• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිරිකෝණමලේ… අවනඩුව වෙලේ… මොනවාද බොලේ… උනේ කලබලේ…!Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තිරිකෝණමලේ… අවනඩුව වෙලේ… මොනවාද බොලේ… උනේ කලබලේ…!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය ඉතාම නරක ආකාරයට විසඳුණු බව අපේ විශ්වාසයයි. තවමත් ඒ ප්‍රශ්නය අළු යට ගිනි පුපුරු මෙන් මිනිසුන්ගේ සිත් තුළ තිබෙනවා. සමහර අය ඉතාම ගෞරවනීය විදිහටත්, සමහර අය ඉතාම අගෞරවනීය විදිහටත් ඒ ප්‍රශ්නයට මුහුණ දුන්නා සහ ඒ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළා. ඒ නිසාම ප්‍රශ්නය නරක අතට හැරෙන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වුණා. ප්‍රශ්නයකදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ සමහර පාර්ශ්වවලට විශේෂ පුහුණුවක් ලබාදෙන්න සිද්ධ වෙන බව තමයි අපේ විශ්වාසය. ඒකට හේතුව මෙවැනි තත්ත්වයන් අවුල්කර නොගෙන විසඳා ගැනීමේ හැකියාව තියෙද්දිත් සමහර තැන්වලදී ඉතාම නරක විදිහට ඒ ප්‍රශ්නය අවුල් කරගෙන පටලවා ගත්ත බව තමයි අපි විශ්වාස කරන්නේ.Sri Lanka Latest News

මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම 2025 එකොළොස් වැනි මාසේ දහසය වැනි ඉරිදා පෙරවරු 9.09ට යෙදෙන සුබ මොහොතින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිද්ධ කෙරෙන බව කලින් ඉඳන්ම බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. මේ සිදුවීම සිද්ධ වෙච්ච දවසේ දහසය වැනිදා රාත්‍රියේදී එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කරපු අවස්ථාවේ තමයි පොලිසිය සහ ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වුණු බව කියන්නේ. මේ අවස්ථාවේදී පූජ්‍ය බළංගොඩ කස්සප හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව ඉන් පසුව දැනගන්න ලැබුණා. දහහත් වැනිදා දහවල් එක පමණ වනවිට පිළිමය මෙම ස්ථානයට නැවතත් පොලිසිය මගින් වැඩම කළා. පොලිසිය මීට කලින් මේ පිළිමය ආපහු අරගෙන ගියා. ඇත්තටම මේ අවස්ථාව මීට වඩා ගෞරවනීය විදිහට සහ මෙච්චර අවුල් නොවෙන විදිහට විසඳන්න පුළුවන් තත්ත්වයක් තිබුණා සහ ඒක එහෙම කළේ නැහැ.

දැන් මේ සම්බන්ධව හොයලා බලද්දී පන්සලේ පාර්ශ්වයෙන් නැත්නම් භික්ෂුන් වහන්සේලාගේ පාර්ශ්වයෙන් කියන කාරණය තමයි 1951 ඉඳලා මෙම ස්ථානයේ විහාරස්ථානයක් තිබුණු බවට සාක්ෂි සහ ලියකියවිලි තියෙනවා කියන එක. මෙම ස්ථානයේ තිබිච්ච විහාරස්ථානය ආරක්ෂක හේතු නිසා හමුදා කඳවුරකට රැගෙන ගියා කියලත් කියනවා. මේ දහම් පාසලේ ඉගෙන ගත්ත අය අදටත් ත්‍රිකුණාමලයේ ඉන්නවා කියලත් කියනවා. සුනාමි ව්‍යසනයෙන් පස්සේ මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච බවත් කියනවා. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මේ ප්‍රදේශය සංරක්ෂණය කරලා තියෙනවා කියලත් කියනවා. අපි දන්නවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගොඩක් වෙලාවට වෙරළ තීරයේ කසුරිනා ගස් හිටවලා තියෙනවා. කසුරිනා ගස් කපන්න තහනම්. එහෙම තත්ත්වයක් තමයි ත්‍රිකුණාමලයේ තියෙන්නේ.
2014 වර්ෂයේදී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට මහින්ද රාජපක්ෂ එවක ජනාධිපතිවරයා විසින් පර්චස් හතළිහක ඉඩමක් පූජා භූමි ඔප්පුවක් මගින් පූජා කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ තත්ත්වයත් එක්ක අයිතිය සහ ඔප්පු තිරප්පු සම්බන්ධව ගැටලුවක් නැහැ. කවදා කවුරු දුන්නත් ඔප්පු තිරප්පු මෙතැන තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. මේ බුදු පිළිමය තැන්පත් කරපු තැනට ආසන්නයේම විශාල බෝ ගහක් සහ තවත් බුදු පිළිමයක් තියෙන බව කියනවා. ඒක සමාජ මාධ්‍යවල කියන කාරණයක්. මේ ස්ථානයේ පන්සලක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම මේ ස්ථානයට ආසන්නයෙන්ම තවත් පොඩි කැෆේ එකක් එහෙමත් තියෙන බව අපිට සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ගේ, සමාජ මාධ්‍ය සටහන්කරුවන්ගේ යම් යම් ලිපිවලින් දැනගන්න ලැබුණා. එතකොට මේකේ අයිතිකරු කවුද කියලා හොයලා බලපුවහම විවිධ දේවල් අපිට දැනගන්න ලැබුණා. මෙම ඉඩමත් මේකට ගෑවිලා තියෙන බවත් අපිට හඳුනාගන්න පුළුවන්. විහාරස්ථාන සුබසාධක සමිතිය විදිහට කරගෙන යන එකක් ගැනත් තැන් තැන්වල කියවෙනවා. ඉතින් මේවා විවිධ දේවල්. අපිට ඒ ගැන පැහැදිලි නැහැ.

