• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතපු නැති විදියට ඇවිල්ලා හිතපු නැති තරම් ආදරයක් ලැබුණා…! මගේ ගෝල් එක වුණේ නිළියක් වෙන එක නෙවෙයි…! හිරුෂි පෙරේරා! Sri Lanka Latest News

November 23, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හිතපු නැති විදියට ඇවිල්ලා හිතපු නැති තරම් ආදරයක් ලැබුණා…! මගේ ගෝල් එක වුණේ නිළියක් වෙන එක නෙවෙයි…! හිරුෂි පෙරේරා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොසිතූ මොහොතක රංගන ක්ෂේත්‍රට පැමිණ ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය, ගැමි රුවැත්තියක්. රංගනයට පිවිස කෙටි කලකින්ම ප්‍රේක්ෂක හදවත් දිනාගත්, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක වන හිරුෂි පෙරේරා මේ දිනවල “ඉස්කෝලේ“ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඇය සමග ‘හාට්’ අපි සිදුකළ කතාබහ මෙසේ දිගහැරෙයි.

ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය ගතවෙන්නේ?
මේ දවස්වල ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු එක්ක තමා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම මගේ ඩාන්සින් ඇකඩමියේ වැඩකටයුතුත් එක්ක තමා මේ දවස්වල කාලය ගතවෙන්නේ.
ඔබ අද වනවිට රංගන ක්ෂේත්‍රයේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ ආපු ගමන ගැන?
මම අවුරුදු හයක් වෙනවා රංගන ක්ෂේත්‍රයට පැමිණිලා. හිතුවෙත් නැති විදිහට තමා මම මේ ක්ෂේත්‍රයට ආවේ. මොකද මගේ ගෝල් එක වුණේ රංගන ශිල්පිනියක් වෙන එක නෙවෙයි. හැබැයි ජීවිතේ ටර්නින් පොයින්ට් එක රංගන ක්ෂේත්‍රයට පැමිණීම.
පවුලේ විස්තර ටිකකුත් කතා කරමුද?
මම විවාහකයි. මගේ පවුලේ නංගි, අම්මයි, තාත්තයි ඉන්නේ. නංගි පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මගේ තාත්තා රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. මගේ අම්මා ගෘහණියක්.
ඔබ මේ වනතෙක් දායක වුණු නිර්මාණ පිළිබඳ සහ ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ ලැබුණු ආදරය ගැන සඳහන් කිරීමක් කළොත්?
මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු හයක් පමණ වෙනවා. මම මුලින්ම දායක වුණේ 2020 වර්ෂයේදී ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයටයි. ඒ කාලයේ ජනප්‍රියම ටෙලිනාට්‍යය තමා ‘දෙවෙනි ඉනිම’. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රංගන කටයුතු කරගෙන යන අතරතුරේදී තමා මට ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබෙන්නේ. ඒ අතරතුර තමා මට ආරාධනාව ලැබෙන්නේ ‘කෝඩු හිම’ ටෙලිනාට්‍යයට. එම ටෙලි නාට්‍යයේත් රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.

ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම කෙනෙක්ට බාධක ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔබටත් බාධක ඇති?
මම හිතන්නේ ඕනෑම කෙනෙක්ට බාධා ඇතිවෙන්න පුළුවන්. රංගන ශිල්පිනියක් කියලා වෙනසක් නෑ. අපිටත් බාධක ඇති වෙනවා. මම ඒ දේවල් ගොඩක් ධෛර්යමත්ව මුහුණ දුන්නේ මගේ පවුලේ අය මම වෙනුවෙන් හිටිය නිසා. තනි ගැහැනියක් විදියට හිටියා නම් මම එතනින් ෆේල් වෙන්න ඉඩකඩ තියෙනවා. හැම වෙලාවෙම මගේ පිටිපස්සේ මගේ සැමියා සහ පවුලේ අය හිටියා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ අය නිසා තමා මම ඒ බාධක මගහැරගෙන, බාධකවලට හොඳට මුහුණ දෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
ඔබේ කලා ජීවිතය තුළ දිනාගෙන ඇති වටිනාම දේ මොකක්ද?
වටිනාම දේ තමා ප්‍රේක්ෂක ආදරය කියන දේ. ගොඩක් දෙනා රඟපාන්න ආවට ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. හරිම සීමිත කලාකරුවන් ප්‍රමාණයකට තමා ප්‍රේක්ෂක ආදරේ සහ ප්‍රේක්ෂකයාගේ හිත දිනාගන්න අවස්ථාව ලැබෙන්නේ. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයකින් මට ඒ අවස්ථාව ලැබෙනවා. හිතපු නැති විදිහට මම මේ ක්ෂේත්‍රයට ආවේ. හිතපු නැති විදිහට ප්‍රේක්ෂකයා හරි ආදරයෙන් මාව වැලඳගන්නවා. ඉතින් මට ලැබෙන ප්‍රේක්ෂකයන්ගේ ආදරය මගේ ජීවිතයේ මම ලබාගත් වටිනාම දේ කියලා හිතෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු සහ නව බලාපොරොත්තු මොනවද?
මගේ රංගන කටයුතු සමග මගේ නර්තන කටයුතුත් කාලයක් නවත්තලා තිබුණේ. දැන් මම නැවතත් නර්තන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම මගේම කියලා ඩාන්සින් ඇකඩමියක් පටන් ගෙන තියෙනවා. ඒක තමයි ‘ඩාන්ස් විත් හිරුෂි’. ඇකඩමිය පටන් අරගෙන තාම අවුරුද්දක්වත් නැහැ. ඒකෙ වැඩ කටයුතුවලට මගේ කාලේ වැය කරලා තියෙනවා. ඉදිරියට රංගන කටයුතුත් නර්තන කටයුතුත් එක හා සමානව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

ඇස් අග හරින ලස්සන කෙල්ලෝ මැවෙන සඳු – සිකුරු ග්‍රහ බල යෝගය! Sri Lanka Latest News

Next Post

නුගේගොඩට ලොකුම සෙනග ආවේ කළුතරින්ද? සංජීව කියපු විදිහට ගේම ගැහුවාද?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.