• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම සමතයක් නෑ! නඩුව ඉස්සරහට අරන් යනවා! ගල්කිස්සේ උසාවි කේස් එක ගැන පොලිස් පොඩ්ඩාට එරෙහිව නීතීඥ වන්නිනායක තදින් සිටී! I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගල්කිස්ස උසාවි බිමේ පොලිස්-නීතීඥ ප්‍රශ්නය දුරදිග යයි! පොලිසිය නීතීඥ වන්නිනායකගේ ගෙදරට යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ නීතිඥ ගුණරත්න වන්නිනායක අතර ඇති වූ සිද්ධියට අදාලව තමන්ට සමථ විය නොහැකි බව නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ගල්කිස්ස අධිකරණය හමුවේ පැවසූවා.Sri Lanka Latest News

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසට ද නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් සමඟ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේ පසුගිය නොවැම්බර් 8 වන දින සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශවයම කැඳවා තිබුණද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නොපැමිණි බවයි.

පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මඟින් පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටිය හා බන්ධනාගාර බස් රථයේ ඇති කැමරාවෙන් පටිගත වී ඇති දර්ශන ඇතුලත් ඩී.වී.ආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටද විමර්ශන නිලධාරීන් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මියගෙන් ඉල්ලා සිටියා.

එහිදී සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා
වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා මෙසේ පැවසූවා.

“මැතිණියනි, සිද්ධිය වූ අවස්ථාවේදී එය පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට සමග සිද්ධිය පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතුයි.ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත ලබා නොදෙන්නේ නම් මෙම පටිගත කරන ලද තැටිද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අප විරුද්ධයි. රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙම සීඩී තැටි යොමු කරන්නේ නම් එය පොලිස් නිලධාරීන් විසින් නොව අධිකරණ නිලධාරියකු මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී විමර්ශන නිලධාරියා විසින් අධිකරණය හමුවේ මෙසේ පැවසූවා.

“මේ වනවිට පොලිස් කොස්තාපල්වරයා ස්ථාන මාරුවක් ලබා නුවර ප්‍රදේශයේ රාජකාරී කිරීම හා මෙම ජංගම දුරකථනය ඔහුගේ පෞද්ගලික දුරකථනය බැවින් එය රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු නොකළ අතර පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනය මගින් බාගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට තුනක් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.”

මෙම නඩුවට අදාළව එකී දර්ශන ඇතුළත් වීඩියෝ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වන බවත් අදාළ සීඩී තැටි හා ඩීවීආර් යන්ත්‍රය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් නම් කරන ලද අධිකරණ නිලධාරියකු විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට අදාළ ජංගම දුරකථනය ද පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් ඇත්තේ ද යන්න අධිකරණ නිලධාරියා මගින් එදිනම සංදේශයක් මගින් අධිකරණයට දන්වන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඒ අනුව සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට එරෙහිව ඇති නඩුව පෙබරවාරි මස 02 වන දිනට නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ඇති නඩුවේදී පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 10 වන දින බන්ධනාගාර අධිකාරිවරයාට කරන ලද නියෝගයට අනුව වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම අධිකරණය වෙත නොවැම්බර් 19 වන දින ලිඛිතව කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කමල් සිල්වා මහතා මෙසේ පැවසීය.

“පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් නුවර ප්‍රදේශයේ පොලිස් රාජකාරියේ නියුතුව සිටින හෙයින් ඉතාමත් ඉක්මනින් මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව කැඳවන ලෙසට ඉල්ලා සිටිනවා.”

ඒ අනුව එම නඩුව නැවත නොවැම්බර් මස 19 වන දිනට කැඳවීමට නියමිතයි.

SendShareShare
Previous Post

ජනාධිපතිවරයා එක්ක ප්‍රශ්න ගැන සාකච්ඡා කළා! ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට! දොස්තරලාත් සටන දිගටම අරන් යන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද 80 වැනි උපන්දිනය! මහින්ද කාලෙකට පසු එළියට එයි! ඉරාජ්-මිලින්ද එක්ක බයිතක්සලාවේ මුහුණට මුහුණ සාකච්ඡාවක් කරයි! අනුරට විශේෂ පණිවුඩයක් යවයි! අතීතයේ රහස් රැසක් එළියට දමයි! චෝදනාවලට උත්තර දෙයි! සමහර දේවල්වලට හක හක ගාලා හිනාවෙයි! උගන්ඩා කුමාරි ගැනත් විශේෂයෙන් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.