කොහොම නමුත්, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය, නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය මේ හැමෝගෙන්ම අවසර අරගෙන තමයි මේ ස්ථානයේ ඉදිකිරීමක් කරනවා නම් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ වෙරළට අයිති සීමාවේ නම්, මේක ඉදිකරනකන් ඉඳලා, මේකේ මුල්ගල තියෙනකන් ඉඳලා, මේකේ ගොඩනැගිල්ල හැදුවටත් පස්සේ මේ රාත්‍රී කාලයේදී ඇවිල්ලා මෙතන ගැටුමක් ඇති කරගන්න තරම් පිරිසක් පොලිසියෙන් අරන් ඇවිල්ලා ඇයි මේ ප්‍රශ්නය මෙච්චර ඔඩුදුවා ගත්තේ? ඇයි මේක මෙච්චර නරක අතට හරවා ගත්තේ? ඇත්තටම මෙවැනි ප්‍රශ්නෙකදී ඉතාම සංවේදීව කටයුතු කරන්න ඕනේ කියලා වෙරළ සංරක්ෂණයට දැනුමක් නැද්ද? ඒකට හේතුව තමයි, මුහුදු වෙරළ ආරක්ෂා කළ යුතුයි. වෙරළේ ඉදිවෙන්නේ පන්සලක්ද, කෝවිලක්ද, පල්ලියක්ද, දහම් පාසලක්ද, කඩයක්ද, හෝටලයක්ද කියන එක අදාළ නැහැ, ඉවත් කළ යුතුයි. නමුත් පන්සලක් හෝ පල්ලියක් හෝ ආගමික මධ්‍යස්ථානයක් ඉවත් කරද්දී ඒක හරිම සංවේදී කාරණයක් බව ඔවුන් දැනගත යුතුයි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තියෙන විහාරස්ථාන කියලා කියන්නේ ගැටෙනසුලු තැන්. දැන් මෙතනදී විශේෂයෙන්ම අපිට වැදගත්, වැදගත්ව සලකන්න ඕනෙ දෙයක් තමයි, මේ ප්‍රදේශයේ ඉන්න ද්‍රවිඩ සන්ධානයේ කණ්ඩායම්, රාසමාණික්කම්ගේ ප්‍රදේශය වගේ අපි හිතන්නේ මේ ප්‍රදේශය, ඔවුන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. එන්නෙවත් නැහැ.

