මීට දින 5කට පෙරාතුව, එනම් නොවැම්බර් 14 වන දින අත්සන් කරන ලද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරයි.Sri Lanka Latest News
විශේෂ X පණිවුඩයක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ විනිවිදභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් සහ විශ්වාසය ගොඩනැගීමේ අරමුණින් මෙම පියවර ගත් බවකි.
එම X පණිවුඩයේ මෙසේ සදහන්ය.
‘විනිවිදභාවය විශ්වාසය ගොඩනඟයි. නොවැම්බර් 14 වන දින අත්සන් කර අද පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) පිළිබඳ අවබෝධතා ගිවිසුම – විනිවිදභාවය සහ විශ්වාසය සඳහා අපගේ හවුල් කැපවීම ශක්තිමත් කරයි. මෙම හවුල්කාරිත්වය ගැන අපි ආඩම්බර වන අතර, විශේෂයෙන් ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය හමුදා හුවමාරු සම්බන්ධයෙන් – අපගේ ජාතීන් දෙකටම ප්‍රතිලාභ ලබා දෙන සහ වඩාත් ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයට දායක වන SPP හරහා සහයෝගීතාව පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. 🇺🇸🤝🇱🇰 මාධ්‍ය නිවේදනය:











