නවදිල්ලියේ රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මෝටර් රථයක පිපිරීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
මෙම පිපිරීමෙන් ගින්නක් ඇති වූ අතර ඒ අසල තිබූ වාහන තුන හතරකට හානි සිදුවිය. දැන8 දෙනකු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම සිදුවීම දුම්රිය ස්ථානයේ ගේට්ටුව අංක 1 අසල සිදු වූ බව දිල්ලි ගිනි නිවන දෙපාර්තමේන්තුව ANI පුවත් ඒජන්සියට පැවසීය.
පිපිරීමෙන් පසු අගනුවරට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. පිපිරීමෙන් තුවාල සිදුවී ඇතැයි බිය වන බව PTI පුවත් ඒජන්සිය වාර්තා කරයි.
තවත් විස්තර බලාපොරොත්තු වන්න.










