උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා තමිල් අරසු කච්චි පක්ෂය හට දිනයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව ලබන 19 දින හෝ 20 වැනි දින එම සාකච්ඡාව පැවැත්විය හැකි බව එම පක්ෂය වෙත දැනුම් දීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කටයුතු කොට ඇති බව පැවසේ.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා තමන්ට වේලාවක් ලබා දනෙ ලෙස තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණේ පසුගිය ජූලි මාසයේදීය.










