• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චම්පිකගේ රාජගිරියේ රිය අනතුරු නඩුව ජනවාරි 20 යළි කැඳවන්න උසාවිය තීන්දු කරයි! I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අන්තරේ පෙළපාලියට ගහනවා හැබැයි ජවිපෙ පෙළපාලියට ගහන්නේ නෑ! සමහර වෘත්තීය සමිති නායකයෝ ඇතුළට ගන්නවා හැබැයි සමහර අයව ගන්නේ නෑ! පාර්ලිමේන්තුව වටලන්න කියපු අය ගන්නේ නෑ හැබැයි පැතුම් කර්නර්ව ගන්නවා! චම්පික මේ කියන්නේ ආණ්ඩුවයි ජවිපෙයි අතර ඩීල් එකක් තියෙනවා කියලද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. Sri Lanka Latest News

මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවය.

එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට විරුද්ධව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවට අදාළ ඉතා වැදගත් මඟ පෙන්වීම් කිහිපයක් සිදුකර තිබෙන බව සඳහන් කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණවලට අනුව නීතිය බලාත්මක කරන ආයතන නිසි සැලකිල්ල යොදවා නඩු තීන්දුවේ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවට සඳහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් අදහස් වන්නේ නීතිපතිවරයා මෙම නඩුව යළි සලකා බැලිය යුතුයි යන කාරණය බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන හිටපු අමාත්‍යවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා නමැති නිලධාරියා එම විත්තිකරුගේ බිරිඳ සහ වයස අවුරුදු දෙකක දරුවා පැහැරගෙන ගිය බවත් ඊට එරෙහිව ඔවුන්  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එම මූලික අයිතිවාසිම් පෙත්සමේ තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව තුළින් නෙවිල් සිල්වා නැමති නිලධාරියා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සියලු කරුණු සලකා බැලීමේදී මෙම නෙවිල් සිල්වා නමැති නිලධාරියා සාක්ෂි නිර්මාණය කළාද? යන බරපතළ සැකය මතුවන බවත් සඳහන් කර සිටියේය. 

ඒ අනුව මෙම සියලු කරුණු පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කිරීමට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සියලු කරුණු පිළිබඳව යළි සලකා බලා නීතිපතිවරයා තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තබන ලෙසත් ඉල්ලා සිටියේය. 

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා සඳහන් කළේ, මෙම නඩු විභාගයේ මේ වන විටත් වසර නවයකට වඩා ප්‍රමාද වී ඇති බවත් නඩු විභාගය කඩිනමින් ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝගයක් නිකුත් කර  ඇති බවය.

විත්තිය විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සලකා බලා තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරුවරයාද සඳහන් කළේ, නීතිපතිවරයා මෙම නඩුකරය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවය. 

ඒ අනුව නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටින මෙම රිය අනතුර හේතුවෙන් බරපතළ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රෝද පුටුවක් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා සාක්ෂි කූඩුව වෙත රැගෙන එනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා විරෝධතාවක් මතුකරමින් මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය. 

සාධාරණ නඩු විභායක් ලබා ගැනීමට නම් සාක්ෂිකරුවන් විසින් පොලීසියට සිදුකළ ප්‍රකාශ විත්තියට ලබාදිය යුතු යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධිය සිදුවී වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මෙම සාක්ෂිකාර තරුණයාගේ ප්‍රකාශ තමන්ට පැමිණිල්ල විසින් ලබාදී නොමැති බව පැවසුවේය. 

සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශ නොමැතිව ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම තත්ත්වය සාධාරණ නඩු විභාගය නමැති සංකල්පය බරපතළ ආකාරයෙන් උල්ලංඝනය වන බවත් පැවසුවේය. 

දේශපාලන අවශ්‍යතා මත එක් එක් පුද්ගලයින් කේන්ද්‍ර කර ගනිමින් මේ ආකාරයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවත් මෙම සාක්ෂිකරුවගේ සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. 

සෙසු විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද මෙම විරෝධතාවයට සිය සහාය පළ කළේය.

එම විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේ, මෙම අනතුරින් පසුව අදාළ සාක්ෂිකරු දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා දුන් පසුව පුනරුත්ථාපනය වී දීර්ඝ ප්‍රතිකාර ක්‍රියාදාමයකට ලක් වූ බවය.

මොහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඔහුගේ රෝගී තත්ත්වය හේතුවෙන් එය කර ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සුලසිටර් ජෙනරාල්වරයා කියාසිටියේය.

මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂිකරුගේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැද්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, එවැනි ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවය.

සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් නොමැතිව වුවද ඔහුගේ සාක්ෂි මෙහෙයවීමට හැකියාව තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා එසේනම් විත්තියේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගෙන් ‍රකාශයක් සටහන් කරගෙන මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එම දැනුම් දීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැඩි විරෝධය පළ කළේය. 

මේ සිද්ධිය සිදුවී මේ වන විට වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබෙන බවත් එතරම් පැරණි සිද්ධියක් ගැන දැන් ප්‍රකාශ සටහන් කර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එවැනි සාක්ෂියක කිසිදු වටිනාකමක් නොමැති බවත් පැවසුවේය.

සිද්ධිය සිදුවී වසර ගණනාවකට පසුව සටහන් කරගන්නා ප්‍රකාශයක් තුළ බරපතළ ගැටලු මතු විය හැකි බවත් එවැනි ප්‍රකාශයක් මත මෙම නඩුව මෙහෙයවීම සම්බන්ධයෙන් බිත්තිය තරයේ විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමා කරුණු අධ්‍යනය කර අධිකරණයට දැනුම් දිමක් සිදුකරන බවත් එතෙක් වෙනත් සාක්ෂිකරුවන් තුන්දෙනෙකු මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 20 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සුදත් අස්මඩල යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදා හැර සිටින අතර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

SendShareShare
Previous Post

පළාත් සභා ඡන්දය තියනවාට බය ඒගොල්ලොද.. මේගොල්ලොද? ඡන්දෙ කල්දාන්න ගේම් ගහන්නේ ඒගොල්ලොද.. මේගොල්ලොද? විපක්ෂේ ඉන්න කොට ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවට ආවාට පස්සේ ඡන්ද නොතියන්න වංගු ගහන්නේ ඒගොල්ලොද… මේගොල්ලොද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

21 රැලියට මම යන්නෙ නෑ! ඒක මම පක්ෂයටත් දැනුම් දුන්නා! UNP එක එකතු වෙන්න ඕන සජබය එක්ක මිස පොහොට්ටුව එක්ක නෙමෙයි! නවීන් එළියට බහී! නුගේගොඩ රැලිය කට මුල තියා UNPය ඇතුළේ පිපිරීමක්! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.