පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මේ වනවිට එම ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයන් හදුනාගෙන නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.