මේ විහාරස්ථානය ඉදිවෙන්නේ නගර සභා සීමාවේ. ඒක තමයි නගර සභාවෙන් අවසර ගත යුතුයි කියලත් කියන්නේ. මේ මුල්ගල තැබීම ඇතුළු සියලු දේවල් මේගොල්ලෝ දන්නවා. මේගොල්ලන්ට හොරෙන් කිසි දෙයක් මෙහේ කරන්න බැහැ. දේශපාලන අධිකාරියක් විදිහටත් මේගොල්ලෝ ශක්තිමත්. මේගොල්ලෝ පිරිස් බලය අතිනුත් ශක්තිමත්. ජාතික වශයෙනුත් මේගොල්ලන්ට බලයක් තියෙනවා. නමුත් මේගොල්ලෝ මේකට මැදිහත් වෙන්නේ නැහැ. අපි දකිනවා එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේ දෙමළ, මුස්ලිම් මිනිස්සු මේකට කිසි කරදරයක් කරන්නේ නැහැ අපිට කියලා. දැන් දෙමළ, මුස්ලිම් මිනිස්සු මේකට කරදරයක් නොකරනකොට, මේ වගේ තත්ත්වෙකදී වෙරළ සංරක්ෂණයට පුළුවන් අඩියක් පස්සට අරගෙන මේ ප්‍රශ්නය සංවේදීව විසඳගන්න. අපි විශ්වාස කරන විදිහට, ස්ථිර ගොඩනැගිලි ඉදිකරන්න බැහැ. නමුත් මෙවැනි තත්ත්වෙකදී රට යම්කිසි දේශපාලනික වශයෙන් සහ ආගමික වශයෙන්, ඒ වගේම ජාතිකත්වය වශයෙන් අර්බුදයකට යා නොදී ප්‍රශ්නය විසඳා ගැනීමේ හැකියාව තියෙද්දීත්, අපි දන්නේ නැහැ ඇයි මේ පොලිසිය ඇවිල්ලා මේ ස්ථානයේ ගැටුමක් ඇති කරගන්නේ කියලා. අපි දකිනවා පොලිසිය ඇවිල්ලා ඔවුන් හරිම ගැටෙනසුලු විදිහට තමයි හැසිරෙන්නේ. ඔවුන් කතා කරන විදිහ, ඔවුන් ප්‍රශ්න කරන විදිහ, ඔවුන් තර්ක කරන විදිහ, මේ හැමදේම එහෙමයි. දයාසිරි ජයසේකර කියනවා මුතුකුඩේ ගලවලා හාමුදුරුවන්ට ගහනවා කියලා, බුදු පිළිමෙට ඉහළලා තිබිච්ච. එතකොට මේවා පිටින් බලාගෙන ඉන්න මිනිස්සුන්ට පෙන්නන්නම කරපු දේවල් වගේ වෙලාවකට අපිට හිතෙනවා.

කොහොම වෙතත් මේ දේශපාලනිකව විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. අපි දකිනවා ආණ්ඩුව ලියකියවිලි ටික ඉක්මනට ගෙන්නාගෙන, මේක ඉක්මනට තේරුම් අරගෙන, ප්‍රශ්නයේදී සංවේදී තැන් හඳුනාගෙන, ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය කරන ප්‍රමාණයට ඔවුන් මැදිහත් වෙන්න උත්සාහ කරන ආකාරය. අපි දැක්කා මාලිමාවේ මන්ත්‍රීතුමාව බැණලා එළවා ගන්නා ආකාරය. ඉතින් මේ සියල්ලත් එක්ක මේ ප්‍රශ්නය බොහොම නරක අතට හැරෙනකන් බලාගෙන හිටියා කියලා තමයි අපිට පේන්නේ. එතකොට පොලිසියට මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ නීතිය නිසා. අපි ඒක දන්නවා. හැබැයි, නීතියේ ශක්තියම පමණක් ප්‍රමාණවත් නැහැ සමහර දේවල් විසඳන්න. අපි දන්නවා මේ ප්‍රදේශයේ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ඉදිවෙලා තියෙනවා. සමහර තැන් තියෙනවා බෞද්ධයෝ කිසිම කෙනෙක් නැති. බෞද්ධයෝ කිසිම කෙනෙක් නැති තැන්වලත් පන්සල් ඉදිකරලා තියෙනවා. එතකොට ඒකට තර්කයක් විදිහට කියන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අපි පටලවා ගන්න, වැරදියට අවබෝධ කරගන්න එක කාරණයක් තමයි උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල තියෙන ‘සිංහල බෞද්ධ විහාරස්ථාන’ කියන වචනය.

ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පැමිණීමත්, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත්, බෞද්ධාගම රැගෙන ඒමත් කියන මේ කාරණා කීපයත් එක්ක විවිධ ස්ථානවල අපේ රටේ වෙහෙර විහාරස්ථාන ඉදිවුණා. ඒ ඉදිවුණේ අනුරාධපුරයෙන් මෙහා සිංහල සීමාවේ විතරක් නෙමෙයි. අනුරාධපුරයෙන් ඉහළ, අද දෙමළ – මුස්ලිම් යැයි සැලකෙන සීමාවලත්, මේ වගේ පිළිම ඉදිවෙලා තියෙනවා. බුදු පිළිම තිබිලා තියෙනවා. විහාරස්ථාන තිබිලා තියෙනවා. හැබැයි ඒවාට බෞද්ධ විහාරස්ථාන නැත්නම් සිංහල විහාරස්ථාන කියන නම යෙදීම තමයි ගැටලුව තියෙන්නේ. මේ ස්ථානවල හිටපු ද්‍රවිඩ, මුස්ලිම්, අන්‍ය ජාතිකයන් මේ විහාරස්ථානවලට අවශ්‍ය කරන පහසුකම් සපයමින් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා දැන් පන්සලක් තියෙනවා, පන්සල වටේ සිංහල ගමක් හැදෙන්න ඕනේ. සිංහල ගෙවල් හැදෙන්න ඕනේ. සිංහල මිනිස්සු ඉන්න ඕනේ.
මේක සිංහල – බෞද්ධ කියමින් විහාරස්ථානවල පැරණි නටබුන් අස්සෙන් අලුත් විහාර විහාරස්ථාන මතු කරගන්න යාම ගැටලුවක්. මේ ගැටලුව දෙස නැගෙනහිර පළාත බලාගෙන ඉන්නේ මේ අවුරුදු ගානක් තිස්සේ. අපි දන්නවා ඔවුන් මේකට, ඔවුන් මේක දිහා බලාගෙන ඉන්නේ වේදනාවෙන්. ඔවුන්ගේ මුස්ලිම් සහ දෙමළ ගම්බිම් මැද විශාල විහාර විහාරස්ථාන ඉදිවෙමින් තිබුණු අවස්ථාවක් තිබුණා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ. එතකොට නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවුණා. ප්‍රශ්න ඇති වුණා. යකෝ මේක අපේ රට, සිංහල, බෞද්ධ රට කියන තර්කය තමයි හැමෝම ඒ වෙලාවට අරගෙන ආවේ. නමුත් මෙවැනි තත්ත්වයකදී ඉතාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් සමහර කාරණා තියෙද්දීත් මේක ගැටුමක් දක්වා දුරදිග ගිහිල්ලා, වීඩියෝ එකක් එළියට ඇවිල්ලා, විවිධ තර්ක විතර්ක ඇවිල්ලා, හාමුදුරුවෝ රෝහල්ගත කරලා, ඒ දක්වා ප්‍රශ්න විසඳන්න කාටද වුවමනා වුණේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් අපහසුතාවට පත්වෙන්නේ ආණ්ඩුව සහ සාමාන්‍ය මහජනතාව. ඉදිරි කාලයේදී මේ ප්‍රශ්නය තවත් දුර යන්න ඉඩ තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියටත් හෝ කුමන හෝ ආයතනයකට මේ ප්‍රශ්නය සංවේදීව විසඳන්න පුළුවන්කම තියෙනවා. පොලිසියට මේ ප්‍රශ්නයේදී මීට වඩා මැදිහත් සහ සංයමයකින් ප්‍රශ්නයට මූලිකත්වය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොලිසියට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරිවෙන එක නම් හරිම ප්‍රශ්නයක්. අපි දන්නවා අනිත් පැත්තෙන් තර්ජනයක් ආපු ගමන් පොලිසියට තමන්ගේ නිලය, බලය, තමන්ගේ ශක්තිය, තමන්ගේ නිල ඇඳුම ගැන මහා ගෞරවයක් ඇතිවෙලා ඔවුන් කෙළින්ම ඇග්‍රසිව් වෙලා, දරුණු වෙලා රණ්ඩු වෙන්න පටන් අරගන්නවා. එතකොට තමන් දන්නවා මේ හදපු ගොඩනැගිල්ලක්, මුල් ගල තියපු එකක්, මේක හදලා ඉවරයි. මේක දැන් කඩන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. එතනදී මීට වඩා සංයමයකින් හැසිරෙන්නේ නැත්නම්, මේ ප්‍රශ්නය මීට වඩා හුඟාක් ඉහළ යන එක, දුරදිග යන එක නවත්තන්න බැරි වෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලෙඩවලින් ගොඩයන බෙහෙත් මාෆියාව! Sri Lanka Latest News

Next Post

පොරොන්දු වුණා වගේම විපක්ෂනායක සජිත් පොල්දූවේ උද්ඝෝෂණ කරපු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කතා කරයි! ගැටලු විසඳන්න අයවැයෙන් 5%ක් වෙන්කරන්නත් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.