ගියොත් මහා විනාශයක්! මුළු රටම එකතැන හිරවෙනවා! දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත්…?  VIDEO I Sri Lanka Latest News

Next Post

ජීවිත 6ක් බිලිගත් කඩුගන්නාවේ ගල් පෙරළියේ CCTV එළියට එයි! එකපාරටම දූවිලි ගොඩක් විතරය මතුවුණේ..! මොනවත් ඉතුරු නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.