සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.Sri Lanka Latest News
රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.
දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.
මේ අතර පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ (10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට ආරක්ෂ අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හනියක් සිදුව නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන බව පවසයි.










