• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය ලොකු ගේමක් දෙන්න ලෑස්ති වෙන්න වගේ යන්නේ! ‘විශේෂ බළකායෙන්’ පැන්න හමුදා සාමාජිකයන් එකතු කරගෙන වෙනම ‘පාතාල යුනිට්’ එකක් හදාගෙන යනවා! I Sri Lanka Latest News

November 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ හිටපු ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජීව මහතා ඝාතන සැල­සුම ඇතුළු මිනිස් ඝාතන සහ අප­රාධ රැස­කට සම්බන්ධ ලොකු පැටී නමැති පාතාල අප­රා­ධ­කරු යුද හමු­දාවේ විශේෂ බළ­කා­යෙන් පළා­විත් සිටින සෙබ­ළු­න්ගෙන් සැඳු­ම්ලත් කණ්ඩා­ය­මක් සකස් කර­මින් සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි කර­ගෙන තිබේ.Sri Lanka Latest News

අතු­රු­ගි­රිය ටැටූ මධ්‍ය­ස්ථා­න­ය­කදී 2024 වසරේ ජූලි 08 දා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නෙක් ඝාත­නය කර­මින් එල්ලවූ වෙඩි ප්‍රහා­රය විදේ­ශ­යක සිට මෙහෙ­ය­වනු ලැබු­වන් අතර ද ‍ලොකු පැටී‍ගේ නම කියැ­විණි.

මාක­ඳුරේ මධුෂ්ගේ ගෝල­යෙක්ව සිටි ඔහු ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංග­ජීව ඝාතන සැල­සු­මට සම්බන්ධ වන්නේ එකළ මධුෂ් ඩුබායි සිට ලබා­දුන් කොන්ත්‍රා­ත්තු­ව­කට අනු­වය.

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 07 වැනි පාබල රෙජි­මේ­න්තුවේ වසර 02ක පමණ කාල­යක් සේවය කර සිටි ඔහු පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වෙක් ලෙස කුප්‍ර­කට වන්නේ රංග­ජීව මහ­තාට පිළි­ය­න්දල දී 2017 වසරේ මැයි 09 වෙනිදා එල්ල කළ වෙඩි ප්‍රහා­ර­යත් සම­ගිනි. වෙඩි­ක්කරු වූ ආමි අසිත රැගෙන පිළි­ය­න්දල යතු­රු­පැ­දිය පැදවූ‍වා යැයි හෙළි­වන්නේ ලොකු පැටීය. ඔහුට සහෝ­ද­ර­යෙක්ද සිටින අතර ඔහු පොඩි පැටීය. ඔහුද මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වෙකි.

රංග­ජීව මහ­තාට වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් මැදි­රි­ගි­රි­යේදී අත්අ­ඩං­ගු­ව­ට­ගත් ලොකු පැටී කාල­යක්ම බන්ධ­නා­ගාර ගතව සිටි­යේය.

ඇප මත නිද­හස ලැබී­මෙන් අන­තු­රුව හොර පාරෙන් රටින් පැන­ගත් ඔහු ඉන්දි­යාව, ඩුබායි ඇතුළු රට­වල් ගණ­නා­වක රැඳී සිටි­මින් මහා පරි­මා­ණ­යෙන් මත්කුඩු ජාවා­රමේ නිරත වෙමින් මෙරට අප­රාධ මෙහෙ­යවා තිබුණි.

ක්ලබ් වසන්ත ඝාත­නය වන විට ඔහු රැඳී සිට ඇත්තේ බෙල­රූස් රාජ්‍ය­යේය. ජාත්‍ය­න්තර පොලි­සිය මගින් නිකු­ත්කර තිබුණු රතු වරෙ­න්තු­වක් හේතු­වෙන් එරට ආර­ක්ෂක අංශ අත්අ­ඩං­ගු­වට පත්වූ ලොකු පැටී මෙර­ටට රැගෙන එන්නේ පසු­ගිය වසරේ මැයි 04 වැනි­දාය. මාස 03කට ආසන්න කාල­යක් රැඳ­වුම් නියෝග මත බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ රඳවා සිටි ලොකු පැටී පසුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය.

අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­ර­යක් බව සඳ­හන් බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින ඔහු ජංගම දුර­ක­ථන නිද­හසේ භාවිත කර­මින් මත්කුඩු ජාවා­ර­මත් සිය අප­රාධ ජාල­යත් මෙහෙ­ය­ව­මින් සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි­ක­ර­ගෙන තිබේ. ඒ බව හෙළිවී ඇත්තේ ලොකු පැටී මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගත් කළු සල්ලි සුදු කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගිය ඔක්තෝ­බර් 16 දා අත්අ­ඩං­ගු­වට ගත් ගන්දර කපුවා සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­ව­ලිනි. ගන්දර කපු­වාගේ බැංකු ගිණු­ම්වල රුපි­යල් කෝටි 33ක මුද­ලක් හුව­මා­රුවී ඇති බවත් එම මුදල් ලොකු පැටීගේ මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ මුදල් බවත් අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි­ක­ර­ගෙන තිබුණි.

කපු­වා‍ගෙන් හෙළිවූ තොර­තුරු මත ‍කෙරුණු වැඩි­දුර විම­ර්ශ­න­යේදී ලොකු පැටීගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ප්‍රධා­නියා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත්ව ඇත. විශේෂ බල­කායේ හිටපු සෙබ­ලෙක් වන ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ වළට වැටුණු තමාට දැන් ආපසු හැරෙ­න්නට කිසිදු ඉඩක් නොමැති බවය.

“ මට ගැල­වී­මක් නැහැ. ගැල­වෙන්න කැමැති උනත් ඊට ඉඩක් නැහැ. මාව මරල දායි. “ යැයි ද ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔහු පවසා ඇති බව සඳ­හන්ය.

තමාගේ දරු­වන් ජාත්‍ය­න්තර පාස­ල­කට යැවී­ම­ටත් දරු­වන්ට සහ බිරි­යට සැප­වත් ජීවි­ත­යක් ලබා­දු­න්නත් තමා ජීව­ත්වන්නේ ඒ අය ගැන මෙන්ම තමා‍ගේ ජීවි­තය ගැන බිය­කින් බව ද ඔහු පවසා ඇත. කොයි මෙහොතේ ‍වෙඩි උණ්ඩ­ය­කට බිලි­වේ­වි­දැයි නොදැන බියෙන් සිටින බව ද ඔහු පවසා තිබේ.

ලොකු පැටී විසින් විශේෂ බල­කා­යෙන් පළා­විත් සිටින සෙබ­ළුන් රැස්ක­ර­මින් සිටින බවට තොර­තුරු හෙළිවී ඇත්තේද ‍‍මෙම සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමු­වේදී බව සඳ­හන්ය. තමා විසින් දන්නා කියන හිටපු ‍සෙබළු පහ‍‍ලොස් ‍දෙ‍ෙනක් පමණ ලොකු පැටීට සම්බ­න්ධ­කර දුන් බව ද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති බව ආරංචි මාර්ග සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

කොහොමද ඒ අයට හිඟන්නන් කියන්නේ? මේකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? මේ පාර අයවැයෙන් රටේ දුප්පත් ජනතාව සහමුලින්ම අමතක කරලා! පාර්ලිමේන්තුව ඇතුළේදී අනුරට අද උත්තර දෙන්න කලින් විපක්ෂනායක සජිත් එළියේ ඉඳන් පොඩි එකක් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාතර මාලිමා උපසභාපතිගේ A/L කරන පුතා පොහොට්ටු නාගරික මන්ත්‍රීගේ පුතාට ඉස්පිරිතාලේ යන්නම ගහලා! මාලිමා උපසභාපතිගේ පුතා රිමාන්ඩ් කරන්න මහේස්ත්‍රාත්තුමා නියෝග කරයි! Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.