මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ පෙරේදා (28) දින මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමිනි.
ඒ අනුව මේ වනවිට අලුත්ගමගේ මහතාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් කතිකාවක් සමාජය තුළ නිර්මාණය වෙමින් තිබේ.
මීට පෙරද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබුණේ 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවා දීමට එදා කටයුතු කර තිබූ බවකි.
ඊට විශාල විරෝධයක් සමාජයෙන් එකල එල්ල විය.










