කුරුණෑගල නගර සභාව විසින් ඩෝසර් කරනු ලැබ ඇත්තේ දෙවන බුවනෙකබාහු රජුට අයත් රාජ සභා මණ්ඩපය නොව බුවනෙක නැමැති පුද්ගලයාට අයත් හෝටලයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
කුරුණෑගල පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා දෙවන දිනටත් කුරුණෑගල සංචාරය කළ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබදව රැස්ව සිටි ජනතාව කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.
මෙම හෝටලය තමන් එවකදී නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධනය කිරීමට උත්සාහ කළත් ඒ අවස්ථාවේදී මෙම හෝටලය ලබා නොදුන් බවද ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.